අරලිය සාකච්චා අවසන්.. එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත්..?

September 11, 2019 at 12:02 am | lanka C news
අරලිය සාකච්චා අවසන්.. එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත්..?

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

සාකච්චාවට සහභාගී වූ ඇමති මලික් සමරවික‍්‍රම මහතා කියා සිටියේ සාකච්චාව අවසන් අදියරට නොගිය බවයි.

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඊයේ දින සාකච්චාවේදී අවසන් තීන්දුවක් ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියේය.

කෙසේ නමුත් කිසිදු එකඟතාවකින් තොරව එම සාකච්ඡාව අවසානයේ ඇත.

මේ ගැන සජිත් ප්‍රේමදාස මහතාගෙන් මාධ්‍ය විසින් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සාකච්ඡා කලේ ඉදිරි දේශපාලන කටයුතු ගැනත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජාතික පෙරමුණ ගැන බවත්ය.

සාකච්චාවෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී සමාජ ජාලා පිටු විසින් සදහන් කරමින් ඇත්තේ ඉදිරි දින කිහිපයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබෙන බවයි.

නමුත් රනිල් පාර්ශවයෙන් ඒ බව කිසිදු තහවුරු කිරීමක් සිදු කල නැති අතර මෙම සාකච්චාව පැවැත්වුණෙම ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට කියමිනි.

කෙසේ වෙතත් පසුගිය සතියේදී අගමැතිවරයා විසින් එජාප ජ්‍යෙෂ්ඨයන්ට දන්වා තිබුනේ තමන් මීලග ජනාධිපතිවරණයට තරග වදින බවත් ඒ සදහා කාත්‍යාධිකාරියේ බහුතර බලයද තමනට ඇති බවත්ය.

97,177 Viewers

12 Comments to “අරලිය සාකච්චා අවසන්.. එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත්..?”

  1. අංකූරා says:

    අපි මේ ගැන මොකවත් නොකියා ඉමු නේ !!.
    ඒ ගොල්ලෝ බේරාගනී නේ !!.

    • dan says:

      සජිත් ආවොත් ගෝටාභය පරදිනවා ඒ නිසා කොහොම හරි රනිල් කරු වගේ කෙනෙක් ඕකට දම්ම ගන්න ඕන

      • ඉතිං රනිල් ට පුලුවන්නෙ සජිත්ව දාලා ගෝටව පරද්දගෙන අගමැති වෙන්න. ඇයි රනිල්ට ඕනෙත් ගෝටව දිනවන්න නිසාද සජිත්ට ජනාධිපති අපේක්ෂකකම නොදෙන්නෙ?

  2. Fedrick Krishan senarath says:

    යුඑන්පි එකේ නායකයෝ පිස්සු කෙලිනවා පාක්ෂිකයන් අනාතවෙලා ඉන්නවා හැමදාම සජිත් පස්සේ යන බනානා සුජියා බස් හොල්ට් අජිත් බයිලා කිය කිය යනවා කබීර් පිස්සු කියවනවා සජිත් දැන් ජනාධිපති වෙලා ඉවරයි නිකමටවත් ඉල්ලලා පැරදුණොත් මගේ වයිෆ්ගේ වාට්ටුවට තමයි ඇඩ්මිට් කරන්න වෙන්නේ පිස්සු හැදුනම කුරුණෑගල ෂාපි ඩොකාගේ නැදැයෙක් ඇඩ්මිට් කලා එවගේ මගේ වයිෆ්ගේ වෝඩ් එකට සජියා එන එක අහන්න දෙයක්ද දැනටත් පිස්සු කෙලීන නිසා

    • Amarabandu says:

      ane lassana adara kathawak. Ledekui, ledata beheth karapu Doctorai banda kiwwama hari lassana adara kathawak thiyenna athi

  3. desta says:

    sajith kondak neha meka kohomada rata hadanne me mona higannekda kelin tiranayak ganna beha rata karanna kalin konda hadaganin

  4. මෙයා එක්ක සාකච්ඡා කරල එකගතාවයකට එන්න පුලුවන් ඇ.තා. නෝනට විතරයි. මොකද රනිල් අහන්නෙ ඇමෙරිකන් මාස්ටෙර් කියන දෙයක් පමණයි. අනික් ඕනැ කෙනෙක් රනිල් හාමු ඉදිරියෙ දූවිල්ලක් ගානටයි වැටෙන්නෙ. විශේෂයෙන් සජිත්ගෙ ජාතියෙ අය. සොරි සජිත්. ඔයාට මොන පැත්තෙන් බැලුවත් සුදුසුකම් නෑ රටේ නායකයා වෙන්න. නයිස් ට්‍රයි..ඔහොම යන ගමන් තමන්ගෙ තරම තේරුම් ගෙන වැඩ කරන්න.

  5. ajith says:

    එතුමා සාපෙළ සමත් වුනානම් තවත් හොඳයි . රෝයල් ගිය නිසා ප්‍රතිපල අවශ්‍යත් නැහැ .රනිල් එතුමාට මුලින් දුන්නේ නියෝජ්‍ය සවුක්ය ඇමති කම විතරයි . අනිත් සියලු දේ මේ විදියට තමයි අරගත්තේ

  6. sirimal says:

    Candidate 1 : Lieutenant Colonel Nandasena Gotabaya Rajapaksa, RWP, RSP, psc
    Candidate 2: Sajith Premadasa OL FAIL(ROYAL COLLEGE)

  7. prabath says:

    Meka ranilage gemak Sajith promot karanna ,Balanne medawaswala hama news ekakama megana kathakaranne…Ibema mekata pubycity eka labenawa.Anithima mohothe Sajith ge namadai…

  8. පබා says:

    මේකා රෝයල් ගිහිල්ලත් සාපෙල ෆේල් උනේ මන්ද බුද්ධිකභාවය නිසා මිස වෙන කුමකටද?

Main News