සජිත් කොරෝනා ආශ‍්‍රිතයෙක් වෙයි.. සෞඛ්‍ය අංශ ඒ බව ඔහුට දැනුම් දෙයි..

October 21, 2020 at 11:23 am | lanka C news
සජිත් කොරෝනා ආශ‍්‍රිතයෙක් වෙයි.. සෞඛ්‍ය අංශ ඒ බව ඔහුට දැනුම් දෙයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයෙකුගේ දෙවැනි පෙල ආශ‍්‍රිතයෙක් ලෙස හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

එසේ හඳුනාගත් වහාම සෞඛ්‍ය අංශ විසින් ඔහුට එ් බව දැනුවත් කර ඇතැයිද ඇමතිවරයා පැවසීය.

යාල වනෝද්‍යානය ආශ්‍රිතව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ආශ්‍රිත වී ඇතැයි ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සෞඛ්‍ය ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

මීට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමාට සෞඛ්‍ය අවශ්‍ය විසින් ලබාදුන් උපදෙස් එලෙසින්ම ක්‍රියාත්මක කළ බවයි.

86,302 views

27 Comments to “සජිත් කොරෝනා ආශ‍්‍රිතයෙක් වෙයි.. සෞඛ්‍ය අංශ ඒ බව ඔහුට දැනුම් දෙයි..”

  1. Himali says:

    කරුණාකර මෙයාව ස්වං නිරෝධායනයට යොමු කරන්න

    • RED BULL says:

      එයා දැනටත් ස්වයං තමයි.ඒකයි තාමත් නැත්තෙ.

    • නුතන says:

      මෙයා තාමත් හොරෙන් හොරෙන් රෑට දඩයමේ යන බව පැහැදිලියි .ඇතින්නියෝ මරලා ඒ ශාපය ගහලා

    • ප්ලකනිල් පෑඩ් සජිත් says:

      8 ෆේල් නෝ කැපෑසිටි බූරු පුතානෝ ව නීරෝධායනය කරන්න කලින් පුණුරුත්ථාපනය කරලා මුල් ලමාවිය සංවර්ධණය කරලා ගන්න වෙනවා

  2. MD says:

    කරුණාකර ඔය මනුස්සයාට පැකනිල් පොවන්න.දැනටමත් කියන්න බැහැනේ.උණ වැඩිවෙලා ද කොහෙද අන්න පාර්ලිමේන්තුවේ පිස්සුවෙන් වගේ දොඩවනවා.

  3. හිටං says:

    කිරිඇල්ල කොරොනා හැදෙයි ළඟ ඉදලා පව් ..නුවරත් ඉවරයි ..

Main News