‘සජිත් කියන්නේ හොරි කතා.. කහනතුරු සනීපයි..’ රුපියල් 50,000කින් පඩි වැඩිකලොත් රටට වෙන දේ බන්දුල කියා දෙයි..

August 16, 2019 at 6:48 pm | lanka C news
‘සජිත් කියන්නේ හොරි කතා.. කහනතුරු සනීපයි..’ රුපියල් 50,000කින් පඩි වැඩිකලොත් රටට වෙන දේ බන්දුල කියා දෙයි..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසන ආකාරයට ඔහු ජනාධිපති වුවහොත් රුපියල් පනස් දහසකින් රජයේ සේවකයන්ගේ වැටුප් කිසිසේත්ම වැඩි කළ නොහැකි බව හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනටමත් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 900ක මුදලක් වැය කරන බවයි.

තවත් රුපියල් 50,000 කින් වැටුප් වැඩි කළහොත් තවත් බිලියන 900 ක මුදලක් ඒ සඳහා අමතරව වැය වන බව ද ඔහු පැවසීය.

මෙරට සම්පූර්ණ වාර්ෂික ආදායම රුපියල් බිලියන 2000 ආසන්න මුදලක් පමණක් බවත් එයින් බිලියන 1800ක් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට වෙන් කළහොත් ඉතිරි කටයුතු සදහ් බිලියන 200ක් කිසිසේත්ම ප‍්‍රමාණයත් නැති බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

‘හොරි වගේ කහනකන් සනීපයි.. පස්සේ තමයි දැවිල්ල එන්නේ’ යයි ද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

කසනකල් සනීපයි පස්සේ දැවිල්ලයි – බන්දුල

කසනකල් සනීපයි පස්සේ දැවිල්ලයි – බන්දුල

Gepostet von Ada Derana Sinhala am Donnerstag, 15. August 2019

36 views

16 Comments to “‘සජිත් කියන්නේ හොරි කතා.. කහනතුරු සනීපයි..’ රුපියල් 50,000කින් පඩි වැඩිකලොත් රටට වෙන දේ බන්දුල කියා දෙයි..”

  1. kawinda says:

    Ranil kiuweth oya jaathiye kathaama thamai. meka UNP eke heti. rajaye sewakayo gobbayo kiyala hithanne. thope topiyata rewatena rajaye sewakayo den nehe. pitarata aadhaara walin yepenawa kiyana sajith kohomada 50,000 kin padi wedi karanna.?

Main News