සජිත්ට වැඩිපුර බලය – රනිල් දන්වයි..

April 30, 2018 at 8:40 am | lanka C news
සජිත්ට වැඩිපුර බලය – රනිල් දන්වයි..

එක්සත් ජාතික පක්‍ෂයේ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

එක්‌සත් ජාතික පක්‌ෂයේ එදිනෙදා මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙන යමින්, පක්‌ෂ සංවිධානය ශක්‌තිමත් කරලීමේ කාර්ය සඳහා තරුණ මුහුණු ගණනාවක්‌ එක්‌ වී තිබේ. පක්‌ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක, මහ ලේකම් අකිල විරාඡ් කාරියවසම්, ජන සන්නිවේදන ව්‍යාපාරයේ ප්‍රධානී හරීන් ප්‍රනාන්දු, පක්‌ෂ භාණ්‌ඩාගාරික හර්ෂ ද සිල්වා, වෘත්තීය සමිති ලේකම් අජිත් පී. පෙරේරා යන මහත්වරුන් පක්‌ෂයේ බර කරට ගන්නට නායකත්වය ලබා දීම සඳහා අලුතින් එක්‌වී සිටිති.

නව නායක පෙළක්‌ බිහිකිරීමේ වැදගත් පියවරක්‌ තබමින් ඔවුන් නියෝජ්‍ය නායක හා උප නායක සමග එකට එක්‌ව නව ජවයකින් යුතුව, නව ප්‍රවේශයකින්, ජයග්‍රාහී ගමනකට පදනම සකසනු ඇත. සිය කාලය හා ශ්‍රමය පක්‌ෂයේ උන්නතිය වෙනුවෙන් කැප කරනු ඇත.

මේ ජයග්‍රාහී ගමන තව තවත් ශක්‌තිමත් කරනු පිණිස නියෝජ්‍ය නායකවරයා වෙත නව වගකීම් රැසක්‌ පැවරීමට ද අප ක්‍රියා කරන්නෙමු. පක්‌ෂ සංවිධාන ශක්‌තිමත් කරලීමේ කාර්ය භාරය වඩාත් සාර්ථකව ඉටු කරලීමේ පසුබිම ඒ සමග සැකසෙනු ඇත.

පක්‌ෂයේ කටයුතු තවදුරටත් විධිමත් හා ක්‍රමවත් කරලනු පිණිස විෂය භාර ලේකම් හා සහකාර ලේකම් තනතුරු කිහිපයක්‌ ද ස්‌ථාපිත කිරීමට බලාපොරොත්තු වෙමු. එහිදී තවත් තරුණ මන්ත්‍රීවරුන් ගණනාවකට පක්‌ෂය වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කරලීමේ මාර්ග මෙමගින් විවර කරලීම අපගේ අපේක්‌ෂාවයි.

ඒ සමගම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ වෙතම නිශ්චිත වගකීම් පැවරීමට ද අපේක්‌ෂා කරන්නෙමු. ඒ සඳහා අවකාශ සැලසෙන නව ආකෘතික ක්‍රමවේදයක්‌ සැකසීම පිළිබඳව ද අපගේ අවධානය යොමු වී ඇත.

මීට සමාන්තරව අපේ පක්‌ෂය සමග දිවි හිමියෙන් රැඳී සිටින ආදරණීය පාක්‌ෂිකයන් කෙරෙහි දැඩි අවධානයක්‌ හා සැලකිල්ලක්‌ යොමු විය යුතු බව මෙහිලා අවධාරණය කළ යුතුය. ඔවුන් සම්බන්ධව නොවිසඳුණු ප්‍රශ්න ගණනාවක්‌ හඳුනාගෙන ඇත්තෙමු. ඔවුනට සිදුවූ අසාධාරණයන් වෙනුවෙන් සාධාරණය ඉටු නොවුණු අවස්‌ථා ගණනාවක්‌ ද වෙයි. ඔවුන්ගේ සියලු ප්‍රශ්න සඳහා ප්‍රමාණවත් විසඳුම් ලබා දීමට ද අපි කඩිනම් ක්‍රියා මාර්ග ගන්නෙමු.

පසුගිය පළාත් පාලන ඡන්දයෙන් පසුව අප මේ ප්‍රතිසංවිධාන කාර්යයන් සඳහා යොමු වුණේ ඇයි?

එක්‌සත් ජාතික පක්‌ෂය සිය පාක්‌ෂිකයන්ගේ හා ජනතාවගේ හඬට නිරන්තරයෙන් සවන් දෙන පක්‌ෂයකි. ජනතාව පක්‌ෂය කෙරෙහි දක්‌වන ආකල්ප, සැලකිල්ල හා ප්‍රතිචාර කෙරෙහි අවධානය යොමු කරන පක්‌ෂයකි.

ඒ නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පාක්‌ෂිකයන් හා ජනතාව අප වෙත ලබා දුන් පණිවිඩය නිවැරදිව කියෑවීමට හා හඳුනා ගැනීමටත්, ඒ සියල්ල පදනම් කර ගනිමින් පක්‌ෂ ව්‍යහය තුළ සිදු කළ යුතු වෙනස්‌කම් සිදු කිරීමටත් තීරණය කළෙමු. ඒ සඳහා විවිධ කමිටු වාර්තා ලබා ගතිමු. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා ගැනුණු කමිටුව, ඒ වාර්තා අධ්‍යයනය කොට, තවදුරටත් කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමට නිර්දේශයන් ඉදිරිපත් කරන ලදී.

එමගින් අප පැහැදිලිවම ප්‍රදර්ශනය කළේ ජනතා අභිලාශයන් අනුව ප්‍රතිසංවිධානය වීමට හැකි නම්‍යශීලී සහ ජනතා හිතකාමී එකම දේශපාලන පක්‌ෂය එක්‌සත් ජාතික පක්‌ෂය බවය.

අපේ මේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය විවේචනයට ලක්‌ කරන්නෝ ද සිටිති. උපහාසයට පාත්‍ර කරන්නෝ ද සිටිති. ඔවුන් කිසිවෙකු පසුගිය මැතිවරණවලදී අප පක්‌ෂය වෙනුවෙන් වෙහෙසුණෝ නොවෙති. සමහරු අපට විරුද්ධව ක්‍රියා කළ කොටස්‌ ය. සමහරු පක්‌ෂයේ කඩතුරාවට මුවා වී පක්‌ෂය විනාශ කරලීමට ක්‍රියා කළ කොටස්‌ ය. ඔවුන් ගේ වැඩපිළිවෙල ගැන අප කලබල විය යුතු නැත. අප කළ යුත්තේ අපේ පක්‌ෂය ඉහළට ඔසවා තැබීමට, පෙර මෙන්ම කැපවී වෙහෙසීමය.

අපේ පක්‌ෂය හැම විටම උත්සාහ ගන්නේ සාකච්ඡාවෙන්, සම්මුතියෙන් ගැටලු නිරාකරණය කර ගැනීමට ය. කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ හෝ වේවා, පාර්ලිමේන්තු කණ්‌ඩායමේ හෝ වේවා යම් කරුණක්‌ පිළිබඳව සාකච්ඡා කොට පොදු එකඟතාවකට පැමිණීමට හැකි සෑම අවස්‌ථාවකම අපි උත්සාහ කරන්නෙමු. විසංවාදී මත පළ කෙරෙන අවස්‌ථාවන්හිදී පවා, අවසානයේ එළැඹෙන පොදු තීරණයට ප්‍රසිද්ධියේ ගරු කිරීම එක්‌සත් ජාතික පක්‌ෂයේ ගෞරවනීය සම්ප්‍රදායයි. මේ සම්ප්‍රදායන් පිළිබඳ අවබෝධයක්‌ ඇති කර ගැනීම හා ඒවා ආරක්‌ෂා කිරීම සැබෑ එක්‌සත් ජාතික පාක්‌ෂිකයෙකුගේ වගකීමකි.

අපේ ප්‍රතිසංස්‌කරණ හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය මෙතැනින් අවසන් වන්නේ නැත. රුවන් විඡේවර්ධන කමිටු වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කරලීමට අපි ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දුවක්‌ ගෙන ඇත්තෙමු. ඊට අදාළ ව්‍යවස්‌ථා සංශෝධන සිදු කිරීමට ද අපි පියවර ගන්නෙමු.

ඒ ඔස්‌සේ තව තවත් අලුත් මුහුණු පක්‌ෂයේ නායකත්ව තලය කරා ඔසවා තැබීමට ද, තව තවත් තරුණ ජවය පක්‌ෂයට එක්‌ කිරීමට ද අප සැලසුම් කර ඇත්තෙමු. ඒ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කරලීමට පක්‌ෂයේ නව නිලධාරීන් සියලු දෙනා සමග පාර්ලිමේන්තු කණ්‌ඩායමත්, කෘත්‍යාධිකාරී මණ්‌ඩලයත් කැපවනු ඇත.

2018 අපේ‍්‍රල් 30
රනිල් වික‍්‍රමසිංහ
ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය

20 views

11 Comments to “සජිත්ට වැඩිපුර බලය – රනිල් දන්වයි..”

  1. chris says:

    සජිතයට රනිල නියම ගුලියක් අඹරල දීල තියෙන්නෙ

    • sara says:

      මෝඩ සජිතයිය මේ ආරත් කනව ගුලිය … ගිය පාර ” නායකත්ව මනඩලේ ” වගේ . අනේ ඩී එස් , ඩඩ්ලි , ප්‍රෙමදාස , විජේතුන්ග රටට හිතැති හොද පිරිමි නායකයින් හිටිය පක්ශයකට ගිය කල.

      • maraya says:

        සජිත්ට දෙන්නේ කම්කරු බලයද? Security Jobs වල බලයද ?මොකක් උනත් වැඩක් නැහැ ..මේ මිනිහට කිසිම වැඩක් බැහැ …ජාතික වන උද්‍යාන සතුන් දඩයම ..නිධන් ගොඩදැමීමට නම් දක්ෂලු …..

    • sam says:

      Everytime, same rope!!

  2. Asaranaya says:

    මම අස්වෙන්නම් ,ඔහෙලා තෝරා බෙරාගෙන කටයුතු කරගන්නවා කියලා කියන්න බැරි, මලපෙරේත ගතිගුන

  3. රත්නසේන says:

    ඌඇන්පි නායකත්වය සජිත් වගේ නාම්බෙකුට දෙන එක නම් වැදගත්! එතකොට ඌඇන්පි ය ඉක්මනට වඳ වෙන්න ගන්නවා – ඒක මේ රටට ලොකු සහනයක්. දැනට මෛත්‍රි ලොක්කගේ ශ්‍රිලනිපේ වඳ වෙමින් යනවා. මහින් ද ලොක්කගෙන් පොහොට්ටුව 2020 පස්සේ වේලිලා යනවා! ඉදිරියට තියෙන්නේ අලුත් නායකයෙකුට අවස්ථාවක් මිනිස්සු පාට-පක්ෂ බලන්නේ නැතුව ඡන්දෙ දෙන තත්වයක් දැනට රටේ වර්ධනය වෙමින් තියෙනවා!

  4. Niru says:

    Ok this stupida can now choose a security and a kamkaru for Ponil

  5. daminda says:

    ugurata hora beheth beema…..?

  6. Pedro says:

    RATA EVARAI PUTHE !

  7. Sigho says:

    HOW IS THE SMILE OF SAJITH ? LEVEL ‘ a ‘ STUPID.

  8. Sadda says:

    මේ හදන්නේ බිම් මට්ටමේ වැඩ ගැඩ්විලෙකුට දීලා පස සරු කරගෙන තමන් වවන් කන්නයි. කොහොමද ලොක්කගෙ ගැට.?

Main News