සජිත්ට සිංහල ඡන්ද අහිමි වූ හේතුව EPRLF කියයි.. TNA පතුරු යන්න බනී..

December 2, 2019 at 5:30 pm | lanka C news
සජිත්ට සිංහල ඡන්ද අහිමි වූ හේතුව EPRLF කියයි.. TNA පතුරු යන්න බනී..

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට නිසි නායකත්වයක් ලබා දීමට නොහැකි තරමට දෙමළ නායකත්වයන් යල් පැන ගොස් කල් ඉකුත් වී ඇති නිසා වහාම දෙමළ ජනතාවට නායකත්වය ලබා දීමට විකල්ප නායකත්වයක් සෙවිය යුතුව ඇතැයි ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වවුනියාවේදී පැවසීය.

වවුනියාවේදී එම සංවිධානයේ නනියෝජිතයින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ බව කියා සිටියේය.වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මෙසේද කීය.

‘‘ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන හේතුව දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දක්වමින් ප්‍රසිද්ධ මැතිවරණ ප්‍රචාරයක නිරතවීම උතුරේ සෙසු බලවේග මෙන් අපේක්ෂකයෙකු තෝරා ගැනීම ජනතාවට බාර නොකොට දෙමළ සන්ධානය  සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රසිද්ධියේ සහාය දැක්වීම තුළින් සිංහල ඡන්ද ගණනාවක් අහිමි වී ගියා.

ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ සම්බන්ධන් මාවෙයි සුමන්තිරන් කියන අය ගන්න තීරණ තමයි දෙමළ ජාතික සන්ධානයේ තීරණ වුණේ.මේ හේතුව නිසා තමයි ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්,දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වගේම ඊ.පී.ආර්.එල්එෆ් පක්ෂයේ අපිත් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වුණේ.මේ ඉවත් වීමට තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයින් හේතුවුණා.

2015 මැතිවරණයේදීත් සම්බන්ධන් සුමන්තිරන් යන අය මේ වගේ පොරොන්දු රැසක් දුන්නා.පසුව විපක්ෂ නායක ධූරයද සහිතව විපක්ෂය විදිහට ආණ්ඩුවට සහාය දෙමින් කටයුතු කළා.රජයට ප්‍රශ්නයක් වූ සෑම අවස්ථාවකදීම රජය බේරා ගත්තා.ජිනීවා ප්‍රශ්නයේදීත් රජය ආරක්ෂා කරගත්තා.

එදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී දෙමළ ජාතික සන්ධානය හරි විදිහට කටයුතු කළා නම් දෙමළ ජනතාවගේ මානව හිමිකම් ප්‍රශ්නය මානව හිමිකම් කවුන්සිලයෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය වෙතම යොමුකරන්න තිබුණා.

ජාතික ගැටළුවට විසඳම් සැපයෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් ඒ තාක් රජයට සහාය දැක්විය යුතු බවත් තවත් වසරක් දෙකක් තුළ නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් ප්‍රකාශ කළා.නමුත් අදට වසර හතරහමාරයි ව්‍යවස්ථා කෙටුම්පතත් කුණු කූඩයට විසිවෙලා තියෙනවා.මේ දෙය කියමින් දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය,දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ආදී මූලික ගැටළු රාශියක්ම අත්හරිමින් දෙමළ ජාතික සන්ධානය කටයුතු කළා.

අක්කර 2000ක් නිදහස් කර ඇති බව ප්‍රකාශ කළා.නමුත් ඉඩම් අක්කර ගණනාවක් තවමත් ආරක්ෂක හමුදාව බාරයෙයි තියෙන්නේ.දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය,දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ආදී  ප්‍රශ්න සියල්ලටම නව ව්‍යවස්ථාව තුළින් විසදුම් ලැබෙයි කිව්වා.

දෙමළ ජාතික සන්ධානයේ මොවුන්ගේ ක්‍රියාකලාපයට උරණ වෙලයි දෙමළ ජනතාව සිටින්නේ.ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජනතාව ලබාදුන් ඡන්දවලින්ම පෙනී යනවා.දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද 50%කට අධිකව අඩු වෙලා තියෙනවා.

පසුගිය වසර හතරාමාරක කාලයේ කටයුතු වලින්  තමන් පරාජය වූ බව සුමන්තිරන් වටහා ගතයුතුයි.ඒ පරාජයෙන් පසුවත් නැවතත් එක්සත් බවක් ගැන කතා කිරීමේ ජනතාව මුලා කර ඡන්ද කොල්ලකෑමක් විදහටයි දකින්නේ.

දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ සිටියත් ආණ්ඩුයක් සමගින් එක්ව කටයුතු කළා. උතුරු නැගෙනහිර රජයේ නියෝජිතයින් විදිහට කටයුතු කළා.නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් කළේ නැහැ.

ප්‍රධාන පක්ෂ දෙකට දකුණේ සිංහල ජනතාව ඡන්දය දුන්නත් උතුරු නැගෙනහිර  දෙමළ ජනතාව බොහෝ දෙනෙක් එහෙම ඡන්දය දෙන්නෙ නැහැ.මේ නිසා විකල්ප බලවේගයක් හෝ පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලය ගැනීම වැළැක්වීමක් කරන්න අවශ්‍යතාවක් නැහැ.

නව රජයක් තුනෙන් දෙකක ඡන්දයෙන් බලයට පත්වුනොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරයි.එක් පුද්ගලයෙකුට දීර්ඝ කාලයක් ජනාධිපති වී සිටීමට ඉඩකඩ සැලසෙනවා.ඒ තුළින් හානිය වෙන්නෙත් සිංහල ජනතාවටයි.දෙමළ ජනතාව විවිධාකාරයෙන් අගතියට පත්වෙලා තියෙනවා.අපේ ආරක්ෂාව ගැන අපි වගබලාගන්නවා හැරෙන්න තුනෙන් දෙකක බලය ඇල්ලීමේ උත්සහාය වළක්වන්නට යන සුමන්තිරන්ගේ උපාය දෙමළ ජනතාව තව තවත් රැවටීමක්‘‘ යැයිද ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පැවසීය

– වන්නි රොමේෂ් මධුෂංඛ

50,536 Viewers

7 Comments to “සජිත්ට සිංහල ඡන්ද අහිමි වූ හේතුව EPRLF කියයි.. TNA පතුරු යන්න බනී..”

  1. Saman says:

    ඒ කියන්නේ හොරෙන් support
    සින්හල එවුන්ට කියනව නෑ කියල

  2. kamal says:

    ලෝකයෙ ජිවත්වන්නට දෙදෙනෙකු ඔනැවේ ගුරුතුමා ඔබ කොහිද
    මගෙ කිරිබත්ගොඩ හිමියනි ඔබ මට ආදරේද
    මම නම් ආදරේ
    ඒ තමයි කාමයෙන් තොර ආදරේ
    පුතේ පුතා දන්නවද කාමය කියන්නෙ මොකද කියා
    ඔව් ගුරුතුමා මම දන්නවා
    පුතාට එය එගෙනගන්න කොච්චර කාලයක් ගියාද
    අවුරුදු විසි හයක් සෝම හාමුදුරුවො දුන්න
    ඇරඹුම අවසන් වුනේ කිරිබත්ගොඩ හිමියනගෙන්

  3. kamal says:

    කපටිකමට මම කමල්ව පාවිච්චි කරා මොකද
    කමල් ඉගෙන ගෙන තියෙන නිසා ධර්මය
    මම අද වෙද්දි කමල් ඇසුරෙන් කපටි කම නැති කරන ක්‍රම
    33000ක් ලේඛණ ගත කරා එය මම පොතක් වශයෙන්
    කමල්ගෙ උපන්දිනය වන දෙසම්පර් 26 වෙනිදා
    පල කරනවා නමුත් කම්ල් ඊට පස්සෙ ගිහි ජිවිතයේ
    ඉන්නෙ නැ එච්චර ප්‍රශ්න විසදුවා මම සහ කමල් විසින්
    දැන් තියෙන්නෙ මහණ වෙන දවස තිරණය කරන එක
    නමුත් කමල්ගෙ මනුස්‍යත්වය වැඩි නිසා
    ගිහි ජිවිතයේ 2025 ජනවාරි 6 වෙනකන් යන්න මම
    ඉඩ දෙනවා නමුත් කමල්ට ඇත්තෙ එකම එක
    අධිෂ්ඨානයයි බුදු දහම ප්‍රචලිත කිරිමයි
    එයට ඉඩ සලසන්න මම මහන්සි වෙනවා දෙසම්බර් 26න්
    පස්සෙ මොකද කමල් කියන්නෙ සෝවාන් විතරක් නෙවෙයි
    කපටි නැති මනුස්‍යයෙක් වන සකෘදාගාමි ඵලය පවා රැකගත් නිසා
    මම කියන්නෙ කමල් වගේ අය බිහිවෙන්න ඔනේ සමාජයේ
    පුලුවන් තරම් නමුත් කමල් තරම් දුක් විදින්න ඔනේ නැ කවුරුත්
    කමල් තරම් දුක් විදපු ශ්‍රාවකයෙක් මම දන්නෙ නැ
    මිට කිරිබත්ගොඩ ඤණානන්ද ෂඩ් අභිඤ්ඤාලාභි මහ රහතන් වහන්සෙ
    කමල් දෙමල කරන්න ඔනෙද කියා මගෙන් අහන්වා
    මම කියන්නෙ කමල් කියන්නෙ කවුද කියා පෙන්වන්න කියා ලෝකයට
    මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

    • වෙරිසොරි says:

      සකෘදාගාමී ?🤣🤣🤣 යම් ඵලයක් ලබපු කෙනෙක් ඒක කියල කමෙන්ට් දානවා තියා තමන් හා එකට බණ භාවනා වල යෙදෙන ලඟම මිතුරාටවත් කියන්නේ නැහැ.උඹේ මොලේ පරික්ශා කර ගනින්, කමල් තව මඤ්ඤං වෙන්න කලින්

  4. සිංහල මිනිස්සු මෝඩයෝ කියල තමයි මේ රටේ දෙමළ හරක් හිතන් හිටියෙ. එම අදහස ඉවත් කර ගන්න දැන්නම් කාලය හැමෝටම හරි වගේ.අපි මේ රටේ ජීවත් වන අය ලෙස සිංහල ජාතිය මේ රටේ මහ ජාතිය බව අවංකව පිළිගෙන කටයුතු කළ යුතුයි.

    • THE CITIZENS says:

      The overwhelming majority of Sinhala people did not vote for Sajith, just because they wanted to depend the unitary status and sovereignty of their Motherland as their top priority.
      It is fortunate that the people have realized the threat posed by the power greedy UNP ers to unitary status and sovereignty of the country. Though the Sinhala people do not object to their reasonable demands if any , they are not agreeable to their unjust , cunning demands that would lead to divide the motherland immediately or in the distant future.

  5. Gonsun says:

    What ever it is, dont trust 98% of Tamils or
    Muslims.
    They are Racists or Religious fanatics.
    The milky way Galaxy has over 20 million earthvlike planets put of 4.5 Billion Stars.

    Life is every where, but All God beliving Stupid idiots talk about one God making us, and the earth.

    This has created trouble , killing each other, muslims kill christians buddhists , and other muslims too.

    Ban God, the unscientific belief and the world will experiance peace.

Leave a Comment

Main News