නව සන්ධාන ව්‍යවස්ථාව එජාප කෘත්‍යාධිකාරියේදී සම්මත නොවේ… දැඩි උණුසුම් තත්වයක්..

August 1, 2019 at 1:20 pm | lanka C news
නව සන්ධාන ව්‍යවස්ථාව එජාප කෘත්‍යාධිකාරියේදී සම්මත නොවේ… දැඩි උණුසුම් තත්වයක්..

නව සන්ධානයක් ගොඩ නැගීම සදහා යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත වී නැති බව ආරංචි මාර්ග කියයි.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්විය.

මෙම යෝජනාවලිය ඉදිරිපත් කිරීමත් සමග එහි උණුසුම් වාද විවාද ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.

ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තේරීම මන්ත‍්‍රී කණ්ඩායමෙන් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීම සදහා මෙම නව සන්ධාන ව්‍යාවස්ථාව ඉදිරිපත් කර ඇති බව එජාප මැති ඇමති පිරිසක් අදහස් දක්වා ඇත.

ඔවුන් යෝජනා කරන්නේ සන්ධානයක් සෑදීමට පෙර එජාපය විසින් ජනාධිපති අපේක්‍ෂකයා නම් කල යුතු බවයි.

කෙසේ වෙතත් අදාල යෝජනාවලිය සම්බන්ධයෙන් ඇති සංශෝධන ලිඛිතව ලබා දෙන ලෙස අගමැතිවරයා විසින් දන්වා ඇත.

එමෙන්ම 05 වැනිදා යොදාගෙන තිබුණු නව සන්ධානය එලි දැක්වීමට දින නියමයක් නැතිව කල් යන ලකුණු පහල වී තිබේ.

78 views

15 Comments to “නව සන්ධාන ව්‍යවස්ථාව එජාප කෘත්‍යාධිකාරියේදී සම්මත නොවේ… දැඩි උණුසුම් තත්වයක්..”

  1. JOHN says:

    මුන් දැන් අනාථ වෙලා ඉන්නේ ඔබගේ වටිනා චන්දය රැකගන්න

  2. එ.ජා.ප. ය දිනේවා! සියළු දෙනා මෙත් වඩන්න.

  3. Wasala says:

    I think the country, civil society and citizens cannot pay any more price for these inter party and intra-party gambling for politics. We need to be one nation and one society. My humble invitation for the Forces to intervene and arrest all these criminals and establish law and order with a fair justice system!
    ENOUGH is ENOUGH!!! Cannot waste time any more, Vultures are eagerly waiting to grab the flesh and the born of this beautiful nation!

Main News