සජිත් චකබ්ලාස්ට් කරමින් රනිල් අන්තිම කොලේ ගහයි.. කෘත්‍යාධිකාරියට අලුතින් 30ක් පත් කරයි.. ජනාධිපති අපේක්ෂක අලුත් බහුතරයෙන් තෝරයි..
August 25, 2019 at 10:15 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන තීරණාත්මක බල අර්බුදය හමුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණාත්මක පියවරක් ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.
ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පුරප්පාඩු වී ඇති තවත් සාමාජිකයන් 30 දෙනෙකු පත් කිරීමට නියමිතව තිබේ.
එම නව පිරිස අගමැතිවරයාට හිතවාදී පිරිසක් වනු ඇති බව එජාප ආරංචි මාර්ග කියා සිටි.
මෙම නව පත්කිරීම් මැතිවරණ කොමිසම වෙත ඉක්මනින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් භාරදීමට නියමිතව තිබේ.
මෙම නව පත්කිරීම් සමග එම පක්ෂයේ උප නායක සජිත් ප්‍රේමදාස මහතාට තිබූ කෘත්‍යාධිකාරි මණ්ඩලය බලය වහාම ඉවත් වී යන බව යනු ඇති බවද වාර්තා වෙයි.
ඉන්පසුව පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්තෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවද බොහෝ විට ඒ සජිත් ප්‍රේමදාස මහතා නොවනු ඇති බවත් ආරංචි මාර්ග කියා සිටී.
දැනටමත් එජාප ජනාධිපති අපේක්ෂක වීම සදහා කරු ජයසූරිය මහතා සියළු කටයුතු සූදානම් කරමින් ඇති බවද තව දුරටත් වාර්තා වෙයි.
This time UNP has no options. Sajith is the only chance. Any other candidate, they will lose very very badly.
UNP has no chance at all! Even if they field Sajith, he’ll fail miserably, guaranteed!