සජිත් එජාපයෙන් හා දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කරයි..

November 19, 2019 at 10:00 am | lanka C news
සජිත් එජාපයෙන් හා දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කරයි..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තරග කර පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

බොහෝ දුරට ඔහු දේශපාලනයෙන්ද සමුගනු ඇති බවද දැනගන්නට ඇත.

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ද කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවයි.

ජනාධිපතිවරණයෙන් තමන් පරාජය කිරීමට පක්ෂයේ නායකයා ඇතුළු පිරිසක් වක්‍රව කටයුතු කර ඇති බව ඔහු විස්වාස කරන බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් ඉවත්වීම සමීපතමයන් පිරිසක් මැදිහත් වී වළක්වා ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය භාර නොදෙන්නේ නම් මීළඟ මහ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් වෙනම දේශපාලන බලවේගයක් ලෙස තරගවැදීමට එම කණ්ඩායම දැනටමත් තීරණය කර තිබේ.

ඒ සදහා සූදානම් වීමට අවශ්‍ය කාලය ලබා ගැනීමට හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අවශ්‍ය 2/3 බලය ලබා නොදීමටද එම කණ්ඩායම දැනටමත් තීන්දු කර ඇත.

271 views

13 Comments to “සජිත් එජාපයෙන් හා දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කරයි..”

  1. damian says:

    සජිත් කිසි ලෙසකින් රටක නායකත්වයට සුදුසු හැකියාවක් හෝ බුද්ධියක් සහිත කෙනෙකු නොවන බව ඔහු හා වටේ ඉන්න අය තේරුම් ගත යුතුයි .
    ඒ ඔහුගේ වැරැද්දක් නොව ඒ මනුස්සයා ගේ උපන් ගතිය ය.

  2. Angoda Buva says:

    අනේ එයාට යන්න දෙන්නම එපා….කොහොම හරි එයාව නවත්ව ගන්න…වැඳල කියන්නම් එයාව නවත්වා ගන්න.

    වෙන මොකටවත් නම් නෙමේ ලඛන පාරත් මෙයාට කියල රටටම හොඳ ගොන් ආතල් ටිකක් ගන්න.

    නැතිව ඉතිං තමාගෙ ජය වෙනුවෙන් රට ජාතිය දෙකම මෙහෙම තුච්චම විදිහට පාවා දීපු එකෙක්ගෙන් වෙන මොනව ගන්නද ?

    අනේ නිකන් තවත් පඩ ෂෝ නොදා ඉඳපල්ල තොපේ ඔය පඩ ෂෝ දැන් මිනිස්සුන්ට තිත්තම වෙලා තියෙන්නෙ.

    මොකද එයාට දේශපාලනේ අත්හැරල ගිහින් රජයේ රැකියාවක් කරන්න සුදුසු කම් තියෙනව කියලයෑ.

  3. Malvathu Asgiri Girigoris says:

    එහෙම නම් full time නිදන් හෑරීමට කාලය මිඩංගු කල හැකියි.

Main News