සජිත් එක්ක බෑ.. මං වෙන ගමනක් ආරම්භ කලා..- චම්පික ප‍්‍රසිද්ධියේ කියයි..

February 6, 2022 at 10:22 pm | lanka C news
සජිත් එක්ක බෑ.. මං වෙන ගමනක් ආරම්භ කලා..- චම්පික ප‍්‍රසිද්ධියේ කියයි..

සමගි ජන බලවේගයේ තනතුරු භාර නොගත්තේ තමා ඇතුළු කණ්ඩායමේ අරමුණු ඒ සමඟ නොගැළපීම හේතුවෙන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

සමගි ජන බලවේගය පක්ෂය නිර්මාණය කිරිම සඳහා ද තමන් මූලික වූ බව පවසන චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පසු නැවත දේශපාලනයට පැමිණි අවස්ථාවේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට එහි නායකත්වය සඳහා ඔහු යෝජනා කිරීම සඳහා පුරෝගාමී වූයේ තමන් බව ද පවසයි.

නමුත් පසු කාලීනව සමගි ජන බලවේගය පක්ෂය සමඟ තම කණ්ඩායමේ අරමුණු නොගැලපෙන බැවින් 43 වන සේනාංකය සමඟ වෙනම දේශපාලන මගකට අවතීරණය වීමට තමන් ඇතුළු කණ්ඩායම තීරණය කළ බවද ඔහු සඳහන් කලේය.

මෙරට දේශපාලනයේ කඳවුරු නොමැති බව පවසන පාඨලී චම්පික රණවක මහතා තමන් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නෙකු මිසක නායකයන් පසුපස ගමන් කරන්නෙක් නොවන බව ද අවධාරණය කරයි.

කෙසේ නමුත් තමන් සමගි ජනබලවේගය පක්ෂයට එරෙහිව හෝ විරුද්ධව කටයුතු නොකරන බව පවසන චම්පික රණවක මහතා සඳහන් කරන්නේ රටේ විපක්ෂ කාර්ය භාරය වෙනුවෙන් තමන් ඇතුළු පිරිස සමගි ජන බලවේගය සමග කටයුතු කරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා රටේ බෞද්ධ ජනතාව මුලා කරමින් ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් ගෙන ගිය අශෝභන වැඩපිළිවෙළ හමුවේ බුදුදහම විනාශ වී ඇති බව පවසන පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා අද වන විට බෞද්ධයකු ලෙස නොව කාලි මෑණියන්ගේ නූල දරන පුද්ගලයකු වී ඇති බවයි.

විභාග කොට අවසන් කර ඇති නඩු විභාගයක් නැවත ඉදිරියට ගෙන බිය වැද්දීම් සහ විවිධ අඩත්තේට්ටම් සිදු කරමින් තම දේශපාලන ගමන නතර කළ නොහැකි බව ද පාඨලී චම්පික රණවක මහතා එම සම්මුඛ සාකච්ඡාවේ දී සඳහන් කරනවා.

රටේ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින මොහොතක බැසිල් රාජපක්ෂ මහතා වැඩ ලක්ෂයක් නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හරහා උත්සාහ කරන්නේ තම දේශපාලන හිතමිතුරන්ට කප්පම් ලබා දීම බවද පාඨලී චම්පික රණවක මහතා මෙහිදී සඳහන් කළා.

174,695 views

48 Comments to “සජිත් එක්ක බෑ.. මං වෙන ගමනක් ආරම්භ කලා..- චම්පික ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. Chamara Rodrigo. says:

    හොදයි පාඨලී අධ්‍යාපනය නැහැ කියමු, මෙච්චර කල් අපේ රටේ අවසාන ආණ්ඩු 3 තුල ඉහලම සාර්ථක ම වූ අමාත්‍යවරයා පාඨලී පමණයි. වෙන කිසිම ශ්‍රී ලංකා අමාත්‍යවරයෙක් පාඨලී ට ලං කරන්නත් බැහැ. හැදූ ව්‍යාපෘති සියල්ල ඉහලම සාර්ථකත්වය පත්වූවා ආදායම් ලැබුවා විදේශීය ආයෝජන ගෙනාව. කොලඹ වරාය නගරය බද්දට දීලා සින්නක්කරයෙන් ගලවලා ලංකාවේ කොඩිය දාලා එතන හදන්න තිබ්බ formula 1 Fast track එක අහෝසි කරලා මහජන උද්‍යානයක් කලා.
    රට පුරාම ව්‍යායාම පිටි, විනෝද සේම ආදායම් අවසථා, නගර මධ්‍ය උද්‍යාන, වැල්ලවත්ත – කොටුව බේරේ වැව බෝට්ටු සේවය ඔක්කොම කලා. කඩවත Inter Circle එක New Kelani Highway Bridge එක දැක්කා නේද? උඩින් යන සැහැල්ලු 🚆 Metro එක Japanese Donations. ඒක හදන්න හිටියේ සම්පූර්ණයෙන්ම කොළඹ තදබදය බහින්න. උඩින් යන කෝච්චි මාර්ග 7ක් මොරටුවේ න් එකක් යනවා ඒක Orange Line. මේ ආණ්ඩුව ආව ගමන් අනේ චීනය ආවා ජපානය එක්ක තරහයි ඕක නවත්තපන් කිව්වා මේ රජයෙන් නැවත්තුවා.
    එච්චර දෙයක් කල පාඨලී මෙච්චර කල් හිටිය සහ ඉන්න දක්ෂතමයා රට පක්ෂ භේදභින්නතා ඉක්මවා ගොඩගන්න.

Main News