සජිත් ගස්.. සමරු ඵලක ගහන්න කෝටි 46ක මුදල් අවභාවිතා.. අපරාධ චෝදනා යටතේ නඩු…

March 6, 2021 at 2:10 pm | lanka C news
සජිත් ගස්.. සමරු ඵලක ගහන්න කෝටි 46ක මුදල් අවභාවිතා.. අපරාධ චෝදනා යටතේ නඩු…

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

යහපාලන රජයේ නිවාස අමාත්‍ය ධුරය දරමින් සමරු පලක සඳහා රුපියල් කෝටි 46 ක් වැය කළ බවට ඔහුට සහ එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට චෝදනා එල්ල වී ඇත.

යහපාලන රජයේ දූෂණ වංචා සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙසේ නිර්දේශ කර ඇතැයිද වාර්තා වේ.

30,817 views

15 Comments to “සජිත් ගස්.. සමරු ඵලක ගහන්න කෝටි 46ක මුදල් අවභාවිතා.. අපරාධ චෝදනා යටතේ නඩු…”

  1. සජබ​. says:

    සජිත් ඉන්නා තරමට අනෙක් පක්‍ෂ රැකෙන්නේය​.අඩියක් ඔසවා අඩියක් තබන සෑම මොහොතකම පට්ට කෙලවා ගැනීමක් ඔහු විසින්ම කර ගන්නා කෙනෙකු දේශපාළණ පිටියේ සුරක්‍ෂිතව තබා ගැන්ම අනෙක් අයගේ ජයග්‍රහණයට උත්තේජක සැපයීමකි.ඔහුට අත නොතබනු.

  2. බන්ගොයියා says:

    සමරු ඵලක වලට වියදම් කරපු එකම කෙනා සජිත්ද. හැකම් රජයේ සියලුම ආයතන වලින් පසුගිය වසර 20 විතර කාලය තුල සමරු ඵලක වලට කොපමන මුදලක් වියදම් කරලද කියල විගණනයක් කරන්න.

  3. Aurora says:

    සජිත් බන්ධනාගාරෙට හිරදඬුවම් ලබා ගෙනිනයනකොට ගොන්ජා වගේ බස්එකේ එල්ලිලා වීර ඇක්ෂන් එකක් දමන්න පුළුවන්. ජලනිට පුළුවන් අසාධාරණ ලෙස දශකයේ වීර දේශපාලන චරිතය වෙනුවට ස ජ බ ට නායකත්වය දෙන්න.

Main News