සජිත් අතහැර සජබ පිරිසක් එජාපයට එක්වෙන්න සාකච්චා කරයි..

May 27, 2020 at 6:30 am | lanka C news
සජිත් අතහැර සජබ පිරිසක් එජාපයට එක්වෙන්න සාකච්චා කරයි..

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන ලෙස පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට දන්වා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අතහැර සමගි ජන බලවේගයට එක් වූ එජාප පිරිස් සම්බන්ධයෙන් අවසන් තීරණයක් එහිදී ගැනීමට නියමිතය.

නමුත් මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට පොරොන්දු වී ඇති පිරිසගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි නොකරනැයි වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇත.

එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජනබලවේගයෙන් මැතිවරණයට තරග වැදීම සඳහා නාම යෝජනා ලබා දුන් එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පොරොන්දු වී ඇති බව වාර්ථා වෙයි.

ඒ අනුව ඔවුන් කිසිවකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි නොකරන ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇත.

මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට එකම එක්වන බවට දැනුම් දී ඇති පිරිසක් සමග දැනටමත් සාකච්ඡා වට කීපයක් පවත්වා ඇත.

49 views

10 Comments to “සජිත් අතහැර සජබ පිරිසක් එජාපයට එක්වෙන්න සාකච්චා කරයි..”

  1. ඊරි යකා says:

    කොහෝමටත් ඒ අයත් මැතිවරණයෙන් පසු හිටපු මන්ත්‍රීලා තමයි රනියෝ

    • kawinda says:

      supurudu theory eka paavichchi karala hemage koluwa hewath puthano newatha UNP ekata ringanna idiriyenama inna bawa penawa. next nalin banda. next thambaya.

  2. බන්දුල සිල්වා says:

    ඔව් ඉතින් ඔය කාළකණ්නි 225 අපතයො හැමදාම කළේ ඒපැත්තෙන් මේ පැත්තට පැන පැන උන්ගෙ සැප හදා ගන්න ඵක.දයාසිරි ජයසේකර කියන්නෙ ඒ වගේ අපතයෙක්

  3. සරා says:

    සජිත් අදබාලයෙක්.කාලය ගතවන්න ගතවන්න ඔහුගේ හිස් බව පෙනෙන්න පටන් ගන්නවා.ඒකයි ඔහු පසුපස ගිය අය නැවත රනිල් ලගට එන්න හදන්නේ.

  4. සකු says:

    සජිත් ජනනි තරහා වෙයි.

  5. Roy says:

    Those who want to join Ranil are Muslims. Stop islamizing UNP.

  6. Wewegadara Appuhamy says:

    There is no major political differences between that Ranil and Sajith of policies by UNP gang.They all are classes of political lumpen. These incorrigible and corrupted that UNP’s political are cancer of our society .
    We wanted totally eliminated these humbugs of UNP’s from our soil once and for all.
    We wanted clean society without UNP TNA JVP and Muslim Congress .
    They are the barriers of Healthy Democracy in Island .

  7. david milibanda says:

    සජිත් ජනනි තරහා වෙයි. Kamak nehe…. Harin ekath yaalu kara gani.