සජිත්ට ඇති තරම් ප්ලැකනිල්.. ප්ලැකනිල් ලංකාවේ හදා පෙන්වයි..

November 26, 2020 at 12:00 pm | lanka C news
සජිත්ට ඇති තරම් ප්ලැකනිල්.. ප්ලැකනිල් ලංකාවේ හදා පෙන්වයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “ප්ලැකනිල්” යනුවෙන් පවසමින් කොරෝනා රෝගීන්ට ලබා දෙන්නැයි ඉල්ලූ “හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන්” ඖෂධය පළමු වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය අරඹා ඇත.

මීට පෙර ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය නොකළ ඖෂධ නිෂ්පාදනය කිරීමේ “අලුත් රටට-අලුත් බෙහෙත්” වැඩසටහන යටතේ නොවැම්බර් මාසයේ නව නිපැයුම ලෙස “හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන්” ඖෂධය එළිදැක්විණි.

රත්මලාන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SMPC) පරිශ්‍රයේ දී උත්සවය පැවැත්විණි. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහ SMPC සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ විසින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට ඖෂධය සංඛේතාත්මක ලෙස පිළිගැන්විණි.

රූමටික හන්දි රෝග සඳහා හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන් ප්‍රධාන වශයෙන් යොදා ගනී. කොවොයිඩ්-19 රෝගය සඳහා මෙම ඖෂධය ලබා දීමේ හැකියාව ගැන සොයා බැලුනද පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ඵලදායීතාවක් නැති බව ප්‍රකාශ කළේය.

SPMC ආයතනය පෞද්ගලික අංශයේ නිෂ්පාදන සහයෝගයෙන් ඖෂධය හදුන්වා දෙනු ලැබිණි. “ප්ලැකනිල්” යනු ප්‍රංශ බහුජාතික සමාගමක් නිපදවන හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන්” ඖෂධයේ මිල අධික වෙළද නාමයකි.

– repoter

88,547 views

15 Comments to “සජිත්ට ඇති තරම් ප්ලැකනිල්.. ප්ලැකනිල් ලංකාවේ හදා පෙන්වයි..”

  1. Hi says:

    ඇයි සජිත් විතරක්.ඔය මහාචාර්ය තුමත් කීවේ ඒකම.
    දෙන්නටම ඇති තරම් බඩු!!
    …..කොහොම උනත් සතුටුයි.
    අපේ රටේ නිෂ්පාදන. සිරිලක දේ සිරි සැප දේ…
    ඔහොම යමු ඔහොම යමු….

    • පැකනිල් පෑඩ් සජිත් says:

      උස සිකුරුටි මිටි කම්කරු ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑශ් බෝර්ඩ් අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහසහ බිල්ෆි…

  2. Thiva says:

    එක එක අයව විහිලුවට ලක් කර කර හිටියට, දැන් දිනපතා කොරෝනා නිසා මිනිස්සු මිය යනවා.. තවත් විහිලු කර කර හිටියම හරි.. මෝඩ හරක්..

  3. Buuwa says:

    So Saji Putha was right. ….😉😉

  4. Kamal Italy says:

    Thiva උඹ වගේ මෝඩ හරක් තමයි ගොන් සජියගේ ගොන් කතා වලට හුරේ දාල තව තවත් ඌව චුන් කරන්නේ එතකොට තමයි ඌට කියවෙන්නේ රෑට රෑට උඹලගේ ගෙදර ඇවිත් ජනේලෙන් එබිල බලනවා උඹයි හාමිනෙයි මොකද කරන්නේ, කොහොමද කරන්නේ කියලා, පව් බං කියාදීපන් කොරන විදිය

    • Banda says:

      මධ්‍යස්ථ මතයක් ගන්න මිනිස්සුන්ට බුද්ධියක් නැති හැටි. හැම මගුලම දේශපාලන කණ්නාඩියකින් බලන්නේ.

    • ක්‍රිමිනල් says:

      සරම උස්සන් ඉළුක් ගාලක දුවනවා කිව්ව අපේ මේ නෝ කැපෑසිටි පැකනිල් පෑඩ් සජිත් ද?

    • රට වෙනුවෙන් අපි says:

      දැනුවත් වුණා. ස්තුතියි!

  5. Andiris says:

    උඹ වගේ මෝඩ හරක්

  6. අමල් says:

    දැන් ඉතින් ප්‍රියන්ත බෙල්ලනයි, රවි කුමුදේශ්යි රෙද්ද උස්සගෙන එයි. මේ ඩබලට තමයි රාජිත කොන්ත්‍රාත්තුව භාර දීල තියෙන්නෙ ලංකාවේ බෙහෙත් හදනවට විරුද්ධ ව මඩ ගහන්න කියලා

  7. Chatura putha says:

    ප්ලැකුනිල් නැත්නම් හයිඩ්‍රෝක්සි ක්ලෝරෝකුයීන් දෙන්න කියල මුලින්ම නිර්දේශ කලේ මහැදුරු සජිත්. ඕකෙ ගෞරවය සජිත්ට දෙන්න.එහෙම කරන්න බැරි නම් ඕක රෑට රෑට ජනෙල්වලින් එබිල හැම ගෙදරකටම බෙදන්න එයාට බාර දෙන්න​.

  8. සිරිල කදේ says:

    සජිත් කලින් Fox News එකේ ඕක දැම්ම ගමන්ම මහාචාර්ය තුමා කිව්වේ මෙන්න බෙහෙත කියල.
    ඊට පස්සේ තමා පුතාණෝ එංගලන්තෙන් බ්‍රෑන්ඩ් නේම් එකක් හොයාගෙන කිව්වේ.