සජිත් – ගෝඨාභය පසුපස රෝ ඔත්තුකරුවෝ…
November 3, 2019 at 3:00 pm | lanka C news
ජනපතිධුර අපේක්ෂකයන් වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ මැතිවරණ ක්‍රියාදාමය ගැන ඉන්දීය බුද්ධි සේවාව වූ රෝ සංවිධානයේ චරපුරුෂයන් පිරිසක් විමර්ශනයේ යෙදෙන බව අනාවරණය වී ඇත.
යාපනය සහ හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාල පිහිටුවා තිබීම නිසා රෝ ඔත්තුකරුවන්ට මේ නිරීක්ෂණ කටයුතුවල යෙදීම පහසු වී තිබේ.
උතුරේ ආරංචිමාර්ග පැවසුවේ ඉන්දීය ජාතිකයන් යැයි සැකකරන පිරිසක් තමිල්නාඩුවේ සිට සති දෙකකට පෙර යාපනයට පැමිණ ඇති බවයි.
රෝ සංවිධානයට සෘජුව සම්බන්ධව උතුරේ ද්‍රවිඩ දේශපාලන කණ්ඩායම් දෙකක නායකයන්ද මොවුන් හමුවී ඇත.
2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන ලද්දේ රෝ සංවිධානය බව ඒ මහතා පසුව හෙළිකර තිබුණි.
මෙම රෝ ඔත්තුකරුවන් සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සෑම මැතිවරණ ප්රචාරක රැලියකටම ගොස් එහිදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සිදුකරන ප්‍රකාශ පටිගත කරන බවද ආරංචිමාර්ග කියා සිටියි.
මෙහිදී රෝ සංවිධානය වැඩිපුරම අවධානය යොමුකර ඇත්තේ ජනපති අපේක්ෂකයන් දෙදෙනා ඉන්දියාව සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත බව වාර්තා වී ඇත.
– divaina
ඕවා සාමන්‍ය දේවල්…. ප්‍රබල රටවල් තම ඔත්තුකරුවන් අදාල සෑම රටකම/ වැදගත් පුද්ගලයන් පසුපසව යමට සලසා ඇත..
අඟහරු වල ගඩොල් හොයා ගත්ත අපේ ප්‍රවීන මාද්යවේදියා ලියපු නිව්ස් එකක්ද?
උතුරේ ඉන්දියා තානාපති කාර්යාලීය යන එන අය සෝදිසි කල යුතුය
පාකිස්තානය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් ලෙසින් දේශපාලන රැකවරණ ලැබෙන තුරු ලංකාවේ රැඳී සිටින පාකිස්තානු අහමදියා කණ්ඩායම්වලින්ද සහාය ලබාගන්නා බවත් ඔවුන් අතරේ ද රෝ ඒජනත්තයන් සිටින බවත් හෙළිවී ඇතැයි බුද්ධි අංශ කියයි.
රෝ සංවිධානයෙහි අභ්‍යන්තර සංවිධානය පිළිබඳ වැඩි යමක් බාහිර පුද්ගලයෝ නොදනිති. ඇමරිකාවේ CIA, රුසියාවේ FSB සහ ඊශ්‍රායලයේ මොසාඩ් ආදිය සමඟ සසඳන කල රෝ සංවිධානය වෙත ලැබෙන අරමුදල් ප්‍රමාණය සාපේක්ෂව අඩු බව සාමාන්‍ය පිළිගැනීමය. රෝ සංවිධානයේ නිලධාරීන්ට විදෙස් භාෂා පුහුණුව, ආත්මාරක්ෂක සටන් කලාව මෙන්ම පරිපාලන කටයුතුද පුහුණු කරන බව සාමාන්‍ය විශ්වාසය වෙයි. පරිපාලන කටයුතු පුහුණු කිරීම මගින් විදෙස් රටවල තානාපති කාර්යාලයන්හි සේවය සඳහා තානාපති නිලධාරීන් වේශයෙන් බුද්ධි නිලධාරීන් යැවීමට අවස්ථාව ලැබීම ඊට හේතු වන බව කියයි.
ඉස්සර පොට්ටුඅම්මාන් මිනිස්සු බිය වද්දන්න කරපු දේවල් රට පුරාම කරන වැඩේ දැන් බාර කරලා තියෙන්නේ පොහොට්ටු-අම්මාන්ටයි.
පොහොට්ටු- අම්මාන් හිටපු කොටි,පරණ මිලිටරි කාරයෝ,තව්හිද් ජමාත් එක්ක එකතු වෙලා මොන මොන සෙල්ලම් ඉස්සරහට දායිද කියලා බලන්න තමයි ඉන්දියන් RAW එකෙන් ඇවිත් ඇත්තේ.
Mekaa nam CIA, FSB, RAW, Mozaard kiyana hama ekaagema kuliyata pakkalikam karana ekek.
He is the one who is commenting under Crmininal, John the baptice and ක්‍රිමිනල්.