සජිත්ගේ විවාද අභියෝගයට ගෝටා සූදානම්.. එකම කොන්දේසියයි..

October 26, 2019 at 4:40 pm | lanka C news
සජිත්ගේ විවාද අභියෝගයට ගෝටා සූදානම්.. එකම කොන්දේසියයි..

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මුහුණට මුහුණ විවාදයකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගය සලකා බැලීමට එක් කොන්දේසියක් ඉදිරිපත් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ විවාදයකට පෙර සජිත් ප්‍රේමදාස මහතා තනිවම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සංවාදයකට සහභාගි විය යුතු බව ඔහු සඳහන් කළේය.

වසර ගණනාවක දේශපාලනයේ යෙදෙන සජිත් ප්‍රේමදාස මහතා මේවන තෙක් රූපවාහිනී නාලිකාවක විවාසයකට සහභාගී වූ අවස්ථාවක් මතකයේ නැති බවද ඔහු පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විවාදයට පෙර තනිවම පුද්ගලික රූපවාහිනි නාලිකාවක සජීන සංවාදයක යෙදුණහොත් එම විවාදය සඳහා සලකා බැලිය හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එවන් විවාදයක් පැවතුනද එය කුමාරි අක්කා සහ ලතා වල්පොල අතර සිදුවන ගායනා තරගයක් ආකාරයේ වනු ඇතැයිද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

56 views

37 Comments to “සජිත්ගේ විවාද අභියෝගයට ගෝටා සූදානම්.. එකම කොන්දේසියයි..”

  1. JOHN says:

    සජිත් සපත්තු දාලලු මේස් දාන්නේ? ඉතින් කොහොමද?

    • හිච්චිමහත්තෙයා says:

      සපත්තු දාල ඊට පස්සෙ මේස් දාල ගස් ලබු කෑල්ලක් හෙම කාල තමයි බත් කන්නෙ- වෑංජන 5ක් 6ක් එක්ක!

  2. Buddhist says:

    If Gota is a honest person he would have given up his US Citizenship many years ago not just days before Election Commission called for nominations. His wife and Son has still not given up the citizenship. Further if Gota had the guts as the SLPP guys are claiming he would have appeared on the earlier independent debate where all the other Presidential Contenders were present.

Main News