සජිත් අගමැතිකම ගන්න කුමන්ත‍්‍රණය කරනවා.. මේවා මූසිල කල වැඩ..- රවි

April 21, 2019 at 9:22 am | lanka C news
සජිත් අගමැතිකම ගන්න කුමන්ත‍්‍රණය කරනවා.. මේවා මූසිල කල වැඩ..- රවි

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මූසිල වගේ උදව් කරපු නායකයා ට එරෙහිව අගමැතිකම ගන්න කුමන්ත්‍රණය කරන බව ඇමැති රවී කරුණානායක මහතා පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේදීය.

අලුත් අවුරුදු සුභ පැතීම සඳහා සිය කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරුන් පිරිස සමඟ ඇමතිවරයා මේ බව කියා තිබේ.

‘නායකකම ගන්න සිරිකොතට ගල් ගැහුවා. තිස්ස අත්තනායකගේ වාහනය කුඩු කළා. වන්දනාමාන කළ බුදු පිළිමයටත් ගල් ගැහුවා. මට පුදුමෙ එහෙම කරපු කෙනෙකුට ශ්‍රී ලංකා ජනජනරංජන කියලා සම්මානයකුත් දීලා.

තවම පාර්ලිමේන්තු ඇවිල්ලා අවුරුදු විස්සක්වත් නෑ. අවුරුදු 30-40 ජෙෂඨත්වය ඇති අය තවම පාර්ලිමේන්තුවේ ඉන්නවා.

මේවා අපේ නායකයාගේ වැරදි. පාර්ලිමේන්තුව ආව ගමන් සෞඛ්‍ය ඇමතිකම දුන්නා. ඊට පස්සේ නිවාස මේ පාර නිවාස හා සංස්කෘතිය දුන්නා.

අන්තිමට මූසිල වගේ උදව් කරපු නායකත්වයට එරෙහිව අගමැතිකම ගන්න හදනවා. කුමන්ත්‍රණවලින් අගමැති කම ගන්න නම් අපි ඉඩදෙන්නෙ නෑ’ යයිද කරුණානායක මහතා එහිදී පවසා තිබේ.

25 views
Main News