සජිත්ගේ සෙල්ලම් එලියට.. කෝටි 33ක රාජ්‍ය මුදල් ගැහිල්ලක් හෙලිවෙයි..

February 18, 2020 at 6:48 pm | lanka C news
සජිත්ගේ සෙල්ලම් එලියට.. කෝටි 33ක රාජ්‍ය මුදල් ගැහිල්ලක් හෙලිවෙයි..

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පසුගිය වසරේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තිස්තුනක් වැය කරමින් විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

නිවාස අධිකාරියේ එක් පුද්ලයකුගේ ඕනෑ එපාකම් මැද නිවාස ගම්මාන ඉදිකරන මුවාවෙන් ලක්ෂ ගණනක් වටිනා පෝස්ටර් මුද්‍රණය කොට ඒවා බෙදා හරින්නේ නැතිව නිවාස සංවර්ධන අධිකාරියේ පහත මාලයේ ගොඩ ගසා තිබෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුදත් අබේවර්ධන මහතා පවසයි.

එවකට රුපියල් කෝටි 33ක් වැයකොට නිවාස 5900කට ආසන්න ප්‍රමාණයක් ඉදිකර ඇති බවට තොරතුරු හෙළිවුවද එම මුදල ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස අරමුදලට බැර කළා නම් තවත් නිවාස 677ක් ඉදි කළ හැකි බවද පැවසෙයි. එදා ගම්මාන සෑදීමේදී අත්කම් නිවාස ගම්මානයක ගෙවල් 100ක් 150ක් වැනි ප්‍රමාණයක ගම්මාන ඉදි කළේ. නමුත් පසුගිය වසර හතරක කාලය තුළ ගම්මාන කියා ඉදි කළේ එක් ගම්මානයක උපරිමය ගෙවල් 25 කුත් අවමය ගෙවල් 07 කුත්ය.

එවැනි ගම්මාන එක්ක බැලුවොත් මේ ගෙවල් 677න් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රටේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීම සඳහා ගම්මාන 27ක් ඉදිකරන්න තිබුණා. නමුත් අද සිදුවෙලා තිබෙන්නේ නිවාස ඉදිකිරීම නොව තම සිහිනය ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ ක්‍රමයක්. නිවාස සංවර්ධන අධිකාරියේ මුද්‍රණාලයක් තිබියදී පිටස්තර මුද්‍රණාලවලින් පොස්ටර් මුද්‍රණය කිරීම. ආයතනයේ නෛතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙලා තිබෙනවාද. මේ මුද්‍රණාල හිමිකරුවන් කවුද, මුදල් ගිහින් තිබෙන්නේ කොහොටද කියා නිවැරැදි විගණනයක් කළොත් ආයතනයේ එක් පුද්ගලයෙක් ඇතුළු කොටසකට මේ මුදල් බැරවෙලා තිබෙනවා.

මේ පිළිබඳ ඒ අවස්ථාවේ හඬක් නඟන්නට බැරිවූවේ එවකට වේවැලක් අතින් ගත් අයෙක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පාලනය කළ නිසායි. එවකට මේ ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරියකු ලෙස සේවයට බැදුණු අයකු පියවරෙන් පියවර ඉදිරියට ගොස් සාමාන්‍යාධිකාරි තනතුරට පත්වී විශ්‍රාම ගොස් යළි මේ ආයතනයේ සභාපති ලෙස පත්වූයේය. එසේ පැමිණ තම අනසක පැතිරීම, මාධ්‍ය හැසිරීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාගේ සිට මේ සම්බන්ධයෙන් හඩ නැඟූ වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියලු දෙනාගේම වැඩ තහනම් කිරීම්, ස්ථාන මාරු කිරීම් හා ඔවුන්ට විරුද්ධව අභූත චෝදනා එල්ල කරමින් මර්දනකාරී ලෙස මේ ආයතනය කරගෙන ගියේය. එයට බියට පත්වූ සේවකයන් ඉදිරිපත්වූයේ නැහැ. ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා සේවකයන්ට, දිස්ත්‍රික් කාර්යාලවලට නියෝග ලබාදීලා තිබෙනවා.

මේ මාසේ මේ ඉලක්කයට අය කිරීම් ඉටුනොකළොත් මාසේ පඩිය ගෙවීමට නොහැකි වන බවට තර්ජනය කර තිබෙනවා. ආයතනයේ සේවකයන්ගේ ආබාධ ණය අවශ්‍යතා ඉටුකර නැහැ. සේවකයන්ගේ නිවාස ණය ලබාදී නැහැ. අතිකාල හා ගමන් වියදම් පවා කපා හැරලා. සේවක සුබ සාධනය ඉටු කර නැහැ. රටේ ජනතාවගේ නිවාස අවශ්‍යතාව ඉටුවී නැහැ. කිහිප දෙනකුගේ සාක්කු පුරවා ගැනීම සඳහා සහ එක පුද්ගලයකුගේ සිහිනයක් ඉටු කර ගැනීම සඳහා පසුගිය වසර හතර හමාර තුළ විශාල මුදල් අවභාවිතාවක් සිදු කර ඇතැයි ද ඒ මහතා මෙහිදී පැවැසුවේය.

– dinamina

27,347 Viewers

9 Comments to “සජිත්ගේ සෙල්ලම් එලියට.. කෝටි 33ක රාජ්‍ය මුදල් ගැහිල්ලක් හෙලිවෙයි..”

  1. 77 UNP says:

    ඔය ඉතුරුවෙලා තියන පෝස්ටර් තද ඝන කඩදාසියේ මුද්‍රණය කරලා තියෙන්නේ. ඒවා ඉතාම හොඳයි තුන්හුලස් බට්ටෝ රතින්ඥා හදන්න. වර්ණවත් පෝස්ටර්වල පින්තුර පැත්ත පිටතට හිටින්න හැදුවම හරිම ලස්සනයි. ළඟ එන මැතිවරණය වෙනුවෙන් වර්ණවත්, ඒ වගේම හොඳට සද්දේ තියන හොඳ මෝටරයක් සහිත රතින්ඥා පත්තුකරන්න කවුරුත් කැමතිවේවි. ඔය ඉතිරිවෙලා තියන පෝස්ටර් තොගය සුදුසු නීත්‍යානුකුල ක්‍රමවේදයක් ඔස්සේ කිඹුලාපිටියේ රතින්ඥා නිෂ්පාදකයන්ට ලබාදෙන්න.

    • buwa says:

      මරු අදහස. පත්තු කරන හැම රතිඤ්ඤයක් පාසාම පුතානෝගෙ පොටො එක කුඩු සංසාර වෙනවා. ආයෙ වස් කවි කියන්න ඕනෙ නෑ ! හික් !

    • kumdhar says:

      ඔබේ අදහස ඉතා කදිමයි.

  2. Duka says:

    මේ වගේ හොරකම් අපි හැමදාම නිවුස් වලින් දකිනවා නමුත් කාවවත් වැරදි කරුවන් කරලා නැ අනේ ! මෙමහත් නීතයක්

    • Angoda Buva says:

      ඔබ සමග සම්පුරණයෙනම එකඟයි. මේ රටේ නීතිය වල් වැදිල. ඒක එක එකාට ඕන විදිහට යොදාගන්න වේශ ගෑණියෙක් වගේ. පහුගිය ටිකේ හඬ පට වලින් ඒක හොඳටම පැහැදිලියි.

      අලුත් ජනාධිපති තුමාටත් ඒක පාලනය කරගන්න බැරි හැඩයි. හැබැයි ඉතිං ඒක එහෙමනම් මේ පාර 2/3 තියා 1/2 වත් නැතිවෙයි.

  3. Sugathan says:

    Kochchara kalath allapu horek netha

  4. kawinda says:

    me wage avabhaawithaa gehili kothekuth news wala pala unaada..? ko ? ewata kothanakinwath action aragena nehe.. gahapu eka e salli walin honda honda sellam dadaa innawa. pahugiya wvurudu paha thula salli gasaa ke janapathi agamethi mehi emathiwaru hema ekaagema pattanthare hoyala balala unge sesathama RAJASANTHAKA karala janathaawage prashna wisandanna.

  5. Sun says:

    Always we here stories of stealing and looting money incidents from our leading politicians without any fear of facing the people of the country. Even the people are used to these type of stories in common.How can we redirect our young generation away from these dirty politicians. I have noticed lot of crimes round the country as a result of bad examples by the leaders.

Main News