සජිත්ගේ වේදිකාවේදීම ෆොන්සේකා සජිත්ට දාර ටොක්කක් අනී.. ‘ගෝටා ජනපති-සජිත් අගමැති වානා’ කියයි..

January 26, 2020 at 10:12 pm | lanka C news
සජිත්ගේ වේදිකාවේදීම ෆොන්සේකා සජිත්ට දාර ටොක්කක් අනී.. ‘ගෝටා ජනපති-සජිත් අගමැති වානා’ කියයි..

මහ මැතිවරණයෙන් ජය ගෙන ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එකට වැඩ කළ හැකි යැයි කියන සංකල්පය තමන් පිළිනොගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

එවන් ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් පවසන බවත් එය තමන් අනුමත නොකරන බව ඔහු සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැති හමුවකදීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මෙම උත්සවය පැවැත්වින.

කෙසේ නමුත් මෑතකදී සජිත් ප්‍රේමදාස මහතා ද අවස්ථා කීපයකදීම කියා සිටියේ මහමැතිවරණයෙන් ජය ගෙන තමන් අගමැති වී ගෝඨාභය රාජපක්ෂ මහතා සමග වැඩ කිරීමට සූදානම් බවයි.

තමන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා හොඳින් ගැළපෙන බව ද ඔහු කියා ඇත.

මේ අනුව ෆොන්සේකා මහතා අද දින වේදිකාවේ සිට දැඩිව විවේචනය එල්ල කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකටයි.

45,492 Viewers

11 Comments to “සජිත්ගේ වේදිකාවේදීම ෆොන්සේකා සජිත්ට දාර ටොක්කක් අනී.. ‘ගෝටා ජනපති-සජිත් අගමැති වානා’ කියයි..”

  1. Sam - Canada says:

    සරත් ෆොන්සේකා පිස්සෙකි. මූ කියන දේවල් පිස්සු කතාය​. මුගේ කතා ඇසීමෙන් අපිටත් පිස්සු හැදේ

    • Royal Fool says:

      ඔහු පිස්සෙක් උනත් කියපු කතාව ඇත්ත . එකවගේ අඳින නිසා සමානයි කියන්නේ අමු මෝඩයෙක් .

      • Nimal says:

        The fool is Sajith, Sam. At least in this case Fonseka is right. Sajith has a Siri Muka which always almost talks hilarious foolish stuff. He talks to the gallery not intelligent stuff as a future leader.

  2. Banda says:

    හොඳ වෙලාවට ෆොනියා 2010 ජනාධිපතිවරණය පැරදුනි. නැත්නම් රටම ඉවරය්.

    • සිරිසේන 2 says:

      මේ පාර සජියා දිනුවා නම් කොහොම තියෙය්ද?

      • සින්හල බන්ඩා says:

        සජියා දිනුවා නම්:- සජියා නමට ජනපති, ආර්යාව නිල නොලත් ජනපති!

  3. දප්පුල says:

    ෆොන්සේකා කියන කතාව හරි, පෑඩ් ප්‍රේමදාස හදන්නෙ UNP එකේ පවු ගෝට මාර්ගයෙන් හොදාගෙන ගෝටාගෙ ජනප්‍රියත්වයෙන් ගොඩ එන්ඩ.

  4. ලොලිපොප් මොංගල් says:

    අපි 200% ක් දන්නවා රදා කොල්ලාට දිනන්න බැහැ කියලා. කලවැද්ද කියන්නේ ඇත්ත වුණාට, ඒක කියන්නේ ගෝටත් එක්ක තියෙන තරහට සහ ඊර්ශියාවට. මුන් දෙන්නම එක වල්ලේ පොල්. දෙන්නම මෙලෝ රහක් නෑ. කිසිම ප්‍රතිපත්තියක්, චාරයක් නෑ.

    • රටට හිතැති says:

      උබ යුඑන්පී කාරයෙක් නේද? පොහොට්ටුවෙ කුලවාදය තියනව කියල පෙනවන්න ට්‍රයි කරන්නෙ.

    • MD says:

      Hariyatama Hari.

  5. SLCommunity says:

    Aaayeth mathaka hitina kaamak labei ena election ekedi. Kochchara paradunath lajjawak nane ethin. meyala hithagane inne rate mihinissu meyala kiyana okkoma piligannawa kiyalai

Main News