Exclusive : සජිත් අපේක්ෂ කිරීමට අගමැති එකග වේ.. අරලිය මැදුර ඉදිරියේ මාධ්‍ය පිරේ..
September 26, 2019 at 11:23 am | lanka C news
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අර්බුදය අවසන් කරමින් අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කර ඇත.
අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ විශේෂ සාකච්චාවේදී මෙම එකගතාවය පල කර ඇති බව වාර්තා වෙයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුව සදහා එජාප මැති ඇමතිවරු පිරිසක්ද එක්ව සිටියහ.
අරලියගහ මන්දිරය ඉදිරියේ මාධ්‍යවේදීන් පිරි සිටිති.
පස්වරුවේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවද පැවැත්වෙයි.