සජිත් ඉල්ලන ලිපියට අත්සන් තබනු.. නැතොත් මැතිවරණයට නාම යෝජනා නෑ.. සජිත් පිලේ රාජ්‍ය ඇමතිලාගෙන් පසුපෙලට තර්ජන.. අගමැතිට පැමිණිලි කරයි..

September 7, 2019 at 3:50 pm | lanka C news
සජිත් ඉල්ලන ලිපියට අත්සන් තබනු.. නැතොත් මැතිවරණයට නාම යෝජනා නෑ.. සජිත් පිලේ රාජ්‍ය ඇමතිලාගෙන් පසුපෙලට තර්ජන.. අගමැතිට පැමිණිලි කරයි..

ජනාධිපති අපේක්ෂකත්වය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවට එජාප පාර්ලිමේන්තු කණ්ඩායම ලිපියක් අත්සන් ගනිමින් තිබේ.

ඒ සඳහා අත්සන් කරන ලෙස රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු විසින් දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවට අගමැතිවරයාට පැමිණිලි කර ඇතැයි ‘හිරු’ රූපවාහිනිය විසින් වාර්තා කළේය.

එම ලිපියට අත්සන් නොකරන මන්ත්‍රීවරුන්ට මීළඟ මහ මැතිවරණයේදී නාමයෝජනා නොදෙන බවට එකී රාජ්‍ය ඇමැතිවරුන් තර්ජනය කරමින් සිටින බවට පසුපෙල මන්ත‍්‍රී පිරිසක් විසින් අගමැතිවරයාට පැමිණිලි කර ඇති බවද සදහන්ය.

ඉතා ඉක්මනින් එකී රාජ්‍ය ඇමතිවරුන් ගැන සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කරන බව අගමැකිවරයා පැමිණිලිකාර පසුපෙල මන්ත‍්‍රීනට දන්වා තිබේ.

24 views

8 Comments to “සජිත් ඉල්ලන ලිපියට අත්සන් තබනු.. නැතොත් මැතිවරණයට නාම යෝජනා නෑ.. සජිත් පිලේ රාජ්‍ය ඇමතිලාගෙන් පසුපෙලට තර්ජන.. අගමැතිට පැමිණිලි කරයි..”

  1. Rata Wenuwen says:

    ඌරන්ගේ මාලු ඌරන්ගේ ඇඟ උඩ තියාගෙන කපන්න අරගෙන

  2. බනඩා says:

    නියමය්

  3. Rosh says:

    ශුවර් එකටම පූවාලුතඹ සුජියයි ටොමියා අජිතුයි..

  4. Bold Citizen says:

    There should be a mechanism to remove the leader of a political party by an “Impeachment” similar to that of Parliament with a two thirds majority of the working committee and the parliamentary group.. What would have been the fate of Ranil..?? Anyone’s guess is as good as mine..

  5. Ariyathilaka says:

    “හිගන බලු” පොරයකි- එජාපයෙ බල
    අවුලකි,
    ටයර් සෑවල සෙවනැලි- මතුවෙමින්
    තිබෙනා සෙයකි,
    කිම ප්‍රජාතන්ත්‍රවාදය – මිහිදන් කිරීමට
    සැරසෙම්දෝ!
    බලය නැතිවත් මොවුන්ගේ- හැසිරීම
    නම් නින්දනීය ය,
    ගොමරිටි යට බැසුම- තිරිවාන ගල් ජල
    පිට,
    පාවෙන කොසොල් සුපිනය-පලය එළවන
    සෙයකි මේ කල,
    චන්ඩය පචන්ඩය -මොවුන්ගේ හද
    සිතුවිලි, මොවු’නතට පත් කල බලය – සැනසුම
    වැසියාට කෙසේ ලැබ ගැනුම්දෝ!

  6. තනි අලියා says:

    මේ විදියට ප්‍රේමදාස ලා ගේ සම්ප්‍රදාය වුනු මරියාකඩේ සිස්ටම් එකෙන් නම් එන්න හදන්නේ, එදා පරම්පරාවේ උරුමය ඉල්ලන්න ආපු රුක්මන් ට ජේ. ආර්. මාමා කළ දේ මෙදා පරම්පරාවේ උරුමය ඉල්ලන්න එන සජිත් ට ත් කිරීමට රනිල් බෑණා පසුබට විය යුතු නොවේ.

  7. යුක්තිය says:

    රනිල් සජිත් මෙගා නාට්‍යට පොහිට්ටුවෙ නායකයොත් ප්‍රේක්ශකයො වෙලා…! යූඑන්පී එක දෙකට බෙදිල කම්පේන් එක පටන් අරං…! නිවුස් වල වැඩි පුර යන්නෙත් ඒක…! පොහොට්ටුවත් කතා කරන්නෙ ඒ ගැන…! අර හරීන්ගෙ කටින් පැන්න වගේ රනිල් සජිත් ගේම අන්තිමට ෆොන්සේක ජනාදිපති වරනෙට දාල එකම යූඑන්පී රැලක් විදියට ජන්දෙට යනව…! ඔක්කොම එකට රට කෑව…ආයෙ වේල හදා ගන්න යන්නෙ…! ඒ ගැන කතා කරල වැඩක් නෑ..! අපිට අමතක උනු තැන ඉදං යූඑන්පී සක්කිලි සමූහයම ගැන ආපහු කතා කරන්න පටන් ගන්න ඕන…! සැබෑ සිංහල මිනිස්සුන්ට, හාමුදුරැවරැන්ට අපහාස කරල ජාති වාදියො කියල, සහරාන්ලට පු* අල්ලල,ප්‍රභාකරන්ට මහත්තයෝ ගාපු යූඑන්පී සක්කිලි ප්‍රජාව රට ජාතිය ගැන කතා කරනකොට මට හිතෙනව හෙට සුනබයන්ට ඇදුම් අන්දන්න කතා කරනව ඇහෙයිද කියල…..! ඒක ටිකක් හරි සාදාරනයි යූඑන්පී කාරය රට ජාතිය ගැන කතා කරනවට වඩා…! ඔන්න පක්ශය,යූඑන්පී, පාක්ශිකත්දය ඕව ඇහෙනව නම් යූඑන්පී කතාවලින් වැහිකාලෙට බල්ලො රැල යනව වගේ තමයි…! කූඩුවත් කඩං රැල ගිහිල්ල,දම්වල පිටින්ම කඩං යනව… එතකොට තියෙන්නෙ එහෙම තත්වයක්… හදුන්නෙත්ති රතු අලි පැටිය කියන්නෙ නිලධාරී කට්ටිය විතරයි හොරැ…! මංගල උතුමත් රැවටිලා,කිරි ඇල්ල උතුමත් රැවටිලා….! මීඩියා කෝප් එක රගපෑමක්ද,අර්ධ රගපෑමක්ද,වෙන මොකක් හරිද තියෙන්නෙ කියල හොයන්න ඕන..!

  8. gadol says:

    මුන් ජනාදිපති උනානම් කොහොම තියේද තවත් බටලන්දක්

Main News