සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

August 15, 2020 at 10:40 am | lanka C news
සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..

සමගි ජන බලවේගයෙට මෙවර ජාතික ලැයිස්තුව සඳහා හිමිවූ මන්ත්‍රී ආසන වලින් කිසිවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබා නොදීම දැඩිව හෙළා දකින බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට මැතිවරණයට පෙරම පොරොන්දු වී තිබූ බවයි.

එනිසා තම පක්ෂය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ ආසනවලට පවා අපේක්ෂකයන් ඉදිරිපත් නොකර කැපකිරීමක් කරමින් සමගි ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමානයට විශාල දායකත්වයක් ලබා දුන් බවද එමගින් පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තම පක්ෂයට ලබා නොදීම තම ජනතාව රැවටීමට පත් කිරීමක් බව සජිත් ප්‍රේමදාස මහතා තරයේ සිහි තබා ගත යුතු බවත් නිවේදනයේ සඳහන් වෙයි.

මුස්ලිම් කොංග්‍රසය දුන් පොරොන්දුව සජිත් ප්‍රේමදාස මහතා විසින් කඩ කිරීම තම පක්ෂ ඉතිහාසයේ කලූ පැල්ලමක් ලෙස සටහන් වන බව ද එම නිවේදනයේ පවසා ඇත.

මෙවන් ක්‍රියාවක් සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන බව දැන සිටියේ නම් මැතිවරණයේදී තනිව තරග කිරීමට ඉඩ තිබූ බවත් එසේ තරග කළා නම් මීට වඩා ආසන්න ප්‍රමාණයක් දිනාගත හැකිව තිබූ බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ගන්නා ලද මෙම තීරණය කිරීම සමගි ජන බලවේගය පක්ෂ අතර ඉදිරියේදී යම් විරසකයක් ඇති වීම නොවැළැක්විය හැකි බවද තව දුරටත් දැක්වෙයි.

66,871 views

18 Comments to “සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි..”

  1. බෙරහඬ says:

    This is only the beginning. If you slept with dogs, wake up with ticks.

  2. Alapaluwa says:

    මණ්ඩලේ කචල් වගේ නේද?

    • Rata Wenuwen says:

      පුතානෝ ! මන්ඩලේ ගූත් ගාගෙන කචල් විතරක් නොවෙයි ගිණි කෙළිත් පටන් අරන්, පව්! මෙහේමත් කුජිතවූ පාපිශ්ඨයෙක්

  3. Aniwa says:

    If you sleep with Hambayas, you wake up with bombs.

  4. සියලු දේම අතහරින සන්ග්‍යා says:

    ඔය පක්සය සමගි ජනනි බලවෙගෙ නෙවෙ මුස්ලිම් බලවේගේ පක්සය කියල නම වෙනස් කරන්න

  5. UNP GAL IBBA says:

    ඔය එක්සතවජාතක ප​Kෂයද අස්මගිබලයද රෙද්ද අස්සෙ දමන් ඉන්න නයි පොලොඞු හලලා ආවොත් ජයක් ලැබෙයි ගොන් කතා අස්සේ පොලොඞු ද්‍ෂ්ට කොරොත් වැලලෙයි??????????