සජිත්ට හෝ රාජපක්‍ෂලාට උදවු කරන්න එපා.. ආරක්‍ෂාව මම දෙන්නම්..- චන්ද‍්‍රිකා මෛත‍්‍රිට කියයි..

August 24, 2019 at 11:20 am | lanka C news
සජිත්ට හෝ රාජපක්‍ෂලාට උදවු කරන්න එපා.. ආරක්‍ෂාව මම දෙන්නම්..- චන්ද‍්‍රිකා මෛත‍්‍රිට කියයි..

ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් කිරීම සඳහා සහ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබා නොදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය (22 වැනිදා) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විනි. විනාඩි විස්සක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවති අතර මෙම ඉල්ලීම ඉටු කිරීමට අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපතිනිය, ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඉල්ලීම ඉටු කරන්නේ නම් අවශ්‍ය ආරක්ෂාව ලබාදීමටද තමන්ට ඉදිරියේදී හැකියාවක් පවතින බව හිටපු ජනාධිපතිනිය මෙහිදී ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. හිටපු ජනාධිපතිනිය සහ ජනාධිපතිවරයා අතර සෘජු සාකච්ඡාවක් මෙලෙස පැවැත්වුණේ වසරකට පමණ පසුවය.

– aruna

76 views

17 Comments to “සජිත්ට හෝ රාජපක්‍ෂලාට උදවු කරන්න එපා.. ආරක්‍ෂාව මම දෙන්නම්..- චන්ද‍්‍රිකා මෛත‍්‍රිට කියයි..”

  1. David Milli-banda says:

    Moowa dekata namala redda asse daa ganida ? Muge oluwa hoya ganna bariwenawa.
    “චෞරරාජිණී” thawa world record ekak thiyanna yanne.

Main News