සජිත්ට 40%ක් නෑ.. ගෝටා උඩින්..- අගමැති රනිල් කියයි.. රාජිත අනුමත කරයි.. එජාප ප‍්‍රබලයෝ තක්කු මුක්කු වෙති..

October 17, 2019 at 9:20 am | lanka C news
සජිත්ට 40%ක් නෑ.. ගෝටා උඩින්..- අගමැති රනිල් කියයි.. රාජිත අනුමත කරයි.. එජාප ප‍්‍රබලයෝ තක්කු මුක්කු වෙති..

විදේශීය මත විමසුම්වල කුමක් සඳහන් වුවද දේශීයව කළ මත විමසුම් අනුව ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට තවමත් හිමිව ඇත්තේ සියයට හතළිහකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර ඊයේ (16) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන්ද එක්ව සිටියහ.

මෙහිදී අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය සිදුකළ මත විමසුමකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බවයි. එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ සියයට 40කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසට හිමි වන බවයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී තිබූ ප්‍රතිශතය අවම වී ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂය. මුස්ලිම් දේශපාලන පක්ෂවල අවශ්‍යතා මත කටයුතු කරන බවට මත විමසුමේදී හෙළි වී තිබීම, ප්‍රතිශතය අඩුවීමට හේතුව බව අනාවරණය වී තිබේ. එම නිසා සිංහල ජාතිකයන්ගේ විරෝධයක් මතුව ඇති බව මත විමසුමෙන් අනාවරණය වී තිබේ.

ඉන්දියාව සිදුකළ මත විමසුමකදීද අමාත්‍ය සජිත් ප්‍රේමදාසට වඩා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී පෙන්වා දී ඇත.

මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට යාමේදී පවතින අඩුපාඩු සකස් කර ගැනීමේ ක්‍රමවේද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

– aruna.lk

118,529 Viewers

19 Comments to “සජිත්ට 40%ක් නෑ.. ගෝටා උඩින්..- අගමැති රනිල් කියයි.. රාජිත අනුමත කරයි.. එජාප ප‍්‍රබලයෝ තක්කු මුක්කු වෙති..”

  1. Critic says:

    40% is too much for him. I thought less than 15%. What a country! Some fools are still with these traitors.Sorry for SL.

    • guru says:

      සජිත් සුදුසුද –2
      1 ) සජිත් සිතන්නේ ජනතාව මෝඩයින් කියාය .ඒ නිසා කළ නොහැකි දේ කියයි .රැකියා ලක්ෂ 510 ඇති කරනවා ,කාන්තාවන් කෝටි පතිනියන් කරනවා වැනි කථා කියන්නේ ඒ නිසාය .මෙය ජනතා වාදී නායකයෙක් සතු ගුණයක් නොවේ .
      2 )සජිත්ට පරිපාලනය පිළිබඳ කිසිදු හැකියාවක් නැත .ලාබ ලබමින් තිබු ඉංජිනේරු සංස්ථාව ඔහු යටතේ පාඩු ලබන තත්වයට පත්ව ඇත .එහි සේවකයින්ට පාරිතෝෂික මුදල් ගෙවීමට මෙන්ම අර්ථසාදක මුදල් ගෙවීමටද අසමත් වී ඇත .
      3 )මොහුට කණ්ඩායම් හැගීමක් නැත .පක්ෂයේ නියෝජ්‍ය නායකයා මෙන්ම කැබිනට් ඇමතිවරයෙකු වන මොහු දැන් රඟ පාන්නේ ආණ්ඩුව කළ කිසිම දෙයකට තමා සම්බන්ධ නැති සේය .එය නායකත්ව ලක්ෂණයක් නොවේ .
      4 )සජිත් විරෝධතා ක්‍රියා මාර්ග වලට පිවිසෙන්නේ තම වාසිය සදහා පමණී .ජනාධිපති අපේක්ෂක කම ගැනීමට සටන් වැදුන ඔහු ජනතා විරෝධී කිසිම පනතකට එරෙහිව වචනයක්වත් කථා නොකළේය .ඔහුගේ පියා ඉන්දියන් හමුදා ගෙන්වීමට එරෙහිව විශාල විරෝධතාවයක් ගෙන ගියේය .
      5 )සජිත් අපේක්ෂකත්වය ලබාගන්නේ රනිල්ට අගමැති කමත් පක්ෂ නායකත්වයත් දීමේ පොරොන්දුව යටතේය .බලයට තිබෙන කෑදර කම මින් පෙනෙන අතර තම තනතුර රැක ගැනීම සඳහා රටම වුවත් පාවා දීමට පසුබට නොවන බව මින් පැහැදිළිය .සජිත්ගේ පියා විජේවීර පාවා දීම හොදම උදාහරණයයි .

      • Also,Sajith is faking him as a Buddhist creeping to a church in kirillapona on the sly which he not denied. We know his sister became a born again ( & reports his mother too).We have no issue with anybody with any race religion contesting but they cannot tell lies to hoodwink the Buddhist voter.

      • prabath says:

        Niyamai Saho…well said..

  2. local says:

    Definitely, who’s Sajith compares with Gota.

  3. Pal says:

    Sajith lost most of the new votes, professionals and in the forces due to his speeches.

    Also the expected voters from Ex UNP was not at all were satisfied.

    Also distribution of items like Cement and asbestos sheets had negative effects.

    • guru says:

      සජිත් සුදුසුද ?—-1
      1 )35 දෙනාගෙන් අවම අධ්‍යාපන සුදුසුකම් ඇත්තේ සජිත්ටය .පුළුල් තෝරා ගැනීමකට අවස්ථාව ඇතිවිට ඒ ගැන නොසිතන්නේ ආධානග්‍රාහී මානසිකත්වය නිසාය .
      2)ඔහුගේ බුද්ධියද අවම මට්ටමක පවතින බව කරණ කියන දේ වලින් පැහැදිළි වේ .ඒ දණ්ඩෙන් යා හැකි බව පෙන්වීම ,ශ්‍රී මුඛ කථාව වැනි බොහෝ කරුණු වලින්
      ඒ බව සනාථ වේ .
      3 )සජිත් ක්‍රියා කරන්නේ යට ගවුම් ආණ්ඩුවකට යටත්ව බව බොහෝ කරුණු වලින් සනාථ වේ .දැනටත් අමාත්‍යංශයේ කටයුතුවලට ඇය සහභාගී වේ .ඔහු ජනාධිපති වුවහොත් විදේශ සංචාර වලදී රට අපහාසයට ලක්කරණ බවට සැකයක් නැත .
      4 )කිසි දිනක මොහු පාර්ලි‌‌මේන්තුව තුල හරවත් කථාවක් කර නැත .ඒ අන් කිසිවක් නිසා නොව දේශපාලන දැනුමේ අඩුකම නිසාය .
      5 )මොහුට කිසිදු නිර්මාණශීලි හැකියාවක් නොමැත .තමාගේ වූ දේශපාලන හෝ සංවර්ධන ක්‍රියාවලියක් සජිත් ඉදීරිපත් කර නැති අතර ඒ අඩුව පිරිමසා ගැනීමට
      පියාගේ කරපිට නැග ඇත .

      • wisdom says:

        ඉතා අගනා විමසුමක්. තව එක දෙයක් එකතු කරමු. සජිත් දිනුවොත් රනිල් පරාදයි. ගෝටා දිනුවොත් රනිල් පක්ෂ නායකයා සහ විරුද්ධ පක්ෂ නායකයා ලෙස ස්ථාවර වෙයි . එනිසා රනිල්ගේ යටි සිතේද සජිත්ගේ පරාජය දකින්නට හැක.

  4. Pal says:

    Sajith lost most of the new votes, professionals and in the forces due to his speeches.

    Also the expected voters from Ex UNP was not at all were satisfied.

    Also distribution of items like Cement and asbestos sheets had negative effects.

  5. chandapala says:

    1. අපේම (යුඑන්පි) එවුන් දල පොහොට්ටු වේදිකාවට නගින ශ්‍රීලනිප කාරයන්ට හු කියමූ .
    2. සිංහල මෝඩ චන්දදායකයන්ට සුපිරි බොරු පොරොන්දු සෙට් එකක් දෙමු මොලේ කැරකිලා යන්ඩ.
    3 .ප්‍රශ්න විසදන්න ලේසි වෙන්ඩ හැම චන්ද කොට්ටාශයකම ස්විච් සහිත එබුම්හල් හදමු

    මාරෙට නැගල යන හැටි බලන්ඩකෝ.

  6. කඩුවෙල සිල්වා says:

    අර මුජිබර් රහුමාන් ල්ව්වා තව පාරක් දෙකක් සිංහලයන්ට බන්න පල්ලා උබලගෙ ඔය 40 35ට බහිනවා නොවැ16 වෙනකොට

  7. raju says:

    ME gon katha kiyana, kisima prathipathiyak nathi, horui, ISIS wata karan inna sajith ta 40% tiyenawa kiyanne,lankawe koi thran moda minisu innawa da ? .

  8. David Milli-banda says:

    Press a button Sajith….You can get the situation report from the mid- Wife.
    Thakshanaya…

  9. Kannan says:

    Please Mark my word. Sjith will get maximum 38% even with the support of TNA. this is based on a survey conducted by Foreign diplomats and Investors.

  10. 77 UNP says:

    නොවැම්බර් 16 ජනාධිපතිවරණෙන් UNP+TNA +වහාබ් එකමුතුවට 30% පමණ තමයි චන්ද ගන්න පුළුවන්. නමුත් මොලේ තියන අපේක්ෂකයෙක් දාල තිබුනානම් 35% විතර චන්ද ගන්න තිබුන. දැන් නම් sorry.com තමයි.

  11. Nihal says:

    Sajith will get 38% what nonsence.

  12. George says:

    The Carbon tax was imposed by Sajith’s now close buddy Mangala. Sajith never opposed it then. Now he says he will abolish it. What has Mangala got to say?

  13. sathya says:

    If Sajith has 40% as of now, that means Sajith can never win this election. He has to gain 11% more which is impossible.

  14. tanya potter says:

    American pakayata dinna bah oya mona katha kiwwath,

Main News