සජිත්ට සහාය දෙන්න එස්.බී. නාවින්න එක්වෙයි..

September 28, 2019 at 12:40 pm | lanka C news
සජිත්ට සහාය දෙන්න එස්.බී. නාවින්න එක්වෙයි..

එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට එක් වී තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස පැවති ආණ්ඩු පෙරළියේ දී ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්විය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විසින් එස් බී නාවින්න මහතා ඇතුළු පස් දෙනෙකු පක්ෂයෙන් නෙරපීම සඳහා පසුගිය සතියේ දී ලිපි යවා තිබිණි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි එස්.බී. නාවින්න මහතා කියා සිටියේ තමන් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි.

50 views

10 Comments to “සජිත්ට සහාය දෙන්න එස්.බී. නාවින්න එක්වෙයි..”

  1. Raterala says:

    රට කෑවා ඇති දැන් ගෙදරට වෙලා හිටපන් කුරුණෑගල ජනතාව තමුසෙට ඡන්දය දෙන්නේනෑැැැැැැැ.

  2. wilibiya says:

    dotta dammata passe. lajja nada yako,

    • Janathawa says:

      Let us forget the past mistakes. The
      patriotic people are happy to see you too ,join to help Gota ,at this crucial juncture,putting the country first than the personal gains. This would be the last opportunity to save the motherland.

  3. වාරයපොල කලවැද්දා says:

    වාරියපොල unp ඡන්ද සජිත්ට නැත.

  4. Amarabandu says:

    Hulaga yana paththa maru kara gaththe naththan gotabaya mahaththayata amaru wei wage

  5. 77 UNP says:

    එකපාට කුරුල්ලෝ එක අත්තේ වහනවා කියන කතාව ඇත්ත. ගෙවල් 20 හදපු කොටළු සජිත් ගෙවල් 2 සඳහා වන වියදමට සරිලන මුදලක් එය විවෘත කිරීම සඳහා වියදම් කරනවා. ඔය නාවින්න කියන මනුස්සයත් වෙනත් රටවල ඉන්න මේ රටින්ම ගිය මිනිස්සු ලංකාවෙත් පුරවැසිකම ඉල්ලුවම (එකට ලක්‍ෂ ගානක් ආණ්ඩුවට ගෙවන්න ඕන) ඒ පුරවැසිකම ප්‍රදානය කරන්නේ උපාධියක් දෙනවා වගේ මහ ලොකු උත්සවයක් තියල. එහෙවු මෝඩයෙක්.