සජිත් උල උඩ.. ආණ්ඩුවට ගියොත් පිරිසක් ස්වාධීන වෙයි.. නොගියෙන් පලුවක් ආණ්ඩුවට යයි..

August 15, 2022 at 10:00 am | lanka C news
සජිත් උල උඩ.. ආණ්ඩුවට ගියොත් පිරිසක් ස්වාධීන වෙයි.. නොගියෙන් පලුවක් ආණ්ඩුවට යයි..

කොන්දේසි පහක් සඳහා එකඟතාවය ලබා ගනිමින් කඩිනමින් සර්වපාක්ෂික ආණ්ඩුවට එක්විය යුතුයැයි සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායමක් එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට විශාල වශයෙන් බලපෑම් කරමින් සිටී.

පහළොස් දෙනකුගේ සීමාසහිත ඇමති මණ්ඩලයක්, හදිසි නීතිය ඉවත් කිරීම, 19 සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම, මාස හයක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීම, පසුගිය කාලයේ සිදු වූ මහා පරිමාණ වංචාවන්ට අදාල පාර්ශ්වයන් වෙතින් එම මුදල් අය කර ගැනීමට ක‍්‍රමයක් සැකසීම යන කොන්දේසි මත එසේ සර්වපාක්ෂික ආණ්ඩුවට එක්විය යුතු බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

මන්ත්‍රීවරුන් 18 දෙනකු පමණ මෙසේ පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් සිටින බවත් මෙම සතිය ඇතුලත එම තීන්දුව නොගන්නේ නම් ඔවුන් තනි තනි වශයෙන් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ වුවහොත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවත් තවත් මන්ත්‍රී කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දී තිබේ.

37,682 views

8 Comments to “සජිත් උල උඩ.. ආණ්ඩුවට ගියොත් පිරිසක් ස්වාධීන වෙයි.. නොගියෙන් පලුවක් ආණ්ඩුවට යයි..”

  1. No to 226 says:

    226 පාර්ලිමේන්තුව ආණ්ඩුව විපක්ෂය ඕවා දැන් අදාල නෑ බං.. මේක ජනතාවට බංකොලොත් රාජ්‍යයක්.

  2. Banda says:

    The situation is too complicated and well over Sajith s capabilities and political maturity.

    Sajith has to be seen as a National Leader and not a political opportunitis.

    He will miss the bus if he wants to play politics in this situation.

  3. Boo says:

    වහාම රනිල්ව ජනපතිධූරයෙන් ඉවත් කරනු. නැතහොත් මගේ චන්දය නැවත පොහොට්ටුවට නොලැබේ.

  4. Lalla says:

    whatever the reason, we need to go for an election. No choice. This parliament does not represent the real voters as of today.

    • Pronto says:

      None of these plaster solutions will prove fruitful. Holding an Election immediately is the only solution! Please do it without wasting time and large sums of our funds.

  5. kumara says:

    Sajith always saying about backbone. but i think he doesn’t have it, because he doesn’t have guts to face challenges. he know how to talk but no one listen him is the reality.

  6. Susantha says:

    ඔය කොන්දේසි 5 5 සපුරනවා නම් ආණ්ඩුවට සහයෝගය දීමේදී කිසිදු වැරැද්දක් වැරැද්දක් නැහැ, මහජනතාව ඉල්ලන්නේ ඕක තමයි

  7. JR says:

    සජියට නං මොනා වුනත් මොකද? ජලනිට යන්නෙ කොහාටද?

Main News