සජිත් අතහැර ආණ්ඩුවට එක්වන බව ජෙඨෂ්ඨයන් පිරිසක් දැනුම් දේ…

August 11, 2022 at 3:00 pm | lanka C news
සජිත් අතහැර ආණ්ඩුවට එක්වන බව ජෙඨෂ්ඨයන් පිරිසක් දැනුම් දේ…

සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ ඇති මතභේද මේ වන විට ඉතාම උග්‍ර තත්ත්වයට පත්ව තිබේ.

රට ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට පත්ව ඇති මේ අවස්ථාවේ සාමූහිකව රට ගොඩනැගීමට උත්සාහ දැරිය යුතු බව එම පක්ෂයේ විශාල පිරිසක් අදහස් පළ කරමින් සිටිති.

පක්‍ෂයේ ප්‍රධාන තනතුරු දරන ජේෂ්ඨයන් පිරිසක් ද සඳහන් කර ඇත්තේ මේ මොහොතේ ආණ්ඩුවට එක්වී රට ගොඩනැගීමට උත්සාහ කළ යුතු බවත් එසේ නොකළහොත් ජනතාව හමුවේ තම දේශපාලනය ප්‍රතික්ෂේප වනු ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

යම් හෙයකින් පක්ෂය සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් නොවීමට තීරණය කළහොත් තමන් පෞද්ගලික මට්ටමින් ආණ්ඩුවට එක්වන බව දැනටමත් පක්ෂයේ ඉහළම ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇතුළු කණ්ඩායමක් දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

103,490 views

18 Comments to “සජිත් අතහැර ආණ්ඩුවට එක්වන බව ජෙඨෂ්ඨයන් පිරිසක් දැනුම් දේ…”

  1. R.Prema says:

    පුතානෝගෙ විපක්ෂ ණායක කමටත් කෙලවෙයිද?

    • Asoka says:

      Nutana Andaray(Sajith) thumaagay molly parix-sha karanna onay. Kiyannay monawada kiyala Dannay
      nathi gone.

  2. තුෂා says:

    ඒ හදන්නේ ඇමතිකම් අරන් හොරකමි කරන්න…රට විනාශකරන්න

  3. JR says:

    ජලනිත් මෙයාව අතහැර යනවලුද..?

  4. surain says:

    obathuma salenna epa yanna balan inne horu kandayama owunta yanna denna rate 80% duppath ha samannya janathawa obathuma samaga innawa pirisudu palanayak idiri mathiwaranayakadi hadanna igena gaththa tharuna para pura puluwan tharam ekathu kara ganna gam mattamen !

Main News