සජිත් අගමැති කරන්න සූදානම්.. එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුවක් යලිත්..?

August 19, 2019 at 10:12 pm | lanka C news
සජිත් අගමැති කරන්න සූදානම්.. එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුවක් යලිත්..?

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා අගමැතිවරයා ලෙස පත් කර නැවත වතාවක් එජාප ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සූදානමක් ඇතැයි එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.

මෙම කටයුත්ත මගින් පොදුජන පෙරමුණට එක්වීමට සූදානමින් සිටින ශ්‍රීලනිප මන්ත‍්‍රීවරුන් තව දුරටත් රදවා ශ‍්‍රීලනිපය උත්සාහ ගන්නා බවත් මෙතෙක් සජිත් පාර්ශ්වයට සහයෝගය නොදක්වන ලද මන්ත‍්‍රීවරුන්ගේ සහාය එම පාර්ශවයට ලබා ගැනීමටත් උත්සාහයක් ඇතැයිද සදහන්ය.

ජාතික ආණ්ඩුවක් යටතේ කැබිනට් ඇමතිවරුන් 48ක්, නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුර 45ක් පත් කල හැතිය.

සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති කරවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් ඇති බවට පසුගිය සති අන්තයේ පටන්ම දේශපාලන කරලිය උණුසුම් කල පුවතක් විය.

58,482 Viewers

20 Comments to “සජිත් අගමැති කරන්න සූදානම්.. එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුවක් යලිත්..?”

  1. Nash says:

    විහිලු සැපයීම තවමත් නවත්වා නැත

    • ගෝමස් says:

      කොහොම කොහොම හරි යලිත් මියයමින් සිටින රට වෙනුවෙන් හංසගීතය ගයනා කරපල්ලා. කාළකණ්නි හැතිකරේ.

  2. සමන් says:

    ගෝඨාභයගෙ ආණ්ඩුවකට යනවට වැඩිය මේ මාස කීපයේ ඇමති කටු උරන්න කැමති නම් යන්න. මේ පාවාදීමට චන්දදායකයෝ සලකයි. තන්හාවෙන් ඉදිමුන හැත්ත.

    • Bald Citizen says:

      Well said! A temporary consolation for some.

    • Ex SLFP says:

      කොහෙටවත් ගන්නෙත් නැති ගත්තත් මුකුත් ලැබෙන්නැති කීප දෙනෙක් ඉන්නවා. රිලා සිරි, නිමල් සිරිපාල, අමරවීර වගේ අය. මේ අයට ඇති එකම අවස්තාව තව සැරයක් පක්ෂෙ ගනිකා වෘත්තියේ යොදවල ලැබෙන තුප්පහි සතුටත් ඩොලර් කුට්ටියත් අරගෙන දේශපාලන ලෝකයෙන් මකබෑවී යාමයි. ඒකට මේ කියන ජාතික ආන්ඩුව හොදයි .

  3. Rohan says:

    Mun okkotoma pissu..

  4. PULATHISI says:

    පසුගිය ඊනියා ජතික ආණ්ඩුව කඩා හැලුනු පසු ඔය දෙපැත්තේම කෙරුවාකාරයෝ විවිධාකාරයෙන් දෙපැත්ත විවේචනාත්මකව ප්‍රකාශ කළේ නැවත ජාතික ආණ්ඩුවකට කිසිදා නොයන බවයි.
    දැන් නැවත ජාතික ආණ්ඩුවකට එකතු වෙනවා යනුු දෙපැත්තම “වමාරා කෑමකට” සමානය.
    එසේම ඉදිරි මාස කීපයද අතිවිශාල ලෙස මහජන මුදල් කාබාසිනියා කිරීමකි.

    • ළිහිණි says:

      මහා බැංකු මගඩිය යහපාලනයේ ලොකුම මංකොල්ලයයි එත් තාම මේ හොරු බලයේ …අපේ ජනතාවට තාම මේ හොරුන් නෙරපා දැමීමට බැරිවෙලා
      මුන් මුදල් නොවේ මුළු රටම කාබාසිනියා කරලා ..අරාජික කරලා තමයි යන්නේ ..දැනටම රට අගදයේ

      • Passer_by says:

        The time will fly soon. Though whatever temporary plasters they would try to fix,they would have to face the reality very,very soon.The people are not fools.

      • RATA WESIYO says:

        “THAWATH PAJA WENNADHA HADHANNE”?

      • lotus says:

        HEGIN ganadenu amathakai neda. මහා බැංකු මගඩියත් amathaka wei.
        ඔය දෙපැත්තේම කෙරුවාකාරයෝ අපේ ජනතාවට තාම මේ හොරුන් නෙරපා දැමීමට බැරිවෙලා

  5. charles says:

    If it happens this will help GOTA more.

  6. charles says:

    Sajith will not get the majority support of the parliament for that. Mahinda will help Ranil in situation.

  7. matta says:

    pimpi widayakaya thawamath rata kanda lasthi bawa penawa,

  8. Third Party says:

    Thawath Swayan Vindanayak……..

  9. කැපුවත් යූ.එන්.පී. says:

    සිරිසේන කරපු ගොං වැඩ මදිවට අන්තිම මාස කිහිපයේ මෙහෙම දෙයක් නොකළොත් තමයි පුදුමෙ.

  10. sanda says:

    Api oka hithuwa ohoma wei kiyala Marana Daduwama Kriyathmaka karanna Janapathiya samaga ekata sitagannawa kiwama

  11. Kumari says:

    එජාපයට සහ රටට හිතැති එජාප පාක්ෂිකයා සජිත්ගේ දහං ගැට වලට හසුනොවන බව සජිත් සහ දේශපාලනයේ ‘අ’ යන්න නොදන්නා ඔහුගේ ගෝලබාලයන් දැනගත යුතුය.

  12. Tikiri says:

    අහෝ ලක්මවුතුමියනි මොවුන් ඔබ මියයන තුරු ඔබගේ ගෙල මිරිකාගෙන ඉන්නයි ලෑස්ති වෙන්නේ.මතු පරපුරට ලක්මවක් පැතිවෙයි.

  13. mey sarey sirisena unpyata kadey gihin rata vinaaasa karana tanata ratawaciya mulaa kolot ,siriseynata hena 7 ganna kiyala ape katara gama deywaaaley pol ganaeaka ghanawa mae.

Main News