සජිත්ට තවත් බාල්දියක්.. එජාප සන්ධානයේ ලේකම් ධුරය රවිට..?

February 1, 2020 at 2:10 pm | lanka C news
සජිත්ට තවත් බාල්දියක්.. එජාප සන්ධානයේ ලේකම් ධුරය රවිට..?

ඉදිරි මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබා දීම සඳහා සැලසුමක් ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එහි අරමුණ වන්නේ මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුව නම් කිරීම හා මැතිවරණයෙන් පසුව ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර උවමනා පරිදි ලබා දීම බවත් ඔහු පවසයි.

මෙවර පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායමට ආරාධනා කර තිබුණේ එතරම් වුවමනාවකින් නොවන බව පෙනී ගිය ද ඔහු කියයි.

29,392 Viewers

9 Comments to “සජිත්ට තවත් බාල්දියක්.. එජාප සන්ධානයේ ලේකම් ධුරය රවිට..?”

  1. Janaranjana says:

    රාජිත වජිර රවි තිදෙනාම මහින්දගේ ඉත්තෝ තිදෙනෙක්. මේ තුන්දෙනාම යූ ඇන් පී චන්ද වලින් දිනල මහින්දට හේත්තුවෙලා තනතුරු ගන්ඩ සියලුම කටයුතු කර අවසන්. මේ තක්කඩින්ගේ අමන වැඩ මේ මෝඩ හරක්ට නොතේරෙන එකයි කනගාටුව.

    • පොදු ජන පෙරමුණ says:

      පොහොට්ටු ආණඩූවේ පැත්තකටවත් අපි එන්ඩ දෙන්නේ නැහැ

    • MD says:

      oya news eka oyama hadapu ekak.oyalage prashna ape mahinda mahathayage A/C ekata damanna epa.ewa Hariyata kuhakayange(JVP)wada wage.

    • rita says:

      3% labune, ubalata lajja nadda ban,tawat pacha wapuranne.

  2. බන්ඩා says:

    ලෝකයේ හොඳම මුදල් ඇමටි හොඳම ලේඛම් වනවා. නියතය්. 🤣

  3. Gs says:

    Apita Happppppyyyhy.
    Ali choooooookp
    Gunp dinanavaaaaa.
    Huuuuuu.

  4. gamarala says:

    සජිත් නයාට ගහලා පොල්ල වරද්දගෙන දැන් ඉතින් අබසරණයි

  5. Cosmic ray says:

    ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි වරුන් පත්කිරීමේ මුලික පරමාර්ථය වුයේ මජර දේශපාලනයට පිවිසීමට අකමැති උගතුන් හා බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත් කර ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් සංවර්ධනය සඳහා දායක කර ගැනීමයි. එහෙත් එම අරමුණ කොතෙක් දුරට ඉෂ්ට සිද්ධ වුයේදැයි අමුතුවෙන් පැහැදිලි කිරීම ගහ දන්නා අයට කොළ කඩා පෙන්වීමකි. විශේෂයේ රනිල් සිරිසේන බාන ජාතික ලැයිස්තුවෙන් පත්කළ පත්කළ අමනයන් රැල මහජන සම්පත් කා දමමින් රටට කල විනාශය සුළු පටු නොවේ. මහජනතාව ප්‍රතික්ෂේප් කල පුද්ගලයන් ජාතික ලැයිස්තුවෙන් පත්කර ඉන් නොනැවතී ඇමතිකම් ලබාදීමෙන් චන්දදායකයාගේ තිදුවට පයින් ගසා ජනතා පරමාධිපත්‍ය ගැන කතා කිරීම විහිළුවක් නොවේද? චන්ද 5000ක් ගත නොහැකිවූ පුද්ගලයෙක් තිස් අවුරුද්දක තිස්සේ ඔඩු දිවූ යුද්ධය නිම කල නායකයා හතර කොනේ එල්ලීමට කටමෑත දොඩවන අතර ඔහුව ජාතික ලයිතුවෙන් පත් කල නායකයා පලවා හරිය යුතු යැයි පවසයි. රටට ද්‍රෝහී බලවේග වල උවමනාවට සමස්ත පාලන තන්ත්‍රය ව්‍යවස්ථා මර උගුලක හිර කල අනාචාරියෙක් රටේ තව දුරටත් සිටිනු නොහැකිව පසු ගියදා රටෙන් පැන ගියේය.
    දේශපාලුවන්ගේ එහෙයියන් හා පක්කලියන් පස්සා දොරින් පාර්ලිමේන්තවට රින්ගවා වෙනත් කිසිම ජන කොට්ඨාශයකට නොලැබෙන දීමනා හා වරප්‍රසාද ලබා දෙමින් මහජන මුදල් කාබාසිනියා කිරීම කොතෙක් කල් කල හැකිදැයි කලපනා කිරීමට කාලය එළඹ තිබේ. පිරිමි නර්ස් කෙනෙකුට වඩා උගතෙකු,බුද්ධිමතෙකු සොයාගත නොහැකි නායකයන් සිටිනා රටක ජාතික ලැයිස්තු ක්‍රමය වහාම අහෝසි කල යුතු නොවේද? ජනතා පරමාධිපත්‍ය සියල්ලටම වඩා උතුම් නම් ජනතාව විසින් චන්දයෙන් තෝරා එවන මන්ත්‍රීවරුන් හැරෙන්නට ඊනියා නායකයන්ගේ උවමනාවට වෙනත් කිසිවෙකු පාර්ලිමේන්තුවට පත් නොකළ යුතුය.

Main News