සජිත්ට නායකත්වය දී බැහැලා යන්නැයි රනිල්ගෙන් ලිඛිතව ඉල්ලයි..

November 19, 2018 at 10:40 am | lanka C news
සජිත්ට නායකත්වය දී බැහැලා යන්නැයි රනිල්ගෙන් ලිඛිතව ඉල්ලයි..

එක්සත්පක්ෂය විවිධ දුබලතාවයන්ගෙන් මුදවාගෙන ජයග‍්‍රාහි මාවතකට රැුගෙන යාම සදහා පාක්ෂීකයින් මෙන්ම අති බහුතරයක් ඉල්ලා සිටින පක්ෂයේ නායකත්වය, නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත වහාම බාර දෙන ලෙස මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප*ඩල්ජිත් අලූවිහාරේ මහතා විසින් ‘‘ හෘද සාක්ෂියේ ප‍්‍රකාශය’’ නමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

යොමුකර ඇති ලිපියේ වැඩිදුටරත් සදහන් කර ඇත්තේ ‘‘ශ‍්‍රි ලාංකිය දේශපාලනයේ දිර්ඝ ඉතිහාසයේ ඇති කිර්තිමත් දේශපාලන පක්ෂයේ සමාජිකයකු ලෙස මා සතුටට පත් වෙමි ’’ලෙසයි.
‘‘ වර්ෂ 78 කට අධීක කාලයකට එ.ජා ප දේශපාලනයට උරුමකම් කියන ඓතිහාසික මාතලේ අලූවිහාරේ පවුලේ දිවංගත ගරු ඇලික් අලූවිහාරේ මැතිතුමාගේ දෙවැනි පුත‍්‍රාය වශයනේ මා ද මේ මොහතේ මාතලේ පුරපති ලෙස කටයුතු කරරන්නේද මහත් අභිමානයෙනි.

මාගේ වැඩිමහල් සහෝදරයා වන රංජිත් අලූවිහාරේ මැතිතුමා සහ අනෙක් සහෝදරා වන මාතලේ දිස්ත‍්‍රික් නායක පාර්ලිමෙන්තු මන්ත‍්‍රි වසන්ත අලූවිහාරේ මැතිතුමාද මේ තිරණාත්මක මොහතේ විවිධ තනතුරු ඇමතිකම් මුදල් ආදි කිසිවකට පක්ෂය පාවා නොදි දිවිහිමියෙන් පක්ෂය වෙනුවෙන් දිවා ? නොබලා කටයුතු කරමින් සිටින බවද ඉතාම සතුටින් මතක් කිරිමට කැමැත්තෙමි.

මෙම තිරණාත්මක මොහතේ පක්ෂයත් ආදරණිය පාක්ෂියකයන් පිළිබදවත් කල්පනා කර බලා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙසේ ඉතා ගෞරවයෙන් හා ආදරයෙන් යුක්තව ගරු සජිත් පේ‍්‍රමදාස මැතිතුමා වෙත බාර දිම සදහා අයාචනා කිරිමට මම සිතුවෙමි.

අපගේ ආදරණිය පක්ෂයේ ආරම්භක නායකත්වය හෙබවු මහාමාන්‍ය ගරු ඩි.එස් සේනානායකයන් ශ‍්‍රි ලාංකිය ජන පදනම ජන හද ගැහෙන රාවයට හදුනාගෙන ගල් ඔය,මිනිපේ ගොවිජනපද ව්‍යාපර ආරම්භ කළේය.ඉන් අනතුරුව පක්ෂ නායකත්වයට පැමිණි ගරු ඩඞ්ලි සේනානායක,සර් ජෝන් කොතලාවල,ජේ. ආර් ජයවර්ධන යන මැතිතුමාන්ලා ලංකිය ජන විඤ්ඤාණය අතැඹුලක් සේ අවබෝධ කරගනිමින් අපේ පක්ෂය ඉදිරියට මෙහෙයවනු ලැබුවේ පක්ෂයටත් පාක්ෂිකයාටත් අතිමහත් ජයග‍්‍රහණ බුරුතු පිටින් ලබා දෙමිණි.

ජන සවිය,ගම් උදා ව්‍යාපාර තුළින් විවිධ සමාජ කොටස් සම්බන්ධ කර ගනිමින් ගමනකට ශක්තිමත් ගමනකට ගරු ආර් පේ‍්‍රමදාස මහතා පක්ෂය වර්ණවත් කළ ආකාරය තවමත් අපට මකතය.’’

නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ මහතා විසින් කරුණු 11ක් ඔස්සේ මෙම ලිපිය ලියා ඇති අතර ලිපියට අනුව 1994න් පසුව පක්ෂයේ නායකත්වය බාර ගත් වර්තමාන නායකතුමා වශයෙන් කටයුතු කරන රනිල් වික‍්‍රමසිංහ මහතා හට මෙතෙක් පක්ෂයට හෝ පාක්ෂිකයාට ස්ථිරසාර ජයග‍්‍රහණයක් ලබාදිමට හැකිවිද යන්න පිළිබ“දව පාක්ෂිකයින් තුළ ඇත්තේ වේදනාත්මක කුතුහලයක් බව ස“දහන් කර තිබේ.

මිට හේතු ලෙස ඩල්ජිත් අළුවිහාරේ මහතා විසින් ප‍්‍රත්‍යක්ෂ කොටගත් ප‍්‍රධාන කරුණු කිහිපයක් සාරංශ කොට දක්වා තිබේ.

පක්ෂ නායකත්වය අවශ්‍ය මාත‍්‍රාවට ශ‍්‍රි ලාංකිය සංස්කෘතිය සමග බද්ධ නොවිම.
පක්ෂය තුළ විශේෂයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිරිහි යාම.
නායකත්වය බිම් මට්ටමේ පාක්ෂිකයාගේ හඩට කන්නොදිම.
1994න් පසුව බලයට පත් සැම අවස්ථා දෙකේදිම දිවයින සැම දිස්ත‍්‍රික්කයේ ආවරණය වන ලෙස කැබිනට් අමත්‍යධුර ලබා දි විමධ්‍යගත නොකිරිම.
විවිධ හේතුන් ලෙස පක්ෂයෙන් හැරගිය පිරිස් පක්ෂය වෙත නැවත සම්බන්ධ කර ගැනිමට විධිමත් වැඩපිළිවෙලක් නොවිම.
බිම්මට්මමේ පක්ෂ යාන්ත‍්‍රණය ශක්තිමත්ව ගොඩනගා නොගැනිම.
පක්ෂයේ ඉහළ තනතුරු සදහා ජනපදනමක් නොමැති අයට අවස්ථාව ලබා දිම.
පක්ෂයේබෞද්ධ පදනම මෙන්ම ග‍්‍රාමිය ඡුන්ද පදනම දැඩි ලෙස සෝදා පාළුවලට ලක් වි තිබිමත් ඒ සදහා ක‍්‍රියා නොකිරිම.
මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ෂයෙන් ඇතිවු ගැටලූ ජනතාව දැනුවත් නොකිරිම
අවස්ථාව අනුව ගොඩනැගෙන දේශපාලන තත්වයන් මනාව කළමණකාරණ නොකිරිම

ආදී කරුණු ඔස්සේ මෙම ලිපිය රනිල් වික‍්‍රමසිංහ මහතාවෙත හා මාධ්‍ය වෙත මෙම ලිපිය නිකුත් කර තිබේ.

ලිපියේ පිටපත් පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස.මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්,සභාපති කබිර් හෂිම් , ජාතික සංවිධායක නවින් දිසානායක,පාර්ලිමෙන්තු මන්ත‍්‍රිවරුන් වන රංජිත් අලූවිහාරේ, වසන්ත අලූවිහාරේ මහත්වරුන් වෙත ද යොමුකර තිබේ.

– ඉන්දික අරුණ කුමාර

199 views