සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලා බලෙන් ගන්න යයි..

December 5, 2019 at 10:12 pm | lanka C news
සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලා බලෙන් ගන්න යයි..

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා නොදුනහොත් එය බලහත්කාරයෙන් ලබා ගැනීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීම සඳහා වන සතියක කාලයක් වත්මන් නායකයාට ලබා දී ඇතැයිද ඔහු සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායම සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය අමතමිනි.

මේ අතර වාර්තා වන්නේ මෙම කාලයේදී එජාප නායක තනතුර ලබා නොදුනහොත් එය ලබා ගැනීම සඳහා පක්ෂ මූලස්ථානය වැටලීමටද එම කණ්ඩායම සූදානමින් සිටින බවයි.

16,019 Viewers

5 Comments to “සජිත්ට එජාප නායකත්වය නොදුන්නොත් සිරිකොත වටලා බලෙන් ගන්න යයි..”

  1. පද්මිණි මොරවක says:

    මෙහෙමයි, UNP තරුණ මන්ත්‍රී කැරලිකරුවන් පිරිසක් මාෆියාවක් බවට පත් වෙලා. රනිල් සහ ජ්‍යෙෂ්ටයෝ පන්නලා සජිත්ව පත් කරන්නේ සජිත්ටවත්, UNP එකටවත් තියෙන ආදරේට නොවෙයි. අර ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලිලා JR යටතේ විරාජමානව හිටියා වගේ මේ අයට රනිල් ඇතුළු ජ්‍යෙෂ්ටයෝ පන්නලා සජිත් යටතේ ඒ පැරැන්නෝ හිටියා වගේ ඉන්නයි ඕන, ඇයි දැන් ඉන්නේ මධ්‍යම තනතුරුවලානේ. රනිල් කෙලින් වැඩ කරන නිසා මුන්ට ඒ මනුස්සයා ඇහේ කටු අනිනවා වගේ. මේ කැරලිකරුවෝ තමයි සජිත්ටත් පස්සේ කොටන්නේ. අන්තිම කෙලෙහි ගුණ නොදත්, ආත්මාර්ථකාමී දුර්ජනයෝ. උන් උන් මරා ගන්න දවසක් එනවා, එතකොට රනිල්ලා, රවීලා, ජෝන්ලා, වජිරලා, අකිලලා පක්ෂෙන් ගිහිල්ලා. තව අවුරුදු 20ට UNP එකට ආත්මයක් නැහැ එන ඔක්කොම චන්ද ලාංතරස් වෙන්න පරදිනවා. රනිල්ව තියාගත්තොත් ආත්මයක් තියෙනවා.

    • Janaka from Matara says:

      UNP needs leaders with a brain, a backbone & a set of fresh ideas/strategies.
      Sajith fails on two, if not all, of them. When some of the so-called Ranil loyalists managed to win their electorates (or lose by relatively smaller margins), Sajith and his key lieutenants lost big.
      What is wrong with people like Buddhima Pathirana, Wajira, Fonseka? – who became who they are because they have what it takes – not because their fathers were big. I would add Hirunika, Naveen etc etc too. But that first group already have proven themselves beyond any doubt.

    • hila says:

      රනිල් කියන්නෙත් ආත්මයක් නැති, ජාතියක් ජම්මයක් නැති, ආගමක් දහමක් නැති, දරුවෙක් මල්ලෙක් නැති උන්මත්තක හාල්පාරුවෙක්නෙ.

    • Me says:

      Look where Harin is keeping his left hand!😂😂😂😝

  2. UNPer says:

    Kanahilo donot insult our leader

Main News