සජිත්ගේ විරෝධතාවය ගැන පොලිස් පරීක්‍ෂණ ඇරඹේ.. කොරෝනා පතුරුවන්න කටයුතු කලාද..

May 21, 2020 at 11:20 am | lanka C news
සජිත්ගේ විරෝධතාවය ගැන පොලිස් පරීක්‍ෂණ ඇරඹේ.. කොරෝනා පතුරුවන්න කටයුතු කලාද..

කළුතර නගරයේ දී පෙරේදා දිනයේ සමගින් ජන බලවේගය විසින් එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාල උද්ඝෝෂණය පවත්වන ලද්දේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා නිදහස් කරන ලෙස රජයට බල කරමිනි.

ඇඳිරි නීතිය ඉවත් කර තිබුණු ද රට පුරා මේ වන විටත් නිරෝධායන නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවක අදාළ උද්ඝෝෂණය නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වා ඇති බවට එල්ලවන චෝදනා මත මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

අදාල උද්ඝෝෂණය සඳහා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී සිටියහ.

අදාල විරෝධතාව පොලිසිය විසින් ද වීඩියෝ කර ඇති අතර එම වීඩියෝ පට ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් පවතී.

නිරෝධායන නීති මේ වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා ඇත්තේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් වන අතර එම රෙගුලාසි උල්ලංඝනය කරන සියලු ක්‍රියාකාරකම් සැලකෙන්නේ කොරෝනා මර්දනය ට එරෙහි කටයුතු ලෙසයි.

433 views
Main News