සජිත්ට නාගදීප නාහිමිගෙන් ආශිර්වාද…

January 11, 2022 at 5:30 pm | lanka C news

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාපනය නාගදීප පුරාන රජමහා විහාරයට ගොස් ආගමික වතාවත් වෙනුවෙන් සහභාගී විය.

උතුරු පලාතේ සංචාරයක නිරතව සිටින සජිත් ප්‍රේමදාස මහතා අද යාපනයට පැමිණ පළමුව නාගදීප විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර එහිදී නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් විපක්ෂ නායක වරයාට ආශිර්වාද කිරීම සිදු වූ අතර මෙම අවස්තාවට විපක්ෂ නායක වරයාගේ බිරිඳ වූ ජලනී ප්‍රේමදාස මහත්මියද සහභාගී වී ආශිර්වාද ලබාගත්තාය.

පසුව නයනතිව් නාගාපුශානි අම්මාන් කෝවිල වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ආගමික වතාවත්වලට එක්වූ අතර දේවාශීර්වාදය ද ලබා ගන්නා ලදි.

තවද මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරන මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,678 views

2 Comments to “සජිත්ට නාගදීප නාහිමිගෙන් ආශිර්වාද…”

  1. sunimal says:

    Born again කල්ලියට බුට් එකක් දුන්නද ?පෑඩ් සජිත් ජනතාව රැවටීමට තවත් නාඩගම් රගපානවද ? …ඕවට කොන්ඩේ බැදපු චින්නුවත් රැවටෙන්නේ නැහැ

  2. Gamunu says:

    Why not get a blessing for Pathali Champika too. He is in lot of bother and some sort of blessing from above would do nicely.

Main News