සජිත් එජාපයෙන් වෙන්වීම තහවුරු කරයි.. සමගි ජන බලවේගය පිහිටුවයි.. එජාපෙ සුළු පක්‍ෂ සමග සන්ධානගත වේ..

March 2, 2020 at 1:20 pm | lanka C news
සජිත් එජාපයෙන් වෙන්වීම තහවුරු කරයි.. සමගි ජන බලවේගය පිහිටුවයි.. එජාපෙ සුළු පක්‍ෂ සමග සන්ධානගත වේ..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ අද කොළඹ දී නිල වශයෙන් එලි දක්වනු ලැබීය.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඒ සදහා ගිවිසුම් ගත වීම සිදු කරන ලදී.

එක්සත් ජාතික පක්ෂය සමග මෙතෙක් එක්ක සිටි පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ම නව බලවේගය සමග ගිවිසුම්ගත වූහ.

රවුෆ් හකීම්, රිශාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, චම්පික රණවක, පලනි දිගම්බරම්, වඩිවේල් සුරේෂ්, රාධක‍්‍රිෂ්ණන් යන පක්‍ෂ නායකයන් අද දිනයේ එම බලවේගය සමග ගිවිසුම්ගත වූහ.

339 views

19 Comments to “සජිත් එජාපයෙන් වෙන්වීම තහවුරු කරයි.. සමගි ජන බලවේගය පිහිටුවයි.. එජාපෙ සුළු පක්‍ෂ සමග සන්ධානගත වේ..”

  1. OBA HARIYATA HARI රාහුල කොලුවා