සජිත්ට දෙන්නේම නෑ.. අගමැති දැඩි තීන්දුවක.. කෘත්‍යාධිකාරියට අලුතින් 30ක් පත් කර ඔහුම අපේක්ෂක වෙයි.. සජිත් පිල වියරු වැටී කොළඹ වටලන්න එයි..
September 21, 2019 at 12:02 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී පවතින සාමාජිකයන් 30 දෙනෙකු කඩිමුඩියේ පත් කිරීමට එම පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
එසේ පත් කිරීමෙන් පසු කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර ඇත.
එහිදී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටද අගමැතිවරයා සූදානම් වන බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර මෙම කටයුත්තට දැඩි විරෝධය පළ කරමින් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම මාධ්‍ය අමතමින් කියා සිටියේ ඉදිරි පැය 72 ඇතුළත සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් නොකළහොත් කොළඹ වටලන බවයි.
මේ අතර සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති අපේක්ෂකත්වය කිසිසේතම සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදෙන ස්ථාවරයක අගමැතිවරයා සිටින බවයි.
Can anyone give me reason why Sajith should be the next president of Sri lanka
පක්ෂයක් තුල ප්රජාතන්ත්රවාදයක් පවත්වා නොගන්නා නායකයෙකුට පුළුවන්ද රටක ප්රජාතන්ත්රවාදයක රකින්න?