සජිත්ට සහයෝගය දිය නොහැකි බව දෙමල සන්ධානය දන්වයි..
September 28, 2019 at 3:50 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ආකාරය සහ එම ප්‍රතිපත්ති ප්රකාශනය දෙස බලා ඔහුට සහයෝගය ලබා දෙනවාද, නැද්ද යන්න තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධානය අවධානය යොමුකර තිබේ.
ඇමැති සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා වට තුනක් කොළඹදී සහ යාපනයේදී පැවැති අතර එම සාකච්ඡා අවසානයේ දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ විසඳුම් ප්‍රමාණවත් නොවන බවයි. එම නිසා සහයෝගය ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ.
මුලතිව්, නයාරු, ගුරුකන්ද විහාරස්ථානයේ සිද්ධිය මත සිංහල ජාතික නායකයකුට ඡන්දය ලබාදෙන ලෙසට උතුරේ ද්‍රවිඩ ජනතාවට දැනුම් දීමට ද නොහැකි තත්ත්වයක් මතුව ඇති බව දෙමළ ජාතික සන්ධානය පෙන්වා දී තිබේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම, ජාතික ප්රශ්නය සඳහා කඩිනම් විසඳුමක් ලබාදීම වැනි ඉල්ලීම් ක්‍රියාත්මක කරන ලෙසද දෙමළ සන්ධානය මගින් ඇමැති සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇත.
– aruna.lk