සජිත් එජාප නායක කිරීම අනිද්දා බදුල්ලෙන්.. රනිල්ට සැලසිලි තනතුරක් දෙනවා..

August 10, 2019 at 9:20 am | lanka C news
සජිත් එජාප නායක කිරීම අනිද්දා බදුල්ලෙන්.. රනිල්ට සැලසිලි තනතුරක් දෙනවා..

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා වන පළමු ජයග්‍රහී ජනරැළිය එළඹෙන සඳුදා දින බදුල්ලේදි පැවැත්වෙන බව අජිත් පී පෙරේරා මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා කියාසිටියේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු යැයි පාක්ෂිකයන් සියයට අනූ නවයක්ම කැමැත්ත පළ කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට සහ පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු හිටපු නායකයාට අභිමානයෙන් යුතු සුදුසු තැන් වල තබනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය උඩු යටිකුරු කරමින් විපක්ෂය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක කරවීමේ සූදානමක් ඇති බවත් එසේ වුවහොත් මිලිටරි පාලනයක් මගින් නැවතත් ‍ප‍්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත අභියෝගයක් එල්ල කරනු ඇති බව ද ඔහු කියා සිටියේය.

48 views

22 Comments to “සජිත් එජාප නායක කිරීම අනිද්දා බදුල්ලෙන්.. රනිල්ට සැලසිලි තනතුරක් දෙනවා..”

  1. Sumudu says:

    තොපි පහුගිය කාලේ ගෙනගියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නම් ඒ වල්බූරු ක්‍රමය උඩුයටිකුරු කල යුතුමය

  2. SuMa says:

    “ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක කරවීමේ සූදානමක් ඇති බවත් එසේ වුවහොත් මිලිටරි පාලනයක් මගින්….”

    එතකොට ටොමියෝ සරත් ෆොන්සේකා ජනාධිපති කොරන්න ට්‍රයි කොරේ මොකටද කියලා පැහැදිලි කරනවද?

  3. 77 UNP says:

    UNP යනු ශ්‍රී ලංකාවේ උගත් සහ හරවත් මිනිසුන්ගෙන් යුක්ත පක්ෂයක් ලෙස 1950 ගණන්වල සිට සම්භාවනාවට පාත්‍ර වී තිබුණා. එහි නායකයන් සාතිශය බහුතරය උගතුන් වූ අතර රටේ බහුතරයක් ජනතාවට සම්භාවනීය නායකත්වයක් ලබා දුන්නා.JR දක්වා සියලු නායකයන්ද ලලිත්, ගාමිණී ආදී දෙවන පෙලද පාක්ෂිකයන්ට ගෙනදුන්නේ ගෞරවනීය පක්ෂයක සාමාජිකයන් අපි වෙමු යන සතුටයි. රනිල් මොනතරම් විවාදාත්මක තීරණ ගත්තත් පාදඩයන්ගේ නායකයෙක් නොවීය. නමුත් 1993 පාදඩ සංස්කෘතියෙන් ගැලවුන UNP ය ආපසු හැරවිය නොහැකි පාදඩ අන්තයක් කරා ගමන්කරණ ලකුණු පෙනේ. එසේ UNP නායකත්වය උගත් සහ පෞද්ගලිකව ගරුත්වයක් සහිත පුද්ගලයකුගෙන් ගැලවුනොත් කියන්න වෙන්නේ, අහෝ දුකකි යන්න පමණය. UNP යේ උගත් සහ හරවත් මිනිසුන් පාදඩයන්ගෙන් වෙන්වී අදත් පක්ෂයේ සිටින උගත් සහ හරවත් මිනිසුන් හට නායකත්වය දීමය. SLFP යට එරෙහිව පොහොට්ටුව කලේ එයමය.

  4. Me3 says:

    කොටනං කංකරු

  5. Kadiya says:

    ප්‍රජාතන්ත්‍රවාදය යනු නායකයට ගොට්ට අල්ලන උන්ට පෙට්‍රල් ෂෙඩ්, හොරකම් කරපු සල්ලි, බාර් ලයිසන් ලැබෙන නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට නායකයෝ කියා කියන උන් කරණ කතන්දර අහගෙන අත්පුඩි ගහන්න ලැබෙන නිදහසටයි. ඒ වගේම පරණ නායකයා එපාවුණාම අලුත් එකෙක් පස්සෙන් ගිහින් තවත් වටෙකින් පෙට්‍රල් ෂෙඩ්, හොරකම් කරපු සල්ලි, බාර් ලයිසන් ලබාගන්න තියන නිදහසයි.

  6. Sun says:

    We need a leader with determination to cut down all the expenses to the cabinet ministers. Mot of them are in the run of filling pockets doing nothing. One reason is they do not have tuned brains to see the happenings and the expenses. Just imagine how many people they employ for nothing such as security. Look at developed countries for a second. They use public transport. No many drivers like this. We are getting loans and live. Where is our income. Country will collapse soon. Think my dear friends. Only one leader is showing how to restructure the country.

  7. Kishan says:

    this Tommy has to survive by joining Sajith to get his nomination again.Because this guy has lost his electorate for his party in every election ever since he came to politics, So he is playing his last trump to survive in the politics to save his carrier and wealth.

  8. Sun says:

    We are lost our way due to the people who were doing the government. They are just dragging some money for them by breaking banks. People are really suffering. No body is talking about them, without developing the country they have no way of surviving. So many crimes round the country. No discipline in the country as they know the big people are engaged in all sort of illegal things. So where are the brains to plan for these suffering people. Here we need the brains and thinking .

Main News