සජිත්ට එජාප අපේක්‍ෂකත්වය දිය යුතුයි.. සජිත් වෙනුවෙන් ගම්මන්පිල පෙරට..

September 22, 2019 at 10:40 am | lanka C news
සජිත්ට එජාප අපේක්‍ෂකත්වය දිය යුතුයි.. සජිත් වෙනුවෙන් ගම්මන්පිල පෙරට..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

අපේ පිලේ ඇතිවුණු ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහනය එක්සත් ජාතික පාක්ෂිකයන්ට ද හිමිවිය යුතුයි. අපේ පාක්ෂිකයන් බහුතරයකගේ ඉල්ලීම වුණේ අපේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වියයුතු බවයි. ඒ බහුතර ඉල්ලීමට අපේ පැත්තෙන් ඉඩ හිමිවුණා.

එමෙන්ම එජාපයේ බහුතරයේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස මැතිතුමා නම් එතුමාට අපේක්ෂකත්වය ලබා දිය යුතුයි. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකයි අපේ විශ්වාසය.

දන් දීම ඇරඹිය යුත්තේ ඔබේ නිවසෙනි කියලා කියමනක් තියනවා. ඒ වගේම අපිත් කියනවා එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹිය යුත්තේ සිරිකොතෙනි කියලා.

එක්සත් ජාතික පක්ෂ සිටින මගේ පරණ මිත්‍රයා ගරු පාච රණවක ඇමතිතුමා කියනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී පිළයි මේ ලංකා දේශපාලනයේ සිටින කියලා.

පුංචි ඡන්දය වසර තුනක් තිස්සේ කල් දාපු, පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දාපු, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී ජනාධිපතිවරණයද නැතිකිරීමට උත්සාහ දරපු, පක්ෂය තුළ සිටින ජනප්‍රියතම පුද්ගලයාට ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලබානොදෙන, වසර 25ක් එකම පුද්ගලයා නායකත්වයේ එල්ලී සිටින, පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී පිල ලෙසින් හඳුන්වා දීමට පාච රණවක ඇමතිතුමාට ලැජ්ජා නැද්දැයි අපි ප්‍රශ්න කරනවා.

මෙවැනි ප්‍රකාශ කරනවා නම් ඇඳුම් උනා දමා පැමිණෙන්න කියලයි අපට එතුමාට කියන්නට වෙන්නේ.

– අරවින්ද අතුකෝරල

 

56 views

9 Comments to “සජිත්ට එජාප අපේක්‍ෂකත්වය දිය යුතුයි.. සජිත් වෙනුවෙන් ගම්මන්පිල පෙරට..”

  1. PULATHISI says:

    ගම්මන්පිල මන්ත්‍රීතුමා ඇඳේ වැරදි පැත්තෙන් බැහැල ද?
    ඌඑන්පීල ඒව කරගත්තදෙන්. ඔබ කතාකරන්නේ 2015 සිට සමූහ දූෂණයට ලක්වුනු මහා ප්‍රජාතන්ත්‍රවාදය නමැති ගඳගහන කඩතුරාව ගැනද? එය දූෂණය කිරීමට සජිත් පිලේ අයත් එකතුවුනා. ඒව තමයි ඔය දැන් ආපහු කැරකිල තියෙන්නේ. ඒ නිසා යමක් කියන්න කලින් දෙවරක් හිතා බලන්න.

  2. kawinda says:

    epa.. epa.. andum nam galawanna ida denna epa. use tharamata mole nethi bawa danna minissu arawa mewath use tharamata nehe kiyala denaganivi bro.

  3. Saradiel says:

    .. හොටු ගෑනි දීලා කැහී ගෑනි ගෙනාව වගේ ඔක්කොම එකම අච්චුව තමයි.

  4. sunimal says:

    අනුර පරද්දන්න සජිත් සුදුසුයි

  5. Sarath says:

    තමුන්නනාන්සේ වාසි පැත්ත බලලා දෙකට නැමෙන එකා. එජාපෙ එව්ව බලා ගනී. කියන්න දෙයක් නැත්තං කට වහගෙන හිට.

  6. අපිට කියල රටක් නැතේ says:

    තමන්ගෙ දෙයක් කරගෙන පාඩුවේ ඉන්නැතිව පොහොට්ටුවෙන් එලියට බැස්සොත් ඩිමෝ බට්ටෙකුටවත් සෙනග නැති හෙළ උරුම කෙරුවාව.සජිත් තියා පියානෝ නැගිටලා ආවත් දිනන්නැත්තෙ උන් විසින් රට විනාශ කරපු සමගියක් නැති යහපාලන වැඩපිළිවෙලයි.

  7. දිනූෂා පෙරේරා says:

    ගම්මන්පිල පෙන්වන්නේ එජාපයේ ජනප්‍රියම අපේක්ෂකයාට පොහොට්ටුව බය නැති බවයි. සජිත්ව පරාජය කිරීමට ගෝඨාට හැකි බවයි. ඒකවත් නොතේරෙන මෝඩයෝ රැලක් මේකේ කමෙන්ට්ස් දාලා තිබෙන්නේ

Main News