සජිත්ට සහාය දුන් ශ‍්‍රීලනිප මන්ත‍්‍රින් 20කගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි..

January 17, 2020 at 4:40 pm | lanka C news
සජිත්ට සහාය දුන් ශ‍්‍රීලනිප මන්ත‍්‍රින් 20කගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි..

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට විරුද්ධ වෙමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වූ එම පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇත.

ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීමට ද තීන්දු කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති මධ්‍යම කාරක සභාවේ දී මෙම තීන්දුව ගෙන ඇත.

ඉදිරි මහ මැතිවරණයේ දී ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමටත් ඔහුට තුනෙන් දෙකක බහුතර බලයකින් යුතු ආණ්ඩුවක් පිහිටුවීමට ශක්තිය ලබාදීමටත් එහිදී තීරණය කර ඇත.

53,462 Viewers

2 Comments to “සජිත්ට සහාය දුන් ශ‍්‍රීලනිප මන්ත‍්‍රින් 20කගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි..”

  1. Porak says:

    සිරිසේන ජනාධිපති උනේ ශ්‍රිලනිප ට පයින් ගසා බහුතරයක් unp චන්ද වලිනි …මුලින්ම ශ්‍රිලනිපයෙන් අයින් කල යුත්තේ සිරිසේනයි…සිරිසේන රටට කරපු යහපතක් නැත..රනිල් සමග රට අගාධයකට ඇදගෙන ගිය ගෝතයෙකි…ශ්‍රිලනිප උන්ට දැන් කෙහෙමල් චන්ද පදනමක් නැත..ඔවුන් මෙවර පොහොට්ටු චන්ද වලින් පාර්ලිමේන්තු ඒමට මාන බලා සිටී…මේ දෙපිට කාට්ටු උන්ට පොහොට්ටු මනාප නොලැබෙන එක සත්‍යයක් ..ගෝටා ජනාධිපතිතුමා ට මේක හරියට කරන්න ඕනි නම් ගෙදර යා යුතු ගොඩක් උන් ඇත..අනික් අතට තරයේ සිහිතබා ගතයුතු කාරනයක් ඇත. බැරි වෙලා හරි සජියා ජනාධිපති උනානම් සිරිසේන දයාසිරි තිලංග එස් බී අමරවීර ඩිලාන් වගේ ගෝත සෙට් එක අනිවා සජියා එක්ක සෙට් වෙනවා එකෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ..

  2. nuwaraone says:

    සිරිසේන ජනාධිපති උනේ ශ්‍රිලනිප ට පයින් ගසා බහුතරයක් unp චන්ද වලිනි …මුලින්ම ශ්‍රිලනිපයෙන් අයින් කල යුත්තේ සිරිසේනයි…සිරිසේන කරපු යහපතක් නැත..රනිල් සමග රට අගාධයකට ඇදගෙන ගිය ගෝතයෙකි…ශ්‍රිලනිප උන්ට චන්ද පදනමක් නැත..ඔවුන් මෙවර පොහොට්ටු චන්ද වලින් පාර්ලිමේන්තු ඒමට මාන බලා සිටී…මේ දෙපිට කාට්ටු උන්ට පොහොට්ටු මනාප නොලැබෙන එක සත්‍යයක් ..ගෝටා ජනාධිපතිතුමා ට මේක හරියට කරන්න ඕනි නම් ගෙදර යා යුතු ගොඩක් උන් ඇත..අනික් අතට තරයේ සිහිතබා ගතයුතු කාරනයක් ඇත. බැරි වෙලා හරි සජියා ජනාධිපති උනානම් සිරිසේන දයාසිරි තිලංග එස් බී අමරවීර ඩිලාන් වගේ ගෝත සෙට් එක අනිවා සජියා එක්ක සෙට් වෙනවා එකෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට ..

Main News