සජිත් කපා දමා නියෝජ්‍ය නායකකම රාජිතට.. සජිත්ගේ දැඩි විරෝධයෙන් එජාපය උණුසුම් වේ..

April 11, 2018 at 10:00 am | lanka C news
සජිත් කපා දමා නියෝජ්‍ය නායකකම රාජිතට.. සජිත්ගේ දැඩි විරෝධයෙන් එජාපය උණුසුම් වේ..

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරය සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට ලබා දීමට යෝජනා වී ඇත.

ඒ සමග එම පක්‍ෂය තුල උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

එජාප ප‍්‍රතිසංවිධාන කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමති සාගල රත්නායක මහතා විසිනි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එජාපයේ වත්මන් නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් දක්වා තිබින.

ඇමති රාජිත සේනාරත්න හා ඔහුගේ පුත් චතුර සේනාරත්න එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට දැනටතමත් එකග වී සිටී.

111 views
Main News