සජිත් අපේක්‍ෂක වෙනවට අපේ කිසිම විරෝධයක් නෑ.. ගෝටාභය ඉල්ලනකොට තවත් නඩු වැටෙයි..- මහින්ද

June 30, 2019 at 6:50 pm | lanka C news
සජිත් අපේක්‍ෂක වෙනවට අපේ කිසිම විරෝධයක් නෑ.. ගෝටාභය ඉල්ලනකොට තවත් නඩු වැටෙයි..- මහින්ද

සජිත් අපේක්ෂකයා වෙනවාට අපි කිසිම විරුද්ධත්වයක් නැහැ හැබැයි ජනාධිපති වෙනවාට මුළු රටම විරුද්ධයි එතුමා කියන විදියට ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් වෙන්න ඕන ඇස් දෙක යට ගිහිල්ලා තියෙන්න ඕන, හකු යට ගිහිල්ලා තියෙන්න ඕන ඊළඟට රෑට නින්ද යන්නේ නැති වෙන්න ඕන එකට ඩලස් අලහප්පෙරුම මහත්තයා හොඳ උත්තරයක් දුන්නා මම කැමති නෑනේ ඒ උත්තරේ දෙන්න කොහොම වුණත්ඒ උත්තරය හොඳයි කියලයි මම හිතන්නේ හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා කීය.

ඌරුබොක්ක ගින්නැලිය දිව්‍ය ප්‍රේමය දේවස්ථානය සංවර්ධනය කිරීමෙන් අනතුරුව විවෘත කරන අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති වරයා මෙම අදහස් පල කරන ලදී.

මෙහිදී දේවස්ථානයට අදාල ඔප්පුව ප්‍රධානය කිරීම හිටපු ජනාධිපති වරයා අතින් සිදු කෙරිණි මෙම අවස්ථාවට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කේ.එන්.කෞෂල්‍ය කුමාරි මහත්මියද එක්විය.

දේව මන්දිරය විවෘත කිරීමේන් අණතුරුව ප්‍රථම දේව මෙහෙය කොළඹ රදගුරු ඩෙලෝරාජ් රංජිත් කණග සබේ රදගුරුතුමා විසින් සිදුකරණ ලදී.

මෙහිදී වැඩිදුරයත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,

ගමේ තියෙන සමගිය ආගමික සමගියක් පමණක් නෙවෙයි ගමේ තියෙන සමගිය ජාතික සම්බන්ධතා තියෙන කියන එකක් එකත් ඒ නිසා එහි වැදගත්කමක් තියෙනවා

සියලු දෙනාටම එක් රැස් වෙන්න අදහස් ප්‍රකාශ කරන්න අදහස් හුවමාරු කරගන්න අවස්ථාවක් ඒ නිසා පසුගියදා ඇති වෙච්ච අපිට අද අවශ්‍ය නොව නොව ජාතික සංඛ්‍යාව පමණක් නොවෙයි ආගමික සංහිඳියාව වඩාත් ශක්තිමත් කර ආදර්ශමත් රටක් බවට මේ රට පත් කරන්න අපිට පුලුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා මෙවැනි අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන මා සතුටු වෙනවා නැවත වාරයක් ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා

මෙහිදී උත්සවය අවසන් වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට විපක්ෂ නායකවරයා විසින් පිළිතුරු ලබාදෙන ලදී. මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එයට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ අපි පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා අපි මේ වෙන විටත් සාකච්ඡා කරමින් පවතිනවා ඒ උනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමග සාකච්ඡා අඩාල වෙලා නෑ ඒක ඒ ආකාරයෙන් කරගෙන යනවා තුන් කොන් සටනක් ඇති වේ ද නැද්ද නැද්ද කියලා අපි බලමුකො බලමුකො

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩු සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ

ගෝඨාභය ඡන්ද ඉල්ලනකොට තව තව නඩු වැටෙයි යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජන ජන මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කරන ලදී .

මෙම අවස්ථාව සන් සඳහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වන වන ඩලස් අලහප්පෙරුම මහතා,ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,නිරෝෂන් ටප්‍ර්මරත්න මහතා,මහින්ද යාපා අබේවර්ධන මහතා,කංචන විජේසේකර යන මන්ත්‍රීවරුන් සහභාගී වී සිටින ලදී.

අපි ඉතා සතුටු වෙනවා මේ වගේ වෙලාවක මේ දේවස්ථානය නැවත් පුතිසංස්කරණය කරල ආර්බ කරන අවස්ථාවට සම්බන්ධවෙන්න ලැබීම ගැන සතුටු වෙනවා.අද වගේ දවසක කෙසේද මෙය වැදගත් වන්නේ ආගමික සංහිදියාව වඩාත් අවශ්‍ය වෙලාවක එහි වැදගත්කම රටට විතරක් නෙවෙයි මුලු ලෝකයටම ප්‍රදර්ශනය කල අවස්ථාවක්  අද.

පසුගියදා සිදුවූ සිදුවීම් තුල මම හිතන්නේ මුලු ලෝකයටම ආදර්ශයක් වශයෙන් කටයුතු කරන්න ආගමික නායකයින් බැතිමතුන් කටයුතු කල ආකාරය පිළිබදව අගයන්න ඕන කියලයි අපි විශ්වාස කරන්නේ.හැමදාම ජාතික සමගියට ආගමික සමගියට හැමදාම කතාකරන පිරිස්  අපි අගය කරන බවත් මතක් කල යුතුයි.මෙවන් උත්සවයකදී ගරුතර නායක හාමුදුරුවන් ද වැඩම කල අවස්ථාවේදී අපි දකිනවා ගම්තුල මොන ආගමික කටයුත්තක් උවද හැම දෙනාම භේදයකින් තොරව එකතුවෙලා කටයුතු කරන්න හැකියාව තියෙනව’ හිටපු ජනාධිපති වරයා කීය.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

35,193 Viewers

2 Comments to “සජිත් අපේක්‍ෂක වෙනවට අපේ කිසිම විරෝධයක් නෑ.. ගෝටාභය ඉල්ලනකොට තවත් නඩු වැටෙයි..- මහින්ද”

  1. john the baptice says:

    නඩු කොතරම් තිබුනත් ජනතාව ගොටාබය සහා මහින්ද සමගයි ජය වේවා. 2020 වැඩියක් නඩු වලට යන්න වෙන්නේ රාජිතට රනිල්ට මංගලට රවිට බදුර්දින්ට කරුමයට

  2. Bold Citizen says:

    (“හැබැයි ජනාධිපති වෙනවාට මුළු රටම විරුද්ධයි”……) This statement is quite questionable..

Main News