සජිත්ට මෛත්‍රීගේ සහායත් හිමිවෙයි..
October 7, 2019 at 6:48 pm | lanka C news
ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ මහ ලේකම් ධුරයෙන් යුතු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සහාය එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවනු ඇති බව වාර්තා පල වෙයි.
එජාපයේ ඇති වූ මතබේදාත්මක තත්වය මත මෛත්‍රි ගුණරත්න මහතා එජාපයෙන් ඉවත්ව නව පක්ෂය පිහිටුවා ගත්තේය.
එජාපයේ සිටියදී ඒ මහතා දැඩිව සජිත් පිල වෙනුවෙන් කටයුතු කලේය.
තම පක්ෂ පලාත් පාලන මන්ත්‍රීවරුන්ගේ 80%ක පමණ බහුතරයකගේ මතය වී ඇත්තේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දීම බවද මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.