සජිත්ට තවත් පොල්ලක්.. නව නායකයා පත් කිරීම මැතිවරණයෙන් පසු.. මැතිවරණය දිනා පෙන්වන්න වෙයි.. එතෙක් රනිල්මයි..

December 10, 2019 at 2:10 pm | lanka C news
සජිත්ට තවත් පොල්ලක්.. නව නායකයා පත් කිරීම මැතිවරණයෙන් පසු.. මැතිවරණය දිනා පෙන්වන්න වෙයි.. එතෙක් රනිල්මයි..

එක්සත් ජාතික පක්ෂයේ නිත්‍ය නායකත්වය මීළඟ මහ මැතිවරණයෙන් පසුව නම් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

මෙම තීන්දුව ගෙන ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසකගේ හමුවකදීය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට පක්ෂයේ ජේෂ්ඨයන් ගෙන් යුතු නායකත්ව මණ්ඩලයක් පත් කර ගැනීමට ද පක්‍ෂය ජයග්‍රහණය කරවිය හැකි අයෙකු නායකත්ව මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කර ගැනීමටද එහිදී තීන්දු වී ඇත.

මෙම තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ද තීරණය කර තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම විසිවැනි දින විදෙස්ගත වීමට සැලසුම් කර ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ඉල්ලා ඇති ආකාරයට පක්ෂයේ විශේෂ සම්මේලනයක් පැවැත්වීමට ඊට පෙර නොහැකි තත්වයක්ද උදා වී ඇත.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයද තරග වදින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් බවයි.

172 views

9 Comments to “සජිත්ට තවත් පොල්ලක්.. නව නායකයා පත් කිරීම මැතිවරණයෙන් පසු.. මැතිවරණය දිනා පෙන්වන්න වෙයි.. එතෙක් රනිල්මයි..”

  1. Porak says:

    බල ලෝබී දුශ්ට වයෝවෘද්ධ සමනල් රජාට පයින් ගසා තමන්ට කැමති මිනිස්සු එක්ක අලුත් පක්ශයක් ගොඩ නගා ගමනක් යන්න බැරි සජිතගේ පිට කොන්දේ scan එකක් කරගත්තොත් නරකද …..නොදකින් කෙලින් තීරනයක් ගන්න බැරි එකාට මොන දේශපාලනයද…

    • hila says:

      අලුත් පක්ෂයක් හදන්නෙ මොංගල්, කුනු දතා, කරුංකා, අම්මට ඩිජිටල්, නරිඇල්ල, ගොංජා, අප්පච්චි මලෝ, කලවැද්දා වගේ එවුං එක්කද ?

  2. kamal says:

    දේශපාලන සන්ධිස්ථානයකට අපි ඇවිල්ලා ඉන්නවා අපට ඔන සිංහල නිතිය (රෝම ලන්දේසි වෙනුවට) හා ගොවිගම තලෙයිබාන්කම වන නිකාය බේදය නැතිවිය යුතුයි ශාසනය තුල. ඒ වගේම කමල් අගමැති කරන්නෙ නැත්තෙ මහින්ද හින්දා හැබයි කථානායක කල යුතුයි. ඒ සදහා යොදාගත යුත්තෙ කමල්ගෙ නමේ සංකේතය වන නෙලුම් පොහොට්ටුව මිසක් පුටුව නෙවෙයි. මිට කමල් හා කිරිබත්ගොඩ හිමි. කමල්ගෙ සුදුසු කම අහයි කථානායක කමට සෝවාන් හා වරලත් ප්‍රමාණ සමික්ෂකයෙක් හා උපාධියක් තියෙනවා ක්‍රිඩාවෙන් ලංකාව නියෝජනය කර කිර්තියක් අත් කර දි තියෙනවා. නමුත් කමල් ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය නියෝජිතයෙක් නොවේ එයට හේතු තියෙනවා ඒක තමයි සත් පුරුෂ ආශ්‍රය මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි හා කමල් හෙවත් අජාසත්ත කුමාරයා හා දියසෙන් කුමාරයා

  3. HooNP kaaraya says:

    Ranil surely knows that next general election cannot be won even the Son of God Sakkaraya , Wayima lead the party.
    He is that type of Cunning Fox to take any action as his will and wish to keep the leadership ever!

  4. සරා says:

    මම මුල ඉදලාම කිව්වෙි පවු ‌ෙමෝඩ සජිත් දුවන ‌ෙකෝච්චියට බලෙන් ‌ෙබෙල්ල තියන්න යනවා කියලා.දැන් ඒක උා.වැඩෙි කියන්නේ ‌ෙදෙවැනි පාරටත් දුවන ‌ෙකොච්චියට ‌ෙබෙල්ල තිව්වා

  5. කොරලෙ says:

    මේ පොන්ටිං ට තේරෙන්නේ නැහැ .රනිල් හොද සජිත්ට වඩා. සජිත් අසාර්ථකයි. සජිත් අසාර්ථකයි. සජිත් අසාර්ථකයි. සජිත් අසාර්ථකයි. සජිත් අසාර්ථකයි. සජිත් අසාර්ථකයි. කොච්චර කරත් සජිත් අසාර්ථකයි.

  6. Ga says:

    Dasayage moda harakata
    Tavat pissu vadivenava
    Banku hora
    muva bite karana…

  7. MD says:

    Ranilta october 27 agamati kama natiwuna welawe hitiye loku kampanayakin.namuth me sare ganak wath natte sajith paradina eka satutak wuna ohuta.mokada eya balahath karayen apekshaka gatte.me sare giya sareta wada paradinawa aniwa.

  8. Modapala says:

    ඇත්ත.එක පොල්ලකින්නම් වැඩක් නෑ.
    ඒත් මේ පේමදාසගෙ පුතා උපන්නෙම ජනාධිපති වෙන්න නිසා අළුත් පොල්ලෙන් වැඩ ගන්නවා.