සජිත්ට සහාය දෙන්න වෙල්ගම තීන්දු කරයි.. ප්‍රකාශ කරන්න සමුළුවක් කැදවයි…
October 30, 2019 at 12:00 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප ක්‍රියාකාරීන් පිරිසක්ද සමගින් ඔහු එම වේදිකාවට එක්වීමට නියමිත බවද පැවසේ.
ශ්‍රීලනිප ආසන සංවිධායකයන් හා පලාත් පාලන අපේක්ෂකයන් එළැඹෙන 05 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සමුළුවක් සදහා දැනටමත් කැදවා ඇත.
එහිදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇතැයිද දැනගන්නට ඇත.
චන්ද්‍රිකා ගේ කථා අහලා වෙල්ගමට වෙන්න යනදේ
ඔන්න එක ගමක ජීවත් වුනාලු අබරා කියලා ටිකක් මෝඩ මිනිහෙක්.. මේ මනුස්සයගෙ බිරිද හැම පෝය දවසකම අටසිල් සමාදම් වෙනවලු…. දවසක් මේ බිරිද , අබරා ට කිවුවලු.. ඇයි මනුස්සයො ඔහොම අත් දෙකත් බැද ගෙන බලා ඉන්නෙ.. පෝය දවසටවත් පන්සලට ගෙහුං සිල් සමාදන් වෙනවකො.. කියලා.. එතකොට අබරා කිවුවලු.. අනේ හාමිනේ මට ඕවා තේරෙන්නෙ නෑ.. කියලා. එතකොට අර බිරිද කිවුවලු.. ඕක ඔය තරං අමාරැ දෙයක් නෙවෙයි.. පන්සලට හිහුං හාමුදුරුවො කියන.. කියන වචන තමුනුත් ආයෙම කියන එකයි.. සිල් ගන්නවා කියන්නෙ කියලා… ඉතිං ඊළග පෝය දවසෙ බිරිද කිවුවලු.. අද මට සිල් ගන්න යන්න වෙන්නෙ නෑ.. ඒක හන්දා මේ එක්කෙනා ගිහුං සිල් ගන්න කියලා.. ඉතිං… සුදු ඇදුමක් එහෙම අබරා ට අන්දවලා පන්සලට යැවුවලු… අබරා පන්සලට ගිහුං.. හාමුදුරුවන්ට පේන්න එහාට මෙහාට ගියාලු… හාමුදුරුවො අබරා ව දැකලා.. කොහෙද උඹ යන්නෙ… කියලා ඇහුවලු… එතකොට අබර ත් තිවුවලු… කොහෙද උඹ යන්නෙ… කියලා… හාමුදුරුවන්ට පුදුම හිතිලා.. ඇහුවලු.. උඹට පිස්සුද… කියලා… අබරා ත් හාමුදුරුවො කියන වචනෙම කියන්න ඕනෙ හන්දා… කිවුවලු.. උඹට පිස්සුද.. කියලා.. හාමුදුරුවන්ට හොදටම කේන්ති හිහුං.. කෑ ගහලා කිවුවලු.. කොල්ලනේ.. මෙන්න මේ පිස්සව පන්සලෙන් එළවලා දාපල්ලා කියලා… අබරා ඊටත් වඩා හයියෙන් කිවුවලු… මෙන්න මේ පිස්සව පන්සලෙන් එළවලා දාපල්ලා කියලා… පන්සලේ හිටිය මිනිස්සුන්ට.. කොල්ලන්ට මේක ඇහිලා.. අබරා ව අල්ලගෙන හොදටම තඩි බාලා.. පන්සලෙන් එළෙව්වලු…. අබරා ඇග රිදුම් දිදී.. ගෙදර ගිහුං.. මායියට කියනවලු.. අනේ මන්දා ඔහේ දෙපෝයට සිල් අරගෙනත් හොදට ගෙදර ඇවිත් ඉන්නවා.. අද එක පෝයක් සිල් අරගෙනත් මට ඇගපත සේරෝම රිදෙනවා බං .. කියලා… තමුන්ගෙ මොළේ කල්පනා කරලා යමක් කරන්නෙ නැතුව.. අනුන් කියන දේ ම කරන්න ගියාම තමා කියන්නෙ.. හරියට අබරා සිල් ගත්තා වාගේ.. කියලා.