සජිත්ට සහාය දෙන්න දෙමල සන්ධානය හොරගල් අහුලයි…

October 21, 2019 at 5:30 pm | lanka C news
සජිත්ට සහාය දෙන්න දෙමල සන්ධානය හොරගල් අහුලයි…

ජනාධිපතිවරනය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දෙමළ පක්ෂ සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දීමට හැකිවනු ඇති බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේදී මේ බව පවසා ඇත්තේ පක්ෂ සාමාජිකයින් හමුවී පැවති සාකච්ඡාවකදී  වන අතර එහිදී මන්ත්‍රී වරයා පවසා සිටියේ  උතුරු නැගෙනහිර බහුතරයක් රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති බැවින් අදාළ පිරිස වෙනුවෙන් මෙවර ජන්දය ප්‍රකාශ කළ යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් දෙමළ පක්ෂ තීරණය ලබාදෙන බවයි.

දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ මේ සතිය තුළදි සාකච්ජාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව ජනාධිපති අපේක්ෂකයා කව්රුන්දැයි තීරණය කරන බවද යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මැදිහත්ව දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවය මත සකස් කළ යෝජනාවලිය සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ නායකයින් සමඟ පැවත්වෙන සාකච්ජාවේදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,943 Viewers

4 Comments to “සජිත්ට සහාය දෙන්න දෙමල සන්ධානය හොරගල් අහුලයි…”

  1. Aurora says:

    සිංහලෙන් කියපල්ලා කිසිම කොන්දේසියක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් TNA එක UNP සහ සජිත්ට සහයෝගය දෙනවා කියා.
    දෙමලෙන් කියපල්ලා දෙමළ නිජබිම් සංකල්පයට, උතුර සහ නැගෙනහිර එකතුකරලා පෙඩරල් පාලනයක් දෙනවට, මැරුණ LTTE සාමාජිකයන් සඳහා යුද හමුදා සාමාජිකයන්ට ගෙවන වන්දියම ගෙවීමට, ශ්‍රී ලංකා රාජ්‍යට සහ හමුදාවට මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කිරීම යන සියළු කොන්දේසිවලට UNP සහ සජිත්ට සහයෝගය දෙනවා කියා. සිංහලෙන් කියපල්ලා. එතකොට මහබැන්කුවෙන් හොරකම් කරගත්ත මිලියන් ගානකුත් සන්තෝසේ ලැබේවි.

  2. Aurora says:

    සිංහලෙන් කියපල්ලා කිසිම කොන්දේසියක් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් TNA එක UNP සහ සජිත්ට සහයෝගය දෙනවා කියා. දෙමලෙන් කියපල්ලා දෙමළ නිජබිම් සංකල්පයට, උතුර සහ නැගෙනහිර එකතුකරලා පෙඩරල් පාලනයක් දෙනවට, මැරුණ LTTE සාමාජිකයන් සඳහා යුද හමුදා සාමාජිකයන්ට ගෙවන වන්දියම ගෙවීමට, ශ්‍රී ලංකා රාජ්‍යට සහ හමුදාවට මානව හිමිකම් චෝදනා ඉදිරිපත් කිරීම යන සියළු කොන්දේසිවලට UNP සහ සජිත්ට සහයෝගය දෙනවා කියා. සිංහලෙන් කියපල්ලා. එතකොට මහබැන්කුවෙන් හොරකම් කරගත්ත මිලියන් ගානකුත් සන්තෝසේ ලැබේවි.

  3. කරවයි නම්...??? says:

    ලංකා මාතා ‘ඔරුමිත්ත-නාඩු’ කරවයි නම්
    ජාතික ගීයද ‘ඔරුමිත්ත-නාඩු’ කරවයි නම්
    ජාතික බසද ‘ඔරුමිත්ත-නාඩු’ කරවයි නම්
    බෞද්ධ රටද ‘ඔරුමිත්ත-නාඩු’ කරවයි නම්

  4. අංකූරා says:

    මට තියෙන ලොකුම පුදුමය, කණගාටුව ඔය යෝජනාවලිය හදන්න යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සහභාගිත්වය ලැබුන කියන එකයි !.ඒ කියන්නේ උන් ඉන්නෙ මොන තරම් ගොබ්බ තකතීරු තැනකද කියන එකයි!!.

Main News