සජිත් අපේක්ෂක කර දිනක් යන්නට පෙර බලය යනු කුමක්දැයි රනිල් කියා දෙයි..
September 27, 2019 at 3:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දීමෙන් පැය 24 ක් ඉක්ම යන්නට පෙර එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
ලෝ ප්‍රකට සටන් නළුවකු වන බෲස්ලී ගේ කියමවක් සමග අගමැතිවරයාගේ පින්තූරය එහි යාවත්කාලීන කර ඇත.
”අනුන් ඔබ ගැන පවසන සියළුදේට හැගීම්බරව ප්‍රතිචාර දැක්වීමෙන් ඔබට ලැබෙන්නේ විදවීමයි.
සැබෑ ශක්තියනම්, සාවධානව පසෙකට වී සියල්ල බුද්ධියෙන් විමසාබැලීමේ හැකියාවයි. ගැඹුරු හුස්මක් ගෙන (දුශ්කර) දේ තමා හැර යන්න ඉඩදීමය”