සජිත්ට ඇති ඉල්ලුම දෙගුණ වෙලා.. සිංහල-බෞද්ධ 40%ක් ආවොත් සජිත් දිනුම්..

November 10, 2019 at 4:40 pm | lanka C news
සජිත්ට ඇති ඉල්ලුම දෙගුණ වෙලා.. සිංහල-බෞද්ධ 40%ක් ආවොත් සජිත් දිනුම්..

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට රටේ ඇති ඉල්ලුම දෙගුණ වි ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා පස්වරුවේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති පොකුරු රැස්විමක් අමතමිණි.

මෙම රැස්විමේදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියේ.
අපේ රටේ අස්සක් මුල්ලක් නැ ඇරම අපි ගිහිල්ලා තියෙනවා, මම හරියටම සතියක් උතුරු මැද පලාතේ හිටියා, මහවැලි ගම්මාන වෙත ගියා සජිත් ප්‍රේමදාස මහතා ගැන තියෙන ඉල්ලුම දෙගුණ වෙලා.

අපිට සිංහල බෞද්ධ ජන්ද 40% අවශ්‍යයි, දමිල , මුස්ලිම් ජන්ද ආවොත් අපිට මේ ගේම් එක ගහන්න පුළුවන්.

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කර දෙන්න කියලා තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

සමහර දිස්ත්‍රික්ක වල අපිට අවාසි වෙන්න පුළුවන්,හැම දිස්ත්‍රික්කයක්ම අපිට දිනන්න බැ, විශේෂයෙන්ම නුවරඑලිය , මහනුවර , මාතලේ උතුරු නැගෙනහිර අපි දින්න්නේ බුරුතු පිටින්.

එකයි ජනාධිපතිවරණය අපිට වාසි වෙන්නේ, මහ මැතිවරණයක ජන්ද කැඩිලා යනවා,

එක්සත් ජතික පක්ෂය කුල ආගම් කිසිම භේදයක් නැ, අපි එක්සත් ජාතික පක්ෂය දිනවන්න පුළුවන් හොදම අපෙක්ෂකයා ඉදිරිපත් කරලා තියෙනවා.

– හැටන් රංජිත් රාජපක්ෂ

158 views

31 Comments to “සජිත්ට ඇති ඉල්ලුම දෙගුණ වෙලා.. සිංහල-බෞද්ධ 40%ක් ආවොත් සජිත් දිනුම්..”

  1. සිංහල බන්ඩා says:

    සජිත්ට සිංහලයන් ගෙන් ලැබෙන්නෙ 21% බව ඇල්පිටිය ප්‍රතිපල යෙන් පෙනුනා

  2. charles says:

    People who have forgotten last 5 years will vote UNP. ( who has no feeling for the country, religion). People who think about themselves (selfish).

  3. MD says:

    Dakkada Dakkada Minihage katawa.sinhala 40%k hamba wunath atilu.Anith sinhala 60% ballata giyath kamak naha api demala muslin gahanawa gema kiyana eka neda kiyanne.Paharayek.api denawada munta chande

Main News