සජිත් කැපී යයි.. මහ මැතිවරණයේදී එජාපය මෙහෙයවීම කරුට.. කරූ එකග වෙයි…

January 2, 2020 at 3:50 pm | lanka C news
සජිත් කැපී යයි.. මහ මැතිවරණයේදී එජාපය මෙහෙයවීම කරුට.. කරූ එකග වෙයි…

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

නමුත් කථානායක කරු ජයසූරිය මහතා කථානායක ධුරයේ රැඳී සිටි නිසා එම වගකීම් භාර ගැනීමට ඔහු විසින් ඉදිරිපත් කර ඇති බව කියන කොන්දේසි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර ගැනීමට හෙට දින දක්වා කල්දමා ඇතැයිද සදහන්ය.

කරු ජයසූරිය මහතාට මේ සම්බන්ධයෙන් කළ යෝජනාවේදී ඔහු දැනුම් දී ඇත්තේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම අනුමැතිය මත එම වගකීම බාර දෙන්නේ නම් පමණක් පක්ෂයේ හා පාක්ෂිකයාගේ අනාගතය උදෙසා ඒ පිළිබඳව සලකා බැලිය හැකි බවයි.

191 views

2 Comments to “සජිත් කැපී යයි.. මහ මැතිවරණයේදී එජාපය මෙහෙයවීම කරුට.. කරූ එකග වෙයි…”

  1. Rata Wenuwen says:

    පෑඩ් සජියෝ වෙල්ල හැලිය වෙත ගමන් අරඹන්න පුලුවන්, අන්න පේඩි මාමායි රෙදි නැන්ඳයි දෙන්නම බලාගෙන ඉන්නවා කිලිටි රෙදි ටික පොට්ටනි ගහගෙන

  2. G says:

    Chak…
    Swarnama avastavak
    Magahara ganna vage yanne..