සජිත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 2/3ක් අත්මන් තබයි.. ජනාධිපති වූ සැණින් ඇමරිකාව සමග මිලේනියම් ගිවිසුමට අත්සත් තබන්න සූදානම්..

August 30, 2019 at 10:00 am | lanka C news
සජිත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 2/3ක් අත්මන් තබයි.. ජනාධිපති වූ සැණින් ඇමරිකාව සමග මිලේනියම් ගිවිසුමට අත්සත් තබන්න සූදානම්..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු කණ්ඩායමෙන් තුනෙන් දෙකක් අනුමත කරන ලද බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සජිත් පිලේ ඇතැමුන්ට විනය පරීක්ෂණ කැදවීමට මහ ලේකම්වරයා විසින් සිදු කළ නිවේදනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ තනි පුද්ගලයෙකුට විනය පරීක්ෂණ කැඳවීමට නොහැකි බවයි.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එවන් තීන්දුවක් ගෙන නැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමරිකාව සමග අත්සන් තැබීමට නියමිත මිලේනියම් ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එහි යම් ප්‍රමාදයක් ඇති බවත් එම ගිවිසුම අනිවාර්යෙන්ම අස්සන් කළ යුතු බවත්ය.

ඉදිරි නව එජාප රජය යටතේ එය ස්ථිර වශයෙන්ම අත්සන් කරන බව ද ඒ සඳහා දැනටමත් කැමැත්ත පළ කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

20,546 Viewers

5 Comments to “සජිත් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 2/3ක් අත්මන් තබයි.. ජනාධිපති වූ සැණින් ඇමරිකාව සමග මිලේනියම් ගිවිසුමට අත්සත් තබන්න සූදානම්..”

  1. Sun says:

    That is the problem of people who have no brains about politics come to power they take shoddy decisions without analyzing the situation. so everybody is going to be in trouble as we are suffering at the moment as the country is collapsed economically. People have to think and compare all alternatives before say yes to these type of people in politics. Now world is competitive and dangerous. Also our people know much better than the politicians about the world and the dirty games they play.

  2. Jehan says:

    Mangala is probably Planing to get illegal support from US to win election.
    That’s why he publically and confidently saying that under their new government they are going to sign US Sri Lanka agreement.
    Mangala is known to thuggery and illegal activities despite he being a homo so its very evident that he’s addressing US

  3. Ariyathilaka says:

    මේ කිසිවක් වීමට හේතු නැත. බොහොමයක් ප්‍රිස සිතා සිටින දෑ කිසිත් සිදු නොවේ. ඕනෑම අයෙකුට උරුමය නැතිව කිසිත් කළ නොහැක. උරුමය නැතිව යමෙක් කරන ක්‍රියා ජය ගත නොහැක. එයට කියන්නේ පෙර පින ලෙසයි. දෛවය යනුවෙන් කියන්නේ ද එයයි. මේවා අධ්‍යාත්මය සමග බැදී ඇත.අපගේ ප්‍රකාශය පිළිබඳව අනාගතයේ අවධානයෙන් සිටින්න..!

  4. හොදයි කලින් කිව්ව එක ඇමෙරිකන් ගිවිසුම් ටික සජිත් ආපු ගමන් අත්සන් කරනව කියල. ඒ ගිවිසුම් වල බ්‍රෝකර් කරුත් මෙයාමනෙ.
    දැං බලමු රනිල්ව පන්නල සජිත්ට චන්දෙ දෙන්න දත් මැදං ඉන්න අය මොකද කියන්නෙ කියල..

  5. ඕක තමයි හත්පොලේ ගාගන්නවා කියන්නේ එන්නත් කලින් මෙගා ඩීල් ගැන කියලා ඉවරනේ 😡😡

Main News