සජිත් කියූ දේ කරන්න ලංකාවේ වාර්ෂික ආදායම ටි්රලියන 220ක් විය යුතුයි.. ජාතික ආදායම 1100%කින් වැඩි කල යුතුයි..- සජිත්ගේ රසකතාවලට විද්‍යාත්මක පිලිතුරු..
September 4, 2019 at 6:48 pm | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
“මගේ ලඟ බොරුව නෑ” කියා සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා. තමන් බොරු කරන්නේ නැති නම් එතුමා කරන බව කියන දේ කරන හැටිත් කියන්න ඕනෑ.
තමන් ජනාධිපති වුණු පසුව සෑම රණවිරුවෙකුගේ ම දෙපා මුලට යන බවට සජිත් මැතිතුමා කිව්වා. විශ්‍රාමික වගේම සක්‍රිය සේවයේ සිටින ලංකාවේ ලක්ෂ පහක් රණවිරුවන් ඉන්නවා. ජනාධිපතිවරයෙකුගේ නිල කාලය දින 1,825යි. ඒ අනුව එක දිනකට රණවිරුවන් 274දෙනෙකුගේ නිවෙස් වලට යන්න ඕනෑ. ජනාධිපතිතුමා වෙන කිසිම රාජකාරියක් නොකර කන්නේ බොන්නේ නිදා ගන්නේ නැතුව අඩුම ගණනේ නාන්නේ වත් නැතුව රණවිරු නිවෙස් වලට යෑම විතරක් කළත් අවුරුදු පහ මදි සෑම රණවිරුවෙකුගේ දෙපා මුලට යන්න.
සෑම කාන්තාවක්ම කෝටිපතිනියක කරනවා කියලාත් සජිත් මැතිතුමා කියනවා. ලංකාවේ ලක්ෂ 114ක් කාන්තාවන් ඉන්නවා. ඒ හැමදෙනාම කෝටිපතිනියක් වෙන්න ඒ අයගේ වාරෂික ආදායම ට්‍රිලියන 114ක් වෙන්න ඕනෑ. ඒ සඳහා ජාතික ආදායම ට්‍රිලියන 220ක් වෙන්න ඕනෑ. 2018 වසරේ දී ලංකාවේ ජාතික ආදායම ට්‍රිලියන 14යි. එහෙම නම් සජිත් මැතිතුමාගේ සිහිනය සැබෑ වෙන්න නම් ජාතික ආදායම 16 ගුණයකින් වැඩි වෙන්න ඕනෑ. පසුගිය වසරේ ජාතික ආදායම යන්තමින් 3.5%කින් වැඩි කළ ආණ්ඩුවේ දෙවැනියා තමයි ජාතික ආදායම 1,100%කින් වැඩි කරන බවට පම්පෝරි ගහන්නේ.
එතුමා තව රස කතා ගොඩක් කිව්වා. මම ජනාධිපති වෙලා ලංකාවේ සෑම ගමකටම එනවා කියලා කිව්වා. ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14 022 තිබෙනවා. ඒ තුළ ගම්මාන 38 259 ක් පමණ තියෙනවා. ගම හරහා දිවීමේ තරගයක් විදිහට ගියත් දින 1,825 දි එනම් ජනාධිපති ධූර කාලය තුළදී එතුමාට ඒක කරන්නට බැරි වෙනවා.
ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමනි බොරු කියන්නේ නෑ යැයි ඔබ කියූ එක තමයි ඔබ මෙතෙක් කියූ ලොකුම බොරුව කියලා මට කියන්නට වෙනවා. අදින් පසු පන්සිල් ගනිද්දි මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි කියන සිල් පදය ගැනීමෙන් වැළකී සිටින්න කියල මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.
– අරවින්ද අතුකෝරල