සජිත් ගස්.. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 380ක් සජිත් අවභාවිත කල බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සාක්‍ෂි දෙයි..

February 10, 2020 at 2:10 pm | lanka C news
සජිත් ගස්.. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 380ක් සජිත් අවභාවිත කල බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සාක්‍ෂි දෙයි..

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා විසින් අරමුදලේ අරමුණුවලට පටහැනි කටයුතු සදහා වියදම් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කරන්නේ  මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 1600 ක් ණයකරුවෙකු වී ඇති බවයි.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ යහපාලන රජයේ මධ්‍යම සංස්කෘතික අරමුදල භාර ව සිටි  ඇමතිවරයා මෙම මුදල් සිය මැතිවරණ කටයුතු සදහා අනිසි ලෙස යොදවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බව ද ඇමති රණතුංග මහතා අවධාරණය කරයි.

රඹුක්කන, දැලිවල, කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනාරල්වරයා මෙම කරුණු අනාවරණය කළහ. නව වෙබ් අඩවිය නිර්මාණය කර තිබුණේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාගේ මැදිහත්වීමෙනි.

ඓතිහාසික දැලිවල කොටවල රජමහා විහාරස්ථානයේ තිබී බුදුන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ සිරුර වෙලු බව කියන සිවුරු කොටසක් හමු ව තිබේ. එය වසර 2200 කට වඩා පැරණි බව අනාවරණය වි ඇත.

නව වෙබ් අඩවිය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

අපේ රටට එන සංචාරකයෝ වර්ග කීපයක් ඉන්නවා. එක කණ්ඩායමක් එන්නේ අපේ රටේ ලස්සන බලන්න . තවත් කණ්ඩායමක් එන්නේ මුහුදු වෙරළ ආශ්‍රිතව සංචාරය කරන්න. තුන්වෙනි පාර්ශවය තමයි ඉතා වැදගත්. ඔවුන් එන්නේ මේ රටේ සංස්කෘතිය විදින්න. පුරාවිද්‍යා ස්ථාන බලන්න. ඒ නිසා  මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති සිද්ධස්ථාන ආශ්‍රිතව සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් අපි  ආරම්භ කරනවා. සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව එක් ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පුරාවිද්‍යා වටිනාකමක් ඇති ආගමික සිද්ධස්ථාන වල වටිනාකම නැති නොවන ආකාරයෙන් මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. මේ අනුව සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන අප හදුනාගනිමින් තියෙනවා. එම ස්ථාන සදහා අප විසින් විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

පහුගිය ආණ්ඩුව අපේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය ගැන නොසලකා හැරියා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක තැන්පතුව සහ රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා භාවිතා කළේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඒ වගේම අනවශ්‍ය ලෙස පුද්ගලයන් රැකියාවට බදවා ගනිමින් ඔවුන්ට වැටුප් ගෙවීමට මේ අරමුදලේ මුදල් භාවිතා කළ බව වාර්තා වෙනවා. මේ අරමුදල ගොඩ නගලා තිබුණේ අපේ රටේ පුරාවිද්‍යා ස්ථන රැක ගැනීම සදහායි. අපේ ආණ්ඩුව මේ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා

2015 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළෙන කොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුවක් තිබුණා. ඒ වගේම සංචිතයේ රුපියල් මිලියන 800 ක් තිබුණා. මේ මුදල් අරමුදලේ අරමුණු වලට පටහැනි කරුණු සදහා හිටපු ආණ්ඩුව යොදවා තිබෙනවා. ඒ වගේම තවත් රුපියල් මිලියන 1600 ක් දැන් මධ්‍යම සංස්කෘතික අරමුදල ණයයි. අප මේ සංචිතය ගොඩ නගා තිබුණේ සංචාරක කර්මාන්තයෙන් උපයා ගත් මුදලින්. විදේශීය හා දේශීය සංචාරකයන් මේ පුරාවිද්‍ය ස්ථාන නැරඹීමට යාමෙන් අපිට ලැබුණු මුදලින් නව රජය යටතේ අපිට මේ ණය මුදල වසරක් තුළ ගෙවා දැමීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරනවා. සංචාරක සංවර්ධන අධිකාරියත්, පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවත් අපත් එකතු වී පුරා විද්‍යා ආශ්‍රිත සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නවා.

හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා මහතා ද මෙහි දී කථා කළේය .

– ප්‍රදීප් අනුර කුමාර

52,789 Viewers

14 Comments to “සජිත් ගස්.. මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 380ක් සජිත් අවභාවිත කල බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සාක්‍ෂි දෙයි..”

  1. Chamodi says:

    පුතානෝ. බිය නොවනු. මහින්ද මාමා කිසිමදාක දේශපාලකයන්ට දඩුවම් දීමට ඉඩ නොදේ

    • Dilshan says:

      Please Priminister Mahinda Rajapaksha do not intervene to save this “Thakkadiya” like you offered to help his sister who mint her own money

    • kawinda says:

      ape aanduwa yahapaalana aanduwa wage paliganne nehe. horu horu kiya kiyaa ke gahanneth nehe. dittadhamma vedaniya karmaya anuwa siyalla siduwei. prasannalaath ke gahanne BORUWATA. show eka vitharai. naduwak daala neethi magin katayuthu karanna beri ei..? me aanduwa kawadaawath kamba horek allanne nam nehe. thawa tika dawasakin Raniluth ratin yai.

    • Alapaluwa says:

      සමහරවිට මුගේ නන්ගිද අක්කද මන්දා හොර සල්ලි අච්චු ගසා හසුවෙලත් අපේ මහින්ද මාමා බේරුවා නොවැ ඉතින් මේකත් එසේ කරයි ගොටභය මැතිතුමා නැතිනම්.

    • ඩපයා says:

      ආපු දවසේ ඉඳලා මුන් ගහන බයිලා අහල අහලා දැන් ජනතාවට මුන්වත් එපාවෙලා. මාද්‍ය සංදර්ශන තියනවා බොරුවට හිරේ අරිනවා ඇප දීලා ගෙදර එවනවා. බදු අඩු කරාට අත්‍යවශ්‍ය බාන්ඩ වල ගණන් අඩු උනෙත් නැහැ. ඒ මදිවට නාකි කොටළුවා වාසු වතුර බිලත් වැඩි කරනවලු. විදුලි බිලත් වැඩි කොරනවලු. හැබැයී, මුන් ගන්න වරප්‍රසාද වල කිසිම අඩුවක් නැහැ. පැහැදිලිවම මුන් දෙගොල්ලොම එකතු වෙලා මාරුවෙන් මාරුවට ජනතාවට අරින එක තමයී කොරන්නේ. ජනාධිපතිතුමා ටික කලකට හරි හමුදා පාලනයක් ගෙනැල්ල දෙපැත්තේම ඉන්න මුන් හැතිකොරේම පන්නලා දැම්මනං ඒක එතුමා ජනතාවට කරන විසාල සේවයක්.

      • රනිල් says:

        උඹ යූ ඇන් පී කාරයකේ ද ජේ වි පී කාරයකේද කියපං

        • ඩපයා says:

          බොලා එකෙක්වත් එපා. බෝලා ඔක්කොම කිසිම වැඩක් කොරන්නේ නැති පින් පඩි ගන්න, වරප්‍රසාද විතරක් ගන්න මැති ඇමතිකන් ගන්න කාල කන්නි මැක්කෝ. බොට අමතකද මුළු රටම 225 ම එපා කිව්වා කියලා? උඹ හිතනවනන් තමුන් UNP, JVP නැත්තන් පොහොට්ටු කාරයෙක් කියලා හිතන ජනතාවක් තමයී ගොටාබයට චන්දෙ දුන්නේ කියලා උඹ මහා මෝඩයෙක්. ජනතාවට ඕනේ වෙලා තිබ්බේ ඔය එකකටවත් අයිති නැති, මොලේ තියෙන, වැඩ කොරල පෙන්නපු, එඩිතර සිංහලයෙක්ව ජනාධිපති කොරන්න. දැන් ජනතාවට ඕනේ රටට කොඩිවිනයක් උණු 19 ඉවත් කරලා එතුමාගේ රට හදන ක්‍රියාවලියට අවන්කවම සහයෝගය දෙන එතුමා වගේම අවන්කවම රට ජාතිය ආගම ගැන හිතන කෙනෙක්ව. නැතුව තමුන් ගැනයී, තමුගේ පවුල ගැනයී, තමුන්ගේ ඊළඟ පරම්පරාව ගැනයී පමණක්ම හිතන් අගමැති වෙන්න දඟලන ජනාධිපතිතුමාගේ කකුලෙන්ආ අදින ත්මාර්ථකාමීක් නෙමෙයී.

  2. sanath says:

    Budun vahanse pirinivan paa vasara 2660 k vithara venave
    Sivura parana 2200 yi
    Thavath garaanaaavak da

  3. MD says:

    CHANDETA BEDANNA GATH CEMENT KOTTA WALATAI PAD KOTTA WALATAI GEWWANE.HA…DA?

  4. naga loke daathu says:

    Siwururaka kotasak kiyanne redi kaballak. Redi kaballak awurudu 2200 diranne nathiwa thibiya hakida? Mekath ara Kalaniye naga daathu wage ahinsaka buddhagam kaarayo andanna hadanawa!

  5. දලු බන්ඩා says:

    ඒ කාලේ අමාත්‍යාංශයට මහසොහොන් දිෂ්ඨිය තිබුනා. ඒ ප්‍රතිඵල තමයි මේ.

  6. malraj says:

    ආපු දවසේ ඉඳලා මුන් ගහන බයිලා අහල අහලා දැන් ජනතාවට මුන්වත් එපාවෙලා. මාද්‍ය සංදර්ශන තියනවා බොරුවට හිරේ අරිනවා ඇප දීලා ගෙදර එවනවා. බදු අඩු කරාට අත්‍යවශ්‍ය බාන්ඩ වල ගණන් අඩු උනෙත් නැහැ. ඒ මදිවට නාකි කොටළුවා වාසු වතුර බිලත් වැඩි කරනවලු. විදුලි බිලත් වැඩි කොරනවලු. හැබැයී, මුන් ගන්න වරප්‍රසාද වල කිසිම අඩුවක් නැහැ. පැහැදිලිවම මුන් දෙගොල්ලොම එකතු වෙලා මාරුවෙන් මාරුවට ජනතාවට අරින එක තමයී කොරන්නේ. ජනාධිපතිතුමා ටික කලකට හරි හමුදා පාලනයක් ගෙනැල්ල දෙපැත්තේම ඉන්න මුන් හැතිකොරේම පන්නලා දැම්මනං ඒක එතුමා ජනතාවට කරන විසාල සේවයක්.

  7. David Milli-banda says:

    leave the matter to the Law enforcers.

  8. Anoosh says:

    This Govt. should investigate into this matter, and if proven Sajith should be punished.