සජිත්ට තීරණාත්මකම පාර්ශවයේ සහාය නොලැබේ.. ඔවුනගේ සහාය රනිල්ටයි..

September 16, 2019 at 9:20 am | lanka C news
සජිත්ට තීරණාත්මකම පාර්ශවයේ සහාය නොලැබේ.. ඔවුනගේ සහාය රනිල්ටයි..

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරන සජිත් පේ‍්‍රමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නොලැබෙන බවත්, එම සන්ධානයේ සහාය හිමිවන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බවත් එජාප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවැසීය.

උතුර – නැගෙනහිර පළාත් සඳහා බලය බෙදීම සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වීම සහ පළාත් සභා ක‍්‍රමය සම්බන්ධයෙන් පේ‍්‍රමදාස මහතා සතු සෘනාත්මක ආකල්පය නිසා පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය ප‍්‍රකාශ කර ඇත.

දෙමළ ජාතික සන්ධානය තීරණය මේ වන විටත් සජිත් පේ‍්‍රමදාස මහතාට දැනුම් දී ඇත.

කෙසේ නමුත් ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡුාවක් පවත්වා එයින් පසුව යළිත් සජිත් පේ‍්‍රමදාස මහතා සමග සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිතය.

– divaina

42,869 Viewers

11 Comments to “සජිත්ට තීරණාත්මකම පාර්ශවයේ සහාය නොලැබේ.. ඔවුනගේ සහාය රනිල්ටයි..”

  1. හෙලයා says:

    පරගැති රනිල් පන්නන්න නම් එජාපය කැඩී බිඳ දැමිය යුතුමය්.

  2. Nishantha says:

    depaththenma kewal karala.sorry wadiyenma rata jathiya agama pawa dena kenata support karai.ape rate sanskrutiya saha ithihasaya sampurnayen amamhaka karanna wunath samaharunta puluwan. suluatheen thamange podu aramunak wenuwen ssamuhka ekaekahawayakin chandaya dethdi maha jathiya depaththata bedena eka kanagatudatakai

  3. suresh says:

    අලුතින් විවෘත කරන සියලුම මහල් නිවාස ව්‍යාපෘති ගිය ආණ්ඩුව කාලේ 25% වැඩ අවසන් කරතිබූ ඒවා. මේ ආණ්ඩුව පටන්ගත්ත කිසිම මහල් නිවාස ව්‍යාපෘතියක් නැහැ . ඊයේ පෙරේද අගමැති විවෘත කරපු ටාටා නිවාස ව්‍යාපෘතිය ට රවී කොච්චර බාධා කලාද . අන්තිමට ඉන්දියන් තානාපති මැදිහත්වෙලා වැඩ අවසන් කලේ. ඉන්ඩිපෙන්ඩන්ට් ආර්කෙඩ් දෙවන කොටස 95% වැඩ අවසන් වෙලා තිබුන. තාම විවෘත කලේ නැහැ . බැද්දගාන වෙට් පාර්ක් එක 70% වැඩ අවසන් වෙලා තිබුන . තාම විවෘත කලේ නැහැ . ගංවතුර පාලන ව්‍යාපෘතිය තාම ඉවර නැහැ . ඉක්මනින් වැඩ පටන්ගන්න තිබුණු මාකුඹුර කොටුව දිත්ව දුම්රිය මාර්ගය , රාජගිරිය – දෙමටගොඩ අදිවේගී මාර්ගය , කොට්ටාව – කොටුව කනුමත ඉදිවෙන මාර්ගය පටන්ගන්න කිසිම දෙයක් කලේ නැහැ . මේවනවිට විවෘත වියයුතු මාලබේ – කොටුව – කැලණිය මොනෝ රේල් එක පටන්ගන්න තාම ලෑස්ති වෙනවා . අවුරුදු 5 දී මේ ආණ්ඩුව කොළඹට මුකුත් ම කරන නැහැනේ .

    • Aurora says:

      2015 වනවිට කටුනායක දක්වා නිමකරලා තිබුණ මීගමුව ද්විත්ව මාර්ගය අවසාන කරන්න යහපාලන ගොන්නුන්ට තවමත් හැකිවී නැත. මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටස නැතිව එතනින් එහාට වැඩ ආරම්භකර තිබෙන්නේ අම්බරු කරුගේ නෑයන්ට අධික වන්දි ගෙවන්නද? 2015 වනවිට වැඩ ආරම්භ කර තිබුන වටරවුම් පාර තවමත් සැකිල්ල පමණයි. කොළඹ මහල් නිවාසවලට මුදල් වෙන්කරලා, සැලසුම් හදලා, වැඩ ආරම්භ කරලා තිබුනේ 2015 වෙනකොට යහපාලන කාරයෝ අද බොරු කථා කියමින් වීවෘත කරනවා තමුන් බාධා කරපු ව්‍යාපෘති. නමුත් කොළඹ ජනතාව දන්නවා කෙරුවාව කාගේද කියල.

  4. SLCommunity says:

    Ubalata oni oni widiyata natanna denne na me rate minissu. Election eka thiyala balapalla ubalata mokada wenne kiyala. GOTA ena eka nawaththanna ba. GOTA dinanne sinhala vote walin ubala eta passe uda balagena idapalla

  5. ක්‍රිමිනල් says:

    සජිත් මහතාගේ නූල තියෙන්නේ කීලි මහරාජාගේ සහ මෛත්‍රී මහතාගේ අතේ කියලා ඒ මහතාගේ ක්‍රියාවලියෙන් උපකල්පනය කරන්න පුළුවන් , ගෙයි ඇතුලේ ප්‍රශ්ණ විසදගන්නැතුව එලියට බැහැලා මමයි අපේක්ශක කියලා පාරම් බාන්නැතුව , තමන්ගේ දර්ශණය හා ප්‍රතිපත්ති වලට පක්ශයේ කැමැත්ත ප්‍රතමව ලබාගත යුතුය . අනික් කාරනේ , යුඇන් පිය යනු “පුද්ගලයාට”චන්දය දෙන පක්ශයක් නොවන බව එතුමා වටහා ගත යුතුය .

  6. මේ අය කොහොමත් සහයෝගෙ දෙන්නෙ ඇමෙරිකන් මාස්ටර්ගෙ හඩ වන රනිල්ට. මොකද තමන්ගෙ ජාතිවාදී අරමුණු ඉටු කර ගන්න පුලුවන් ඒ මාර්ගයෙන් විතරයි. සජි වගේ කිසිම සුදුසුකමක් නැති බූරු පුතෙක් පත් කරගන්න සමහර යූඇන්පී අය දැගලුවට මේ අය එච්චර මෝඩ නැහැ.

  7. Saradiel says:

    මේ අයට නැවත ජනතාව රැවටෙන්නේ නැහැ පරාජය නියතයි

  8. Indunil says:

    His minisun-his katha bus

  9. Love nature says:

    ජේ ආර්ගෙ ආණ්ඩුව හා රනිල්ගෙ ආණ්ඩුව අතර සමානකම් බොහොමයි. මාමයි බෑනයි නාට්‍යය අලුතෙන් ලියන්න වෙනවා. ජේ ආර් බලයට පත්වුණෙ ධර්මෂ්ඨ රාජ්‍යයක් ඇති කරන්න. රනිල් යහපාලනය ඇති කරන්න බලයට පත් වුණා. ජේ ආර්ට ධර්මිෂ්ටර් කියලා නමක් පට බැඳුණා. රනිල්ට නමක් දාන්නෙ කවුද? යමපාලක කියන නම හොඳ වැඩි ද? ජේ ආර් වගේ ම රනිලුත් ව්‍යවස්ථාවක් ඇති කරන්න යනවා. ව්‍යවස්ථාව අවුරුදු හතළිහක් තිබුණ ම ඇති කියලා රනිල් හිතනව ද? රනිල් අවුරුදු හතළිහක් හිටිය ම මදි ද?

    මිනිසුන් ජේ ආර්ට හයෙන් පහක බලයක් දුන්නෙ මැතිණිගෙ ආණ්ඩුවෙ ආර්ථික ප්‍රතිපත්ති ගැන කළකිරවලා. ඒ ආර්ථිකය සංවෘත ආර්ථිකයක් කියලා හැඳීන්නුව. ඒ කාලෙ පාන් පෝලිමෙ ඉන්න වුණා. එය බොරු සමාජවාදය නිසා වුණු එකක්. ඒත් මිනිසුන් වගා කරන්න පුරුදු වුණා. සිංහල මිනිසුන් ඉන් ඉවත් කරන්න එ ජා ප කටයුතු කළා. ඇතුළත්මුදලි පස්සෙ කාලෙක දි කිවුවෙ හාල් පිටරටින් ලාබෙට ගේන පුළුවන් නම් මෙරට වී වගා කරන්නෙ මොකට ද කියලා. විවෘත ආර්ථිකෙන් මිනිසුන් නිෂ්පාදනයෙන් අයින් කෙරුණා. අද මඩ සෝදා ගත් ගොවියන් සික්‍යුරිටි වැඩ කරනවා, නැත්නම් ත්‍රිරෝද පදවනවා, ඒත් නැත්නම් මුකුත් නොකර ගෑණුන්ගෙ සල්ලිවලින් කසිප්පු බොනවා.

Main News